ඔලිම්පික් යන්න 17න් පහළ රග්බි බාලිකාවන්ගෙන් වෑයමක්

262

ලබන වසරේ දී පැවැත්වෙන යොවුන් ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අරමුණ ඇතිව, වයස අවුරුදු 17න් පහළ ආසියානු සත් සාමාජික බාලිකා රග්බි තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වයස අවුරුදු 17න් පහළ ජාතික රග්බි කණ්ඩායමක් සහභාගී කර වීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය (SLR) කටයුතු සූදානම් කර ඇත.

19න් පහළ ජාතික රග්බි කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙපළක්

වයස අවුරුදු 19න් පහළ ආසියානු රග්බි ශූරතාවලිය එළඹෙන දෙසැම්බර් මාසයේ දී ආරම්භ වීමට…

සත් සාමාජික රග්බි තරග ඔලිම්පික් තරගාවලිය සඳහා ක්‍රීඩා ඉසව්වක් ලෙස පිළිගැනීමත් සමඟ මෙම වයස අවුරුදු 17න් පහළ ආසියානු සත් සාමාජික බාලිකා රග්බි තරගාවලිය යොවුන් ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයක් ලෙස පැවැත්වෙනු ඇත. ඒ අනුව මෙම තරගාවලිය මෙම මස 29 සහ 30 දෙදින තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 12ක් සහභාගී වන නමුත් ලබන වසරේ දී බුවනෝස් අයර්ස් නුවර දී පැවැත්වීමට නියමිත යොවුන් ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබන්නේ ඉන් එක් කණ්ඩායමක් පමණි. කෙසේ නමුත් වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා ජාතික බාලිකා රග්බි කණ්ඩායමට මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට අවශ්‍ය සියලුම කටයුතු මේ වන විටත් ශ්‍රී ලංකා රග්බි ආයතනය මඟින් සූදානම් කර ඇත.

මෙම තරගාවලිය සඳහා පුහුණු සංචිතයක් තෝරා ගැනීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය රුවන්වැල්ලේ දී සහ බස්නාහිර පළාත තුළ වයස අවුරුදු 18න් පහළ බාලිකා රග්බි තරගාවලි කිහිපයක්ම පැවැත්වීමට කටයුතු කළ අතර ඒ හරහා තෝරාගත් ක්‍රීඩිකාවන් මේ වන විට ශ්‍රී ලංකා ජාතික කාන්තා රග්බි කණ්ඩායමේ පුහුණුකරු සුදත් සම්පත් මහතා යටතේ කොළඹ දී පුහුණුවීම් කටයුතුවල නිරතව සිටී.

“පසුගිය සති දෙකක කාලයේ දී මේ ක්‍රීඩිකාවන් ලොකු වර්ධනයක් පෙන්නුම් කළා. මම හිතනවා අපිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා.”

මෙවර නව අභියෝගයක් පැවරී ඇති කණ්ඩායමේ පුහුණුකරු සුදත් සම්පත් මහතා අදහස් දක්වමින් පැවසීය. ඒ අනුව ශ්‍රී ලංකාව වයස අවුරුදු 20න් පහළ කිරුළ කරා මෙහෙය වූ සම්පත් මහතා විශ්වාසයෙන් ප්‍රකාශ කර සිටියේ ආරම්භයක් ලෙස කණ්ඩායම පළමු තරග වටයෙන් ඉදිරියට යනු ඇති බවයි.

ඒ අනුව ශ්‍රී ලංකාව ‘C’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වන අතර එහි සිටින අනෙක් කණ්ඩායම් වන්නේ හොං කොං සහ පිලිපීන කණ්ඩායම් ය. එහි දී පළමු ස්ථාන දෙක අතර රැඳෙමින් පළමු වටය අවසන් කරන කණ්ඩායම් ද්විත්වය තරගාවලියේ ශූරතා කුසලානය සඳහා වන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

පසුගිය වසරේ දී ඩුබායි හිදී පැවති වයස අවුරුදු 18න් පහළ තරගාවලිය කාන්තා රග්බි ක්‍ෂේත්‍රය තුළ පැවැත්වුණු මේ ආකාරයේ පළමු තරගාවලිය වන අතර එය තවත් ඉදිරියට රැගෙන ගොස් මේ වසරේ දී මෙම තරගාවලිය පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

“ක්‍රීඩිකාවන් ඉතාමත් උනන්දුවෙන් මේ ක්‍රීඩාවේ නිරත වෙනවා. කාන්තා රග්බි ක්‍ෂේත්‍රයට ගොඩක් වැදගත් දෙයක් ඒක.”

ඕල් බ්ලැක්ස්ට 2000යි

සරත් සෘතුවේ ඇරඹුමත් සමඟින් නවසීලන්ත ඕල් බ්ලැක්ස් රග්බි කණ්ඩායම යුරෝපානු සංචාරයක…

ජාතික සත් සාමාජික කණ්ඩායමේ පුහුණුකරු පීටර් වුඩ්ස් මහතා CR & FC ක්‍රීඩාංගණයේ දී පැවති පුහුණු සැසියකට එක්වෙමින් අදහස් දක්වමින් පැවසීය.

තරගාවලිය සඳහා එක්වන ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගෙන් යුත් අවසන් සංචිතය මෙම සතිය ඇතුළත තෝරා ගැනීමට කටයුතු සිදු කෙරෙන අතර කණ්ඩායම තරගාවලිය සඳහා සහභාගී වීමට මෙම මස 26 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතයි.

  • ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ බාලිකා රග්බි කණ්ඩායම සහභාගී වන තරග:   
  • 2017 නොවැම්බර් 29 – ශ්‍රී ලංකාව සහ පිලිපීනය ප.ව. 2.14 (ශ්‍රී ලංකා වේලාවෙන් – GMT 5.30+)
  • 2017 නොවැම්බර් 29 – ශ්‍රී ලංකාව සහ හොං කොං ප.ව. 6.46 (ශ්‍රී ලංකා වේලාවෙන් – GMT 5.30+)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<