පළමු අදියරට අත්දැකීම් බහුල කාන්තා සංචිතයක්

484
Sri Lanka Women's 7s

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සත් සාමාජික පිරිමි සංචිතය ඊයේ (21) සවස නම් කළ අතර අද ඒ සඳහා සහභාගී වන කාන්තා සත් සාමාජික සංචිතය ද නම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ක්‍රීඩිකාවන් 11 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය ලබන සතියේ දී තරගාවලියේ පළමු අදියර සඳහා දකුණු කොරියාව බලා පිටත් වීමට නියමිතයි.

නවකයින් 4ක් ජාතික රග්බි සංචිතයට

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු වටය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ජාතික රග්බි…

මෙම අත්දැකීම් බහුල සංචිතයේ නායිකාව ලෙස නාවික හමුදා කාන්තා කණ්ඩායමේ ප්‍රවීණ ක්‍රීඩිකාවක් වන සංජීවනී ද සිල්වා පත් කර ඇත. එසේම ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික කණ්ඩායම පසුගිය තරගාවලියේ දී 5 වැනි ස්ථානය හිමිකර ගත්තේ ප්‍රබල තායිලන්ත කණ්ඩායම පරාජය කරමිනි. 

එසේම ඔවුන් ප්‍රබල කණ්ඩායම් වන කසකස්තානය හා ජපානය වැනි රටවල් වලට එරෙහිව ද හොඳින් ක්‍රීඩා කිරීම විශේෂත්වයක්. පසුගිය වර්ෂයේ පෙන්වූ දක්ෂතා ද සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික කණ්ඩායම මේ වසරේ දී කෙසේ හෝ පළමු කණ්ඩායම් 4 අතර තම ස්ථානය තහවුරු කරගැනීමට වෙර දරමින් සිටියි. 

තවත් හැව්ලොක් පුරුකක් CR සමඟ එක්වෙයි

හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඉදිරිපෙළ Second Row ස්ථානයේ ක්‍රීඩා කළ ශාරෝ..

ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික තරගාවලියේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ප්‍රවීණ ක්‍රීඩක සුදත් සම්පත් ක්‍රියා කරන අතර ඔහුට සහය වශයෙන් උපාලි වික්‍රමසිංහ කටයුතු කරමින් සිටියි.

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන කාන්තා සංචිතය පහතින්.

සජීවනී ද සිල්වා (නායිකා), අනුෂා අත්තනායක, අයේෂා කළුආරච්චි, දුලානි පල්ලික්කොණ්ඩගේ, රන්දිකා කුමුදුමාලී, ශානිකා මදුමාලි, තීක්ෂණා ලියනගේ, තනූජා වීරක්කොඩි, වාසනා වීරක්කොඩි, නිමේෂා විජේවර්ධන, ජීවන්ති ගුණවර්ධන.

ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික කණ්ඩායම අගෝස්තු 28 වැනි දින ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර සඳහා සහභාගී වීමට දකුණු කොරියාව බලා පිටත් වීමට සූදානමින් සිටියි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<