නිදහස් කුසලානයට මැතිව්ස් එයි ද? බලධාරීන් බලාපොරොත්තුවෙන්

545

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් හට මෙම සති අන්තයේ ලැබුණු හොඳ ප්‍රවෘත්ති අතරට ආබාධයන්ට ලක්ව සිටි ප්‍රබල ක්‍රීඩකයන් තිදෙනෙකු වන කුසල් ජනිත් පෙරේරා, දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප් නැවත පිටියට පිවිසීම ප්‍රධානය.

[rev_slider LOLC]

කෙසේ වෙතත් ක්‍රිකට් කරළියේ සියල්ලන් අසන්නට බලාපොරොත්තුවෙන් සිටින ප්‍රවෘත්තිය වන ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කිරීමට සුදුසු තත්ත්වයට පත් වීම නම් තවමත් ප්‍රමාද වෙමින් පවතියි.

ඉහත සඳහන් සියලුම ක්‍රීඩකයන් ආබාධවලට ලක් වුනේ පසුගිය බංග්ලාදේශ තරග සංචාරය අතරතුර දී යි. එබැවින් ඔවුන් කිසිවෙක් හට එම තරගාවලියේ පන්දුවාර 20 තරග සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමි නොවීය.

අසේලට නිදහස් කුසලානයේ ප්‍රවේශ පත් අහිමි වේ

දකුණු අතේ ආබාධ තත්වයක් නිසාවෙන් නිමා වූ විස්සයි විස්ස තරගාවලිය අහිමි වූ අසේල..

කෙසේ වෙතත් පසුගිය දා ආරම්භ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර් සමාජ පන්දුවාර 20 තරගාවලියේ දී කුසල් ජනිත්, චමීර සහ නුවන් යන තිදෙනාම තම තමන්ගේ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් පිටියට පිවිස සිටිනු දක්නට ලැබුණි.

කෙසේ වෙතත් බංග්ලාදේශ තරග සංචාරයේ එක් තරගයකට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව දකුණු පාදයේ මස්පිඩු ආශ්‍රිත ආබාධයකට ලක්ව නැවත මෙරටට පැමිණීමට සිදු වූ සීමිත පන්දුවාර ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ සහභාගීත්වය ඔහු නියෝජනය කරන කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජ කණ්ඩායමට මෙම සති අන්තයේ දී හිමිව තිබුණේ නැත.

මෙම ක්‍රීඩකයන් සිව්දෙනාගේම ශාරීරික යෝග්‍යතාව පිළිබඳ සලකා බැලීමක් හෙට (27) (අඟහරුවාදා) සිදු කිරීමට නියමිත අතර නැවත ක්‍රීඩා පිටියට පිවිසි ක්‍රීඩකයන් තිදෙනාගේ තත්ත්වය පිළිබඳ තේරීම් කමිටුව සතුටුදායක හැඟීමෙන් පසුවෙයි. එමෙන්ම ඔවුන් බලාපොරොත්තුවෙන් පසුවන්නේ ඇන්ජලෝ මැතිව්ස් ද නියමිත අවස්ථාව වන විට නිසි ශාරීරික යෝග්‍යතාවට පැමිණ සිටිනු ඇති බවටයි.

නිදහස් කුසලාන තරගාවලිය සඳහා සූදානම් වන ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වන විටත් ෂෙහාන් මධුශංකගේ සහ අසේල ගුණරත්නගේ සේවය අහිමි වී තිබේ. මධුශංක බංග්ලාදේශ පන්දුවාර 20 තරගාවලිය අතරතුර පාදයේ මස්පිඩු ආශ්‍රිත ආබාධයකට ලක් වූ අතර අසේලට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සිදු වුනේ පන්දුවාර 20 තරගාවලිය ආරම්භ වීමට ද පෙර පුහුණු සැසියක් අතරතුර ඇතිවූ උරහිසේ ආබාධයක් හේතුවෙනුයි.

කුසල් සාර්ථක පිතිකරණයේ රහස හෙළිදරව් කරයි

පසුගිය නොවැම්බර් මාසයේ පැවති ඉන්දීය තරග සංචාරයේ දී කණ්ඩායමේ ස්ථානය පවා අහිමි වූ..

වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ද ඔහුගේ ක්‍රීඩා සමාජය වන කොළඹ එන්. සී. සී කණ්ඩායම මෙම සති අන්තයේ එක්වූ තරග දෙකටම ක්‍රීඩා කරන ලදි. සෙනසුරාදා පැවති තරගයේ දී, කළුතර නාගරික ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 30කට කඩුලු 2ක් දවා ගත් මාලිංග ඉරිදා පොලිස් ක්‍රීඩා සමාජය සමඟ තරගයේ දී ලකුණු 31කට දවා ගත් කඩුලු සංඛ්‍යාව 3ක්.

එන්. සී. සී. ක්‍රීඩා සමාජය මෙම තරග දෙකම ජය ගන්නට සමත් වූ අතර එම ක්‍රීඩා සමාජය නියෝජනය කරන අනෙකුත් ප්‍රබල ක්‍රීඩකයන් වන නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල් සහ උපුල් තරංග ද එම තරගවල දී ප්‍රශස්ත දස්කම් අතර සිටිනු දැක ගන්නට ලැබුණි.

දීර්ඝ කාලීනව පැවති දණහිසේ ආබාධයකින් පසු පසුගිය වසරේ ජුනි මාසයේ දී නැවත ක්‍රීඩා පිටියට පිවිසි ලසිත් මාලිංග හට සිය ශාරීරික යෝග්‍යතාව මෙන්ම සුපුරුදු දස්කම් ද රඳවා ගැනීමට දැඩි සටනක් දීමට සිදුව තිබෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් තරග සංචාර වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (පාකිස්තානය සමඟ) ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ සංචාරය කළ පන්දුවාර 20 සංචිත සඳහා මාලිංගව යොදා නොගැනීමට තේරීම් කමිටුව පියවර ගන්නා ලදි.

බදුරලිය හමුවේ ද එස්. එස්. සී අසරණ වෙයි

අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන දිනයේ තවත් තරග කිහිපයක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ ලසිත් මාලිංග වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එක්වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුව සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ තීරණය මත බවයි. කෙසේ වෙතත් දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප් නැවතත් සම්පූර්ණ ශාරීරික යෝග්‍යතාවට පැමිණ සිටීම මාලිංගගේ කෝණයෙන් බැලූ කළ එතරම් සුබදායී චිත්‍රයක් නොපෙන්වයි.

ඉන්දියාව සහ බංග්ලාදේශය ද සම්බන්ධ වන තුන්කොන් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය (නිදහස් කුසලානය) ලබන මාර්තු 6 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන අතර ඉන්දීය කණ්ඩායම මෙම තරගාවලියට සහභාගී වන්නේ නායක විරාත් කෝලි නොමැතිවයි. තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතයි. නිදහස් කුසලාන අවසන් මහා තරගය මාර්තු 18 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

තරගාවලියට සූදානමක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සතියක පුහුණු කඳවුරකට සහභාගී වීමට නියමිත අතර එය ලබන බදාදා කොළඹ දී ආරම්භ වනු ඇති.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<