ශ්‍රී ලංකාවේ ගමනට වර්ෂාව හරස් කපයි

583

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රථම එක්දින තරගයේ සිව්වන දිනය වූ අද (01) සවස් භාගයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් නියමිත වේලාවට ප්‍රථම තරගය නතර කරන්නට සිදුවිය. මේ වන විට තරගය ගලායන අයුරු සැලකීමේදී තරගයෙන් ශ්‍රී ලංකාවට ජය හිමිවීම හෝ තරගය ජය පරාජයෙන් තොරව නිමාවීමට වැඩි අවස්ථාවක් පවතී.

තෙවැනි දිනයේ ලිපිය: ක්‍රීමර්ගේ ශතකය සිම්බාබ්වේ කණ්ඩායම අවමානයෙන් ගලවා ගනියි

අද උදෑසන තරගය ආරම්භයේ සිට ශ්‍රී ලංකා පිළ තරමක් මන්දගාමී අයුරින් ඉනිම ගොඩ නගමින් සිටි අතර ඉනිමේ ප්‍රථම කඩුල්ල ලෙස ලකුණු 7ක් ලබා සිටි කෞෂාල් සිල්වා දවා ගන්නට, තම මංගල තරගයට ක්‍රීඩා කරන කාල් මුම්බා සමත් විය. ඉන් අනතුරුව පිටියට පිවිසි කුසල් පෙරේරා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සමඟ එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 55ක සබඳතාවයක් පැවැත්වූ අතර පිත්තේ පිටත අග්‍රයේ වැදුනු පන්දුව මැසකඩ්සා විසින් සුරැකිව රැක ගනිද්දී ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 17ක් ලෙස සටහන් විය. දිවා විවේකයට මොහොතකට පෙර අනවශ්‍ය පහරක් කරා ගිය කුසල් මෙන්ඩිස් ලකුණු 19ක් ලබා සිටියදී සිය කඩුල්ල සිම්බාබ්වේ පිළට පූජා කිරීමත් සමත් විනිසුරුවරුන් විසින් දිවා විවේකය සඳහා තරගය නතර කරන ලදී.

දිවා විවේකයෙන් අනතුරුව තරගය ආරම්භ කර සුළු වෙලාවක් ගත වන විට ප්‍රථම ඉනිමේ ශතකයක් රැස් කරමින් හොඳින් දස්කම් දැක්වූ උපුල් තරංග, වේග පන්දු යවන ක්‍රීඩක කාල් මුම්බාට ගොදුරු විය. තරංගගේ පිත්තේ ගැටුනු පන්දුව කඩුලු රකින ක්‍රීඩක පීටර් මුවර් රැක ගනිද්දී ඔහු ලබා සිටියේ එක් ලකුණක් පමණි.

ඒ වන විට ලකුණු 117කට කඩුලු 4ක් බිඳ වැටී තරමක් අසීරු තත්වයක පසුවූ ශ්‍රී ලංකා දෙවැනි ඉනිම නැවතත් නගා සිටුවන්නට පිටියේ එක්වුනු ධනංජය සිල්වා සහ දිමුත් කරුණාරත්න සමත් විය. ඔවුන් දෙදෙනා 5වෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 94ක සබඳතාවක් ගොඩ නැගූහ. පසුගිය කාලයේ ලකුණු ඉඩෝරයකට මුහුණපා සිටි සිටි දිමුත් කරුණාරත්නගේ පිත්තෙන් දෙවැනි ඉනිමේදී ලකුණු 110ක් ගලා ආවේ ඔහුගේ සිව්වන ශතකය ලෙසයි.

තේ විවේකයට පන්දුවාර කිහිපයක් ඉතිරිව තිබියදී ම්පොෆුගේ පන්දුවකට උඩ පන්දුවක් ලබා දෙමින් දිමුත් දැවී ගියේය. කණ්ඩායමට අවශ්‍යම මොහොතේ අගනා ඉනිමක නිරත වුනු ධනංජය සිල්වා ලකුණු 64ක් රැස් කිරීමට සමත් විය. තේ විවේකයෙන් මද වේලාවකට පසු හරාරේ ක්‍රීඩාංගණයට වර්ෂාව ඇද හැලුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායම ඒ වන විට කඩුලු 6ක් දැවී ලකුණු 247ක් ලබා සිටියහ. හෙට තරගයේ අවසන් දිනය වන අතර මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ ප්‍රථම ඉනිමට වඩා ලකුණු 411ක් ඉදිරියෙන් පසුවෙයි.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 537 (පන්දුවාර 155): උපුල් තරංග 110*, කුසල් පෙරේරා 110, දිමුත් කරුණාරත්න 56, කෞෂාල් සිල්වා 56, අසේල ගුණරත්න 54, ග්‍රැහැම් ක්‍රීමර් 4/142, ක්‍රිස්ටෝපර් ම්පොෆු 2/96.

සිම්බාබ්වේ (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 373 (පන්දුවාර 107.5): පීටර් මුවර් 79, ග්‍රැහැම් ක්‍රීමර් 102*, ඩොනල්ඩ් තිරිපානෝ 46, රංගන හේරත් 3/97, සුරංග ලක්මාල් 3/69, දිල්රුවන් පෙරේරා 2/66.

ශ්‍රී ලංකා (දෙවන ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 247 (පන්දුවාර 61.5): දිමුත් කරුණාරත්න 110, ධනංජය සිල්වා 64, කුසල් මෙන්ඩිස් 19, අසේල ගුණරත්න 16*.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට