ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමට 6 වන ස්ථානය

239

විශිෂ්ට ඝනයේ ක්‍රීඩා විලාශයකින් ප්‍රබල සටනක් දියත් කළ ද, අවාසනාවන්ත ලෙස යලිත් වරක් හොංකොං ක්‍රීඩිකාවන් හමුවේ තියුණු පරාජයක් අත් විඳි ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමට, අද (15) සවස කොළඹ තුරඟ තරග රග්බි ක්‍රීඩාංගණයේ දී අවසන් වූ ආසියානු ශූරතා කාන්තා සත් සාමාජික රග්බි තරගාවලියේ පළඟ අනුශූරතාවයෙන් සෑහීමකට පත් වන්නට සිදු විය.

ශ්‍රී ලංකා කාන්තාවන් පළමු දිනය ජයග්‍රහණයක් සමඟින් අවසන් කරයි

ආසියානු සත් සාමාජික කාන්තා රග්බි තරගාවලියේ 3 වන අදියර ඊයේ (14) කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර..

ඊයේ පැවති පළමු වටයේ තරගයක දී හොංකොං කණ්ඩායම හමුවේ ලකුණු 10-05ක් ලෙස ලද තවත් තියුණු පරාජයක වාඩුව ගැනීමේ අවස්ථාව වූ මෙම පළඟ ශූරතා අවසන් තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කළේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ හිටපු නායිකා තනුජා වීරක්කොඩි විසින්. පළමු හිමිකාරිය ලෙස පන්දුව ලබාගත් ඇය ප්‍රතිවාදී ක්‍රීඩිකාවක් මුලා කරමින් ද, ආරක්ෂක ක්‍රීඩිකාවකගේ ආක්‍රමණයෙන් ගැලවෙමින් ද, සීමා ඉර වෙත පන්දුව රැගෙන ගිය අතර එහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත.

හොං කොං ක්‍රීඩිකාවන් මද වෙලාවකින් ලකුණු සම කරන්නට සමත් වුනේ කා යැංග් චොං වාර්තා කළ උත්සාහයක දිනුමක් මගිනුයි. ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ වාසිය නැවත ලබා ගැනීමේ ස්වර්ණමය අවස්ථාවක් උදා වුනේ දුලානි පල්ලිකොන්දගේ පන්දුවත් රැගෙන ප්‍රතිවාදී උත්සාහක දිනුම් රේඛාව අසලටම දර්ශනීය ධාවනයක යෙදීමත් සමඟයි.

සීමාව ආසන්නයේ දී ම ප්‍රතිවාදී ක්‍රීඩිකාවක විසින් බිම හෙලනු ලැබූ ඇය පන්දුව සිය සහයට පැමිණි ක්‍රීඩිකාව වෙත යොමු කරන අවස්ථාවේ හොං කොං ක්‍රීඩිකාවක් හිතා මතාම පන්දුවට පහරක් එල්ල කළ නමුත්, විනිසුරු එම නීති විරෝධී ක්‍රියාව නොදැකීම හේතුවෙන් ශ්‍රී ලංකාවට හිමිවීමට තිබූ වාසිය අහිමි විය.

පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකාවට තීරණාත්මක ජයක්

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ 3 වන අදියර අද (14) කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර එහි දී චීන තායිපේ..

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 5 – හොං කොං 5

දෙවන අර්ධයේ දී කණ්ඩායම් දෙකේම ක්‍රීඩිකාවන් අතිශය සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරන ලදි. අත්දැකීම් බහුල හොං කොං කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් භාවිත කළ ආරක්ෂක උපක්‍රම විශිෂ්ට මට්ටමක පැවති අතර හොං කොං ක්‍රීඩිකාවන් එම පීඩනය ඉතා ඉවසිලිවන්ත ලෙස දරා සිටින්නට සමත් විය. ඇතැම් විනිසුරු තීරණ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අවාසි සහගත ලෙස ලැබුණ ද හොං කොං ක්‍රීඩිකාවන් අතිශය ඉහළ මට්ටමේ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ බවද කිව යුතුමය.

අවසාන මිනිත්තුව දක්වා කරට කර සටනක යෙදුණු කණ්ඩායම් දෙක අතරින් හොං කොං කණ්ඩායම ඉදිරියට ගෙන ගිය ජයග්‍රාහී උත්සාහක දිනුම වාර්තා කළේ ද කා යැංග් චොං විසිනුයි. කෙසේ වෙතත් මෙම දස්කම් මගින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගත හැකි අභිප්‍රේරණය අනාගතය සඳහා සුබ ලකුණක් ලෙස දැක්විය හැක. මෙවර තරගාවලියේ 6 වන ස්ථානයෙන් සෑහීමකට පත් වන්නට සිදු වුවත්, නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමෙන් ජාත්‍යන්තර මට්ටමේ පෙරළි කිහිපයක් දැක බලා ගත හැකි වනු ඇති.

තරග ප්‍රතිඵලය: ශ්‍රී ලංකාව 05 – හොං කොං 12


පළඟ ශූරතා අවසන් තරගයට පහසු ප්‍රවිෂ්ටයක්

අද උදෑසන කුසලාන අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමි කර ගත්ත ද, පළඟ අවසන් පූර්ව තරගයේ දී පහසු ජයක් ලබන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණි. අධික වර්ෂාව හේතුවෙන් පිටියේ ක්‍රීඩා කිරීම අපහසු තත්ත්වයකට පත් වුවත් ක්‍රීඩාශීලීත්වය ගිලිහීමට ඉඩ නොදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සිංගප්පූරුවට එරෙහිව පැවති මෙම තරගය ජය ගත්තේ ලකුණු 32-05ක් ලෙසින්.Sri Lanka Women’s Rugby

පළමු අර්ධය ආරම්භයේ දී ශ්‍රී ලංකාව රැස් කළ උත්සාහක දිනුමට පිළිතුරු ලෙස සිංගප්පූරුව ද උත්සාහක දිනුමක් වාර්තා කරන ලදි. කෙසේ වෙතත් එතැන් පටන් ප්‍රතිවාදීන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු අර්ධය තුල තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළ අතර ප්‍රවර්තනයක් ද සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු අර්ධය අවසන් කළේ ලකුණු 17-05ක් ලෙස පෙරමුණ ගනිමිනුයි.

දෙවන අර්ධය තුල දී තම ආක්‍රමණය තවත් දැඩි කළ සත්කාරක ක්‍රීඩිකාවන් හමුවේ සිංගප්පූරුව පසුබා යද්දී තවත් උත්සාහක දිනුම් 3 ක් වාර්තා කරමින් දැවැන්ත ජයග්‍රහණයක් සම්පූර්ණ කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය.

තරග ප්‍රතිඵලය: ශ්‍රී ලංකාව 32 – සිංගප්පූරුව 05

වෙනස්කම් 4ක් සහිතව ශ්‍රී ලංකා රග්බි සංචිතය එළියට

ලබන 14 සහ 15 දෙදින පුරාවට කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන හා අවසන් අදියර සඳහා තරග..

කසකස්තානය පහසුවෙන් ශ්‍රී ලංකාව පරදවයි

වෙහෙසකාරී පළමු දිනයේ විඩාව හැකි පමණින් නිවා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද උදෑසන පිටියට පිවිසි අතර කුසලාන අර්ධ අවසන් පූර්ව ස්ථානයක් සඳහා ඔවුන් හමුවේ තිබූ අභියෝගය ප්‍රබල කසකස්තාන කණ්ඩායමයි. තරග ආරම්භයේ දී ම කසකස්තානයේ ශක්තිමත් අංක 6 ක්‍රීඩිකාව උත්සාහක දිනුමක් වාර්තා කරන ලදි. එම අර්ධය තුල ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු දිනයේ ප්‍රදර්ශනය කළ සටන්කාමීත්වය මදක් ගිලිහී ඇති අයුරක් ද දක්නට ලැබුණි.

පළමු අර්ධය: කසකස්තානය 5 – ශ්‍රී ලංකාව 0

දෙවන අර්ධයේ දී කණ්ඩායම් දෙකම කරට කර සටනක් දුන් අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වර්ධනයක් දක්නට ලැබුනත් පන්දුවේ අයිතිය වැඩි කාලයක් පැවතුණේ ප්‍රතිවාදීන් සතුවයි. ශ්‍රී ලංකා කණ්ඩායමට ද අවස්ථා කිහිපයක් ලැබුනත් ඉන් ප්‍රයෝජන ගැනීමට අසමත් වීම අවාසනාවක් විය. අවසන් මිනිත්තු දෙක වන විටත් ලකුණු 5ක් පසුපසින් සිටි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සාමාජිකාවන් 6 දක්වා අඩු වුනේ අනුෂා අත්තනායක හට අනතුරුදායක ආක්‍රමණයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වීමට සිදුවීම නිසාවෙනුයි.

ක්‍රීඩිකාවක් වැඩි වීමේ වාසියෙන් උපරිම ප්‍රයෝජන ගත් කසකස්තාන කණ්ඩායම අවසන් මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් සමගින් තරග ජයග්‍රහණය තහවුරු කර ගත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළඟ ශූරතා සටන දක්වා පහතට ඇද දමමිනුයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<