ශ්‍රී ලංකාවට තෙවැනි සහ සිව්වැනි ස්ථානය

333

බෝර්නියෝ සත්සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා වූ තරගයෙන්, සිය සම්ප්‍රදායික ප්‍රතිවාදීන් වූ හොංකොං කණ්ඩායම හමුවේ අවාසනාවන්ත ලෙස පරාජය වූ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩයම තරගාවලියේ සිව්වැනි ස්ථානය දිනා ගනිද්දී, කාන්තා කණ්ඩායම තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

නොසිතූ ලෙස ශ්‍රී ලංකාව අවසන් සටනින් එළියට

සියලු බලාපොරොත්තු බිඳ දමමින් ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි සත්සාමාජික රග්බි කණ්ඩයම් පිළිවෙළින්..

බෝර්නියෝ සත්සාමාජික රග්බි තරගාවලියේ අවසන් දිනය වූ ඊයේ (19) ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකම කුසලාන අවසන් පූර්ව තරගයෙන් පරාජය වූ අතර තෙවැනි ස්ථානය සඳහා පිරිමි කණ්ඩායමට හොංකොං සමඟත්, කාන්තා කණ්ඩායමට සිංගප්පූරුව සමඟත් තරග වැදීමට සිදු විය.

ඉතා තියුණු තරගයකින් අනතුරුව අවාසනාවන්ත ලෙස ලකුණු 17-20ක් ලෙස හොංකොං හමුවේ පරාජය වීමට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට සිදු වූ අතර ඔවුන්ට සිව්වැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදු විය.

අවසන් පූර්ව වටයේ දී තායිලන්තය හමුවේ පරාජය ලැබූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩයම තෙවැනි ස්ථානය සඳහා වූ තරගයේ දී ලකුණු 24-05ක් ලෙස ඉතා පහසුවෙන් සිංගප්පූරු කණ්ඩයම පරාජය කරමින් තෙවැනි ස්ථානයට පත්වීමට සමත් විය.

ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩයම ක්‍රීඩා කළ විලාසය අනුව තෙවැනි ස්ථානයෙන් එතරම් සෑහීමකට පත්විය නොහැකි වුවත්, මෙම තරගාවලියෙන් ගන්නා ලද අත්දැකීම් ඉදිරි තරගාවලි සඳහා මහත් රුකුලක් වනු ඇත.

කාන්තා රග්බි කණ්ඩායම සම්මාන දිනා ගැනීමෙන් අනතුරුව.

ප්‍රතිඵලය කෙසේ වුවත් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ආසියානු සත්සාමාජික රග්බි තරගාවලිය, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හා ආසියානු ක්‍රීඩා උළෙල වැනි තරගාවලි සඳහා නිමා වූ බෝර්නියෝ සත්සාමාජික තරගාවලිය ඉතා හොඳ පුහුණු තරගාවලියක් වනු ඇත.   

වයස අවුරුදු 23න් පහළ ක්‍රීඩකයින් 90%ක් නියෝජනය කළ කණ්ඩායමකින් බලාපොරොත්තු විය හැකි දස්කම් සියල්ල දක්නට ලැබුණු අතර ඔවුන් ලද අත්දැකීම් රාශියෙන් ඉදිරි තරගාවලි සඳහා සැලසුම් සකස් කරනු ඇත.    

සිය මංගල සංචාරයට සහභාගී වූ අදිශ වීරතුංග හා සිතුම් පිරිස් නිසි වේලාවේ දී නිසි ආකාරයට භාවිත කිරීම නිසා ඔවුන් දෙදෙනා සුපිරි ක්‍රීඩා විලාසයක නිරත වූ ආකාරයක් දක්නට ලැබුණු අතර ඔවුන්ට ලැබුණු කාලයෙන් ද උපරිම ප්‍රයෝජන ගත් බව දක්නට ලැබුණි.

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<