සුදේෂ් ඔලිම්පික් වලට සැරසෙයි

705
Sudesh Peiris was selected for Rio Olympic

මේ වසරේ අගෝස්තු  මස බ්‍රසීලයේ  පැවැත්වීමට නියමිත ‘රියෝ ඔලිම්පික්’ ක්‍රීඩා උලෙළ සඳහා ජාතික බර ඉසිලීමේ ශූර, පොදු රාජ්‍ය මණ්ඩලයීය රිදී පදක්කම්ලාභී මෙන්ම සාෆ් රන් පදක්කම්ලාභී සුදේෂ් පීරිස් වයිල්ඩ් කාඩ් ක්‍රමය යටතේ සුදුසුකම් ලබා ඇත.

ජාතික බර ඉසිලීමේ සංගමය, ලෝක බර ඉසිලීමේ සංගමයෙන් හා ජාතික ඔලිම්පික් කමිටුව, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් මෙරට බර ඉසිලීමේ ක්‍රීඩයෙකුට ඔලිම්පික් නියෝජනය සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට බර ඉසිලීමේ එක් ක්‍රීඩකයෙකුට පමණක්  අවස්ථාව ලැබී ඇත.

ඒ සඳහා සුදේෂ් පීරිස් දැක්වූ  ජාතික හා ජාත්‍යන්තර දක්‍ෂතා පදනම් කරගනිමින් ඔහුව නිර්දේශ කිරීමට ජාතික බර ඉසිලීමේ තේරීම් කමිටුව කටයුතු කර ඇත.

කිලෝ ග්‍රෑම් 62 බර පන්තිය නියෝජනය කරන සුදේෂ් පීරිස්, 2014 වසරේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව්හි පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේ රිදී පදක්කම හා මෙම වසරේ පෙබරවාරි මස පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළලේ (සාෆ්) රන් පදක්කම දිනාගැනීමට සමත් විය.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙළ එළඹෙන අගෝස්තු මාසයේදී බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝහිදී පැවැත්වේ.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට