රණවීර හා අමාගේ මෙහෙයුම අසාර්ථකයි

156

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වූ පළමු විස්සයි විස්ස තරගය ලකුණු 71කින් ජයග්‍රහණය කිරීමට කොදෙව් කාන්තා කණ්ඩායම සමත් විය.

කොදෙව් කාන්තාවන්ට සුපිරි ජයක්

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා..

ඇන්ටිගුවා හිදී පැවැත්වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකාරිනියන් ලෙස පිටියට පිවිසි හේලී මැතිව්ස් හා නායක ස්ටෙෆනි ටේලර්, පළමු කඩුල්ල සඳහා ලකුණු 67ක අගනා සබඳතාවයක් ගොඩනැංවූයේ, ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ ආරම්භයේ පටන් දැඩි පීඩනයක් ලබා දෙමිනි.

පන්දු 37ක දී 4 පහර 5ක් සමඟින් ලකුණු 37ක් ලබා සිටි හේලී, ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ පළමු ගොදුර බවට පත්විය. එම කඩුල්ල හිමි වූයේ ඉනෝකා රණවීර හටයි. ටේලර් හා ඩියැන්ඩ්‍රා ඩොට්න්ගේ සබඳතාවය ද වැඩි වේලාවක් පැවතුණේ නැත. ටේලර් 4 පහර 3ක් සමඟින් ලකුණු 31ක් ලබාගෙන සිටිය දී සිය ඉනිම අවසන් කර ගත්තාය. ලකුණු 106ක් තුළ කඩුලු 4ක් දැවී සිටිය දී මෙරීසා ඇගියුලේරියා හා බ්‍රිට්නි කූපර් ලකුණු 34ක නොදැවුණු සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වූයේ, කොදෙව් කාන්තාවන් ලකුණු 140ක් දක්වා රැගෙන යමිනි. මෙරීසා ඇගියුලේරියා නොදැවී ලකුණු 22*යි. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා නායිකා රණවීර කඩුලු 2ක් දවා ගන්නා ලදි.

දසුන්ගේ ශතකයෙන් පසු පන්දු යවන්නන් වැඩ අල්ලයි

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’..

ලකුණු 141ක ඉලක්කයක් හඹා යාමේ අදිටනින් පිටියට අවතීර්ණ වූ ශ්‍රී ලංකා කාන්තාවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 69ක් පමණි. එහි දී අමා කාංචනා එක් 4 පහරක් සමඟින් ලකුණු 18ක් ලබාගෙන සිටිය දී ඩොටින්ගේ පන්දුවකට දැවී ගියාය. අමාගේ 4 පහර හැරෙන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තවත් 4 පහරක් හෝ 6 පහරක් ලබා ගැනීමට නොහැකි විය.  

අවසානයේ ලකුණු 71ක දැවැන්ත පරාජයකට හිමිකම් කීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වූ අතර, පන්දු යැවීමේ දී ශකීරා සෙලමන් හා අනීසා මොහොමඩ් කඩුලු 2ක බැගින් දවා ගන්නා ලදි.

කොදෙව් කාන්තා කණ්ඩායම – 140/4 (20): හේලී මැතිව්ස් 37, ස්ටෙෆනි ටේලර් 31, මෙරීසා ඇගියුලේරියා 22*, ඉනෝකා රණවීර 2/35.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – 69/7 (20): අමා කාංචනා 18, ශකීරා සෙලමන් 2/07, අනීසා මොහොමඩ් 2/14.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුතු විස්සයි විස්ස තරගාවලියේ, 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට කොදෙව් කාන්තාවන්ට හැකි විය. මෙම තරගාවලියේ මීළඟ තරගය ලබන 22 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 4ට මෙම ක්‍රීඩා පිටියේ දී ම පැවැත්වේ.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<