දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කෙරේ

328

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය මෙම මස 29 වැනිදා සිට පෙබරවාරි මස 18 වැනිදා දක්වා පැවැත්වෙන අතර එයට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අනුමැතිය ලබා දී තිබේ.

දශකයක් පුරා ක්‍රීඩාවට හදවතින්ම

ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com අපි…

මෙවර ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකානු සංචාරයේදී එක්දින තරග 3ක් සහ විස්සයි-විස්ස තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර ඒ සඳහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර ඇත.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කරනු ලැබුවේ පසුගිය වසරේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියයි. එහි දී තරග 4කට මුහුණ දුන් ඔවුන් බංග්ලාදේශය සමඟ පැවති තරගය ජයග්‍රහණය කළ අතර දකුණු අප්‍රිකාව සහ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමඟ පැවති තරග දෙක පරාජයට පත්විය. එංගලන්තය සමඟ පැවති තරගය වර්ෂාව හේතුවෙන් ජයපරාජයකින් තොරව නිමාවට පත්විය.

මෙවර ද ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හිමිවී ඇත්තේ අත්දැකීම් බහුල ක්‍රීඩිකාවක වන චමරි අතපත්තු හටයි. තවද තාරිකා සෙව්වන්දි මෙම තරගාවලියේ දී තම ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ක්‍රීඩා කරනු ඇත. 21 හැවිරිදි ඇය වමතින් වේගපන්දු යවන්නියකි.

පොදුරදමඬුලු දොරට කාන්තා ක්‍රිකට් තට්ටු කරයි

පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 73ක සහභාගිත්වයෙන් 2022 වසරේ ජූලි මස 27 ….

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් සංචිතය

චමරි අතපත්තු (නායිකා), ප්‍රසාදනි වීරක්කොඩි, අනුෂ්කා සංජීවනි, තාරිකා සෙව්වන්දි, හසිනි පෙරේරා, ඉමල්කා මෙන්ඩිස්, හර්ෂිතා සමරවික්‍රම, ශශිකලා සිරිවර්ධන, නිලක්ෂි ද සිල්වා, උමේෂා තිමාශිනි, කවීෂා දිල්හාරි, අචිනි කුලසූරිය, උදේශිකා ප්‍රබෝදනී, ඉනෝකා රණවීර, ඕෂදී රණසිංහ.

අතිරේක ක්‍රීඩිකාවන් – හංසිමා කරුණාරත්න, මදුෂිකා මෙත්තානන්ද, සත්‍යා සංදීපනි, ඉනෝෂි ප්‍රනාන්දු, සුගන්දිකා කුමාරි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<