Home Sinhala ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඕස්ට්‍රේලියානුවන් යම් මට්ටමකට මෙල්ල කරයි

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඕස්ට්‍රේලියානුවන් යම් මට්ටමකට මෙල්ල කරයි

80

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරග තුනකින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (5) බ්‍රිස්බේන් හිදී නිමා වූයේ ශ්‍රී ලංකාවට ලකුණු 157ක දැවැන්ත පරාජයක් හිමිකර දෙමිනි. මෙම තරගාවලිය ද ICC එක්දින ක්‍රිකට් ශූරතාවලියට සමගාමීව පැවැත්වෙන තරගාවලියකි.

නව නායකත්වයක් සහිත තරුණයෝ ලොක්කන් මුණගැසෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයේ පසුව පාකිස්තානු……………

කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු නායිකා මැග් ලැනින් පළමුව පන්දුවට පහර දීමට අවස්ථාව ලබා ගත්තාය. පසුගිය දා නිමා වූ තෙවැනි විස්සයි විස්ස තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ශතකයක් ලබා ගත් එලයිසා හීලි ලකුණු 8කට දවා ගනිමින් තරගය සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට අචිනි කුලසූරිය සමත් විය. 

කෙසේ නමුත් ලකුණු 12කට එක් කඩුල්ලක් දැවී ගොස් තිබූ ඕස්ට්‍රේලියානු ඉනිම සඳහා සවිමත් අඩිතාලමක් වර්ධනය වූයේ ඉන් අනතුරුවයි. වමතින් පිතිකරණයේ නිරත වන රේචල් හේන්ස් සමඟ එක්වූ නායිකා ලැනින් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 126ක දැවැන්ත සබඳතාවයක් ගොඩනංවමින් තරගයේ වාසිය නැවතත් සිය කණ්ඩායම වෙතට ලබා ගන්නා ලදි. 

හීලි හා ලැනින් යන දෙදෙනාම ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අසරණ කරමින් දැඩි ප්‍රහාරයක් දියත් කළේ සිය අර්ධ ශතකයන් ද සම්පූර්ණ කරගෙනයි. ඕෂධී රණසිංහ දෙවන කඩුල්ල සඳහා වාර්තා වූ දැවැන්ත සබඳතාවය බිඳදමින් වේගවත් පිතිකරණයක නිරත වූ ලැනින්ගේ කඩුල්ල දවා ගත්තේ ඩිලනි මනෝදරාගේ ද සහය ඇතිවයි. ලැනින් පන්දු 66ක් තුල ලකුණු 73ක් වාර්තා කර ගත් අතර එම ඉනිම සඳහා 4 පහර 12ක් ඇතුළත් විය. ඇය විසින් අද දිනයේ දී වාර්තා කර ගත්තේ  සිය එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් 14 වැනි අර්ධ ශතකයයි. 

4 පහර 3ක් හා 6 පහර 2ක් ද සමඟ ලකුණු 56ක් වාර්තා කර ගත් හේන්ස්ගේ දැවී යාමට පසුව ඔවුන්ගේ කණ්ඩායමේ දල ලකුණු ලබා ගැනීමේ වේගය තරමක් දුරට අඩුකර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත් විය. 

එහි ප්‍රතිඵලයක් ලෙස ලකුණු 300 අභිබවා යන මට්ටමක සිටි ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 281කට සීමාකර ගැනීමට හැකි විය. ඕස්ට්‍රේලියානු මැදපෙළ හා පසුපෙළ සවිමත් කරමින් පිතිකරණයේ නිරත වූ බෙත් මූනි ද අර්ධ ශතකයක් ලබා ගත් අතර එය නොවන්නට ඕස්ට්‍රේලියානු ඉනිම තවත් අඩු ලකුණු මට්ටමකට සීමා කරගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබුණි.

ආසියානු නැගී එන කුසලානයට යන ශ්‍රී ලංකා කාන්තා සංචිතය

පළමු වතාවට පැවැත්වීමට නියමිත 2019 ආසියානු කුසලාන නැගී එන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන…………

පන්දු යැවීමේ දී වමතින් මද වේගපන්දු යවන උදේශිකා ප්‍රබෝධනී හා ඕෂධී රණසිංහ අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය. 

ඕස්ට්‍රේලියානු ඉනිමට පිළිතුරු දීම වෙනුවෙන් පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට අවස්ථාව උදා වූයේ නැත. ඒ අනුෂ්ක සංජීවනී ඇය මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගිය නිසයි. ඒ කඩුල්ල එලීසා පෙරීගේ නම ඉදිරියෙන් සටහන් විය. 

නායිකා ශෂිකලා සිරිවර්ධන හා හර්ශිතා සමරවික්‍රම පිළිවෙළින් ලබා ගත් ලකුණු 30 හා ලකුණු 22 ඇරෙන්නට අනෙකුත් කිසිදු ශ්‍රී ලාංකික පිතිකාරිණියක් හට සාර්ථක වීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නියන් අවස්ථාව ලබා දුන්නේ නැත. ශ්‍රී ලංකා ඉනිමේ සිටින අත්දැකීම් බහුලතම පිතිකාරිණිය වන චමරි අතපත්තුට අද දිනයේ දී ලකුණු 13න් නැවතීමට සිදු වූ අතර ඇයගේ ඉනිම නිමා කරන ලද්දේ ජෙස් ජොන්සීන් විසිනි. 

අවසානයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හට ඔවුන්ගේ පන්දුවාර 50 අවසන් වන තෙක් හෝ පිතිකරණයේ නිරත වීමට අවස්ථාව ලැබුණේ නැත. ශ්‍රී ලංකාව පන්දුවාර 41කුත් පන්දු 3ක් අවසානයේ සියල්ලන්ම දැවී වාර්තා කරගත්තේ ලකුණු 124ක් පමණි. 

  • තරගයේ වීරවරිය –  මැග් ලැනින්

Result


Sri Lanka Women
124/10 (41.3)

Australia Women
281/8 (50)

Batsmen R B 4s 6s SR
Rachael Haynes c Anushka Sanjeewani b Shashikala Siriwardene 56 76 3 2 73.68
Alyssa Healy c & b Achini Kulasuriya 8 8 1 0 100.00
Meg Lanning c Dilani Manodara b Oshadi Ranasinghe 73 66 12 0 110.61
Ellyse Perry run out () 19 23 19 23 82.61
Beth Mooney st Anushka Sanjeewani b Inoka Ranaweera 66 68 7 0 97.06
Ashleigh Gardner c Shashikala Siriwardene b Udeshika Prabodhani 7 10 1 0 70.00
Nicola Carey c Anushka Sanjeewani b Oshadi Ranasinghe 19 22 0 0 86.36
Jess Jonassen c Harshitha Madavi b Udeshika Prabodhani 7 9 0 0 77.78
Georgia Wareham not out 19 18 2 0 105.56
Megan Schutt not out 0 0 0 0 0.00


Extras 7 (b 0 , lb 1 , nb 0, w 6, pen 0)
Total 281/8 (50 Overs, RR: 5.62)
Fall of Wickets 1-12 (3.3) Alyssa Healy, 2-138 (24.1) Meg Lanning, 3-146 (25.4) Rachael Haynes, 4-188 (34.5) Ellyse Perry, 5-203 (37.6) Ashleigh Gardner, 6-247 (44.3) Beth Mooney, 7-255 (45.5) Nicola Carey, 8-274 (49.2) Jess Jonassen,

Bowling O M R W Econ
Udeshika Prabodhani 9 0 46 2 5.11
Achini Kulasuriya 9 0 54 1 6.00
Oshadi Ranasinghe 10 0 67 2 6.70
Inoka Ranaweera 9 0 46 1 5.11
Harshitha Madavi 1 0 10 0 10.00
Chamari Athapaththu 2 0 13 0 6.50
Shashikala Siriwardene 10 0 44 1 4.40


Batsmen R B 4s 6s SR
Chamari Athapaththu c Beth Mooney b Jess Jonassen 13 32 1 0 40.62
Anushka Sanjeewani b Ellyse Perry 0 1 0 0 0.00
Harshitha Madavi c Alyssa Healy b Tayla Vlaeminck 22 25 4 0 88.00
Hansima Karunarathne run out (Alyssa Healy) 17 42 2 0 40.48
Dilani Manodara lbw b Jess Jonassen 14 33 1 0 42.42
Shashikala Siriwardene c Ellyse Perry b Ashleigh Gardner 30 51 3 0 58.82
Nilakshi de Silva c Alyssa Healy b Georgia Wareham 8 30 1 0 26.67
Oshadi Ranasinghe run out (Alyssa Healy) 2 3 0 0 66.67
Udeshika Prabodhani not out 0 16 0 0 0.00
Achini Kulasuriya b Ashleigh Gardner 1 10 0 0 10.00
Inoka Ranaweera c Rachael Haynes b Tayla Vlaeminck 1 7 0 0 14.29


Extras 16 (b 1 , lb 4 , nb 1, w 10, pen 0)
Total 124/10 (41.3 Overs, RR: 2.99)
Fall of Wickets 1-3 (0.6) Anushka Sanjeewani, 2-35 (6.6) Harshitha Madavi, 3-46 (11.6) Chamari Athapaththu, 4-64 (19.2) Hansima Karunarathne, 5-89 (26.2) Dilani Manodara, 6-110 (33.5) Nilakshi de Silva, 7-117 (35.4) Oshadi Ranasinghe, 8-117 (36.2) Shashikala Siriwardene, 9-119 (38.5) Achini Kulasuriya, 10-124 (41.3) Inoka Ranaweera,

Bowling O M R W Econ
Ellyse Perry 3 0 13 1 4.33
Megan Schutt 3 0 18 0 6.00
Tayla Vlaeminck 7.3 3 14 2 1.92
Jess Jonassen 8 2 17 2 2.12
Ashleigh Gardner 9 4 9 2 1.00
Georgia Wareham 8 1 36 1 4.50
Nicola Carey 3 0 12 0 4.00



දෙරට අතර පැවැත්වෙන මීළඟ එක්දින ක්‍රිකට් තරගය අනිද්දා (7) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5.30ට ආරම්භ වන අතර තරගය බ්‍රිස්බේන් හිදී පැවැත්වීමට නියමිතයි.

මේ තරගාවලියේ සියලුම තරග වාර්තා, නවතම පුවත් සහ ලකුණු සටහන් ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<