තවත් ලෝක ක්‍රිකට් කිරුළක් ශ්‍රී ලංකාවට

262
Sri Lanka win Deaf Cricket

පළමු වතාවට සංවිධානය කරනු ලැබූ විස්සයි විස්ස ශ්‍රව්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පසුගිය 23 වැනිදා සිට ඉන්දියාවේ ගුරුග්‍රාම් හිදී පැවැත්වුණු අතර අද පැවැත්වුණු එහි අවසන් මහා තරගයේ දී ප්‍රබල ඉන්දීය ශ්‍රව්‍යාබාධිත කණ්ඩායම ලකුණු 36කින් පරාජය කළ ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත කණ්ඩායම එහි ලෝක ශූරතාවය දිනා ගැනීමට අද (30) සමත් විය.

මම අංක එකට ආවේ මෙහෙමයි – ජස්ප්‍රීත් බුම්රා

“තාත්තා නැතිවෙනකොට මම හිටියේ 2 ශ්‍රේණියේ. අක්කා හිටියේ 4 ශ්‍රේණියේ.” මෙසේ කියන්නේ…

ශ්‍රී ලංකාව, ඉන්දියාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නේපාලය, බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව, පාකිස්තානය, නේපාලය හා බංග්ලාදේශය යන රටවල් 10යේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මේ ශ්‍රව්‍යාබාධිත ලෝක විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග කාණ්ඩයන් දෙකක් යටතේ පැවැත්විය.

මූලික වටයේ පැවති ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක තරගයේ දී ඕස්ට්‍රේලියා ශ්‍රව්‍යාබාධිත කණ්ඩායම ලකුණු 65කින් පරාජය කළ ශ්‍රී ලංකාව මේ තරගාවලිය තුල පරාජය වූ එකම තරගය (මූලික වටයේ) දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 13කින් පරාජයට පත්වූයේ තියුණු තරගයකට පසුවයි. ඉන්පසුව ශ්‍රී ලංකා කණ්ඩායම අතින් ගිලිහි ගිය ජයග්‍රාහී මානසිකත්වය නැවතත් වර්ධනය කර ගත්තේ නේපාල ශ්‍රව්‍යාබාධිත කණ්ඩායම ලකුණු 179කින් පරාජය කරමින් වන අතර එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් ලකුණු 227ට පිළිතුරු දුන් නේපාල කණ්ඩායම සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 45ක් පමණි. එම තරගයේ දී වැඩිම ලකුණු ලබා ගත් ශ්‍රී ලංකා නායක තුන් ඉරියව් ක්‍රීඩක ගිමඳු මැල්කම් ලකුණු 85ක් ලබා ගත්තේය.

තරගාවලියේ කැපී පෙනුණු ක්‍රීඩකයා වූ ශ්‍රී ලංකා නායක මැල්කම් අර්ධ ශතක දෙකක් කා කඩුලු 7ක් දවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රව්‍යාබාධිත ලෝක කුසලාන විස්සයි විස්ස කිරුළේ ජයග්‍රහණය දක්වා මෙහෙය වනු ලැබුවේ සිය කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින්ගේ ද සහාය ඇතිවයි. මූලික වටයේ තරග වටයට පසුව පැවති දෙවන වටයේ තරගයක දී ද ශ්‍රී ලංකා කණ්ඩායම් හමුවේ ඉන්දීය කණ්ඩායම ලකුණු 51කින් පරාජයට පත්විය.

නවසීලන්තයට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

දෙසැම්බර් මස 15 වැනිදා සිට නවසීලන්තයේ දී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට්…

ඉන්පසුව පැවති සුපිරි තිදෙනාගේ තරග වටයේ දී ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින්, ඉන්දියාව හා දකුණු අප්‍රිකාව පිළිවෙළින් කඩුලු 6කින් හා කඩුලු 3කින් පරාජය කොට ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟින් අද (30) පැවති එම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර අවසන් මහා තරගයේ දී ඉන්දීය කණ්ඩායම් ලකුණු 36කින් පරාජය කළ ශ්‍රී ලංකාව පළමු වරට පැවැත්වුණු ශ්‍රව්‍යාබාධිත ලෝක කුසලාන විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කිරුළ ජයග්‍රහණය කරන ලද්දේ සුවහසක් ශ්‍රී ලාංකිකයින්ගේ සිත්වලට වදනට පෙරළිය නොහැකි අභිමානයක් රැගෙන එමිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<