නායකත්වයේ වගකීම ඉටු කළ නර්ක් ශ්‍රී ලංකාවේ හරහට හිටී

109

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දීර්ඝ ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු විස්සයි – විස්ස ක්‍රිකට් තරගය කඩුලු 7කින් ජය ගැනීමට ප්‍රබල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (1) සමත් විය.

පන්දු රකින්නන්ගේ ආශීර්වාදයෙන් කැන්ගරුවන් කරණම් ගසති!

ප්‍රතිවාදීන්ගේ කඩුලු 3ක් ලකුණු 28ක් තුල දවා ගනිමින් හොඳින් තරගයට පිවිසුණු ශ්‍රී ලංකා පිළේ බලාපොරොත්තු අළු දූවිලි කර දැමීමට අද

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අවසරයෙන් පිටියට පැමිණි අනුෂ්කා සංජීවනී හා වමතින් පිත්ත හසුරුවන හසිනි පෙරේරා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 20ක සබඳතාවයක් ගොඩනැංවූයේය.

ඉන්පසුව පිටියට අවතීර්ණ වූ ශ්‍රී ලංකා නායිකා චමරි ලකුණු 7ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී ගියේ දකුණු අප්‍රිකානු නායිකාව වන ඩෑන් වෑන් නර්ක් එවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසයි. ශ්‍රී ලංකා මුල්පෙළ රැකගැනීමට වෙරදැරූ හසිනි 4 පහර 3ක් සමඟින් ලකුණු 27ක් රැස්කරගෙන සිටිය දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන කඩුල්ල ලෙස දැවී ගියා ය.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පා දඟපන්දු යවන ක්‍රීඩිකාවක් වන නර්ක් හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා මැදපෙළ පිතිකාරිනියන් එකා පසුපස එකා ක්‍රීඩාගාරයට හැරී එද්දී මැදපෙළ තරමක් මට්ටමින් හෝ ආරක්ෂා කර ගත් දකුණතින් පිත්ත හසුරවන පිතිකරිනියක් වන ඉමල්කා මෙන්ඩිස්  නොදැවී ලකුණු 25*ක් ලබා ගත්තේ 4 පහර දෙකක් සිය ලකුණු සටහනට එක්කාසු කරගෙනයි. ඒ සඳහා ඇයට වැය වූයේ ශ්‍රී ලංකා ඉනිමේ පන්දු 24ක් පමණි. අවසානයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 90ක් ලබා ගන්නා ලදි.

වැරැද්ද හදාගන්න අකිල සූදානමින්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිට දඟපන්දු යවන ක්‍රීඩකයෙක් වන අකිල දනංජය ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කර ගැනීමට පසුව/p>

ලකුණු 91ක පහසු ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 14කුත් පන්දු දෙකක් තුල සටහන් කරගන්නා ලදි. එහි දී දකුණතින් පිතිකරණයේ නිරත වන නායිකා නර්ක් පන්දුවෙන් දැක්වූ දස්කම්වලට අමතරව පිතිකරණයෙන් ද සාර්ථක වූයේ නොදැවී ලකුණු 71*ක් ලබාගෙනයි. පන්දු 55ක් තුල වාර්තා වූ ඇයගේ මෙම 10 වැනි අර්ධ ශතක ඉනිම සඳහා 4 පහර 13ක් අන්තර්ගත විය.

විස්සයි – විස්ස ක්‍රිකට් තරග 3කින් සමන්විත මේ තරගාවලියේ පළමු තරගය අවසානයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම තරග 1-0ක් ලෙස ඉදිරියෙන් පසුවෙන අතර තරගාවලියේ දෙවන තරගය හෙට (3) ජොහැන්නස්බර්ග් හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව – 90/8 (20): හසිනි පෙරේරා 27, ඉමල්කා මෙන්ඩිස් 25, ඩෑන් වෑන් නර්ක් 3/12

දකුණු අප්‍රිකාව – 94/3 (14.2): ඩෑන් වෑන් නර්ක් 71*

තරගයේ වීරවරිය – ඩෑන් වෑන් නර්ක් (දකුණු අප්‍රිකාව)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<