නැවත කණ්ඩායම හා එක් වූ ප්‍රවීණයන් ජය තහවුරු කරගනි

296
නැවත කණ්ඩායම හා එක් වූ ප්‍රවීණයන් ජය තහවුරු කරයි

2016 ආසියා කුසලාන තරඟාවලියේ සිය පළමු තරඟයේදීම එක්සත් අරාබි එමීර් රාජ්‍යය හමුවේ මුහුණ දීමට තිබූ සෝචනීය පරාජය මඟ හරවා ශ්‍රී ලංකා පිළ ජයග්‍රහණය වෙත මෙහෙයවීමට ලසිත් මාලිංග, නුවණ් කුලසේකර සහ රංගන හෙරත් විසින් ලබා ගත් කඩුළු 9 මහගු පිටිවහලක් විණි.  

ඉතා පහසු ඉලක්කයක් වූ ලකුණු 130 හඹා යාම ආරම්භ කළ එක්සත් අරාබි එමීර්  පිතිකරුවන්ට එය දැඩි අභියෝගාත්මක එකක් කිරීමට ප්‍රවීණ ශ්‍රී ලංකා පන්දු යවන්නන් තිදෙනා සමත් වූහ. ඒ අනුව ඔවුන් ලකුණු 14 ක පරාජයක් ලැබුවේ ඓතිහාසික ජයග්‍රහණයක් මඟහරවා ගනිමිනි.

 ඡායාරෑප ඇල්බය සඳහා පිවිසෙන්න 

නියමිත පන්දු වාර ගණන අවසනයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 129 ක් පමණක් වූ අතර අවසන් පන්දු වාර 10 තුළදී ඔවුන් ලබා ගත්තේ ලකුණු 57 ක් පමණි. කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට සුබවාදී තත්ත්වයක් පෙන්නුම් කරමින් තිලකරත්න දිල්ෂාන් සහ ඔහුගේ නවක සහය පිතිකරු දිනේෂ් චන්දිමාල් පළමු කඩුල්ලට ලකුණු 68 ක් රැස් කිරීමට සමත් විය. එහෙත් පිතිකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක්වත් පිටියේ ස්වභාවය හෝ කඩුළුSri Lanka cricketer Tillakaratne Dilshan (R) plays a shot as the United Arab Emirates wicketkeeper Swapnil Patil (L) looks on during the match between Sri Lanka and United Arab Emirates at the Asia Cup T20 cricket tournament at the Sher-e-Bangla National Cricket Stadium in Dhaka on February 25, 2016. AFP PHOTO/Munir uz ZAMAN / AFP / MUNIR UZ ZAMAN ආරක්ෂා කරගැනීමේ වටිනාකම තේරුම් ගනිමින් පන්දු යැවීමේ ආකාරය ගැන නිසි අවධානය යොමු කිරීමට අපහොසත් වුණි. දහ වන පන්දු වාරයේ පළමු පන්දුවට දිල්ෂාන් දැවී ගිය අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය මෙහිදී එක්තරා ආකාරයක අත්හදා බැලීමක් සිදු කිරීමට තීරණය කලේ තුන් වැනි ස්ථානය සදහා මිලින්ද සිරිවර්ධන ව යවමිනි. මේ වනවිට ශ්‍රී ලංකාව අවම වශයෙන් ලකුණු 150 ක ඉලක්කයක් කරාවත් යනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැකි මට්ටමේ තිබුණ ද එය බිද දමමින් මිලින්ද සිරිවර්ධන ඉතා පහසු දැවී යාමක් 12 වන පන්දු වාරයේදී වාර්තා ක‍ළේය. මීළගට පිටියට පිවිසි දසුන් ශානක, ශක්තිමත් පහර එල්ල කරනා දකුණත් පිතිකරුවකු වන ඔහු කිසිවක් සිය වාසියට අනුව සිදු නොවන බව තේරුම් ගෙන පන්දුවට පහර එල්ල කිරීමට දැඩි වෙහෙසක් ගත්තේය. ඔහු එසේ එක් අන්තයක සිට උත්සහ දරද්දී අනෙක් පස සිට චන්දිමාල් ඉතාම ප්‍රශංසනීය අර්ධ ශතකයක් වාර්තා කල අතර මේ වනවිට මදක් ක්‍රියාශීලී වී සිටි දසුන් දැවී ගියේ උඩ පන්දුවක් එල්ල කිරීමට ගොස් ය. ඔහුගෙන් පසුව පිටියට පැමිණි ඇන්ජලෝ මැතිව්ස් දැවී යාමකට ලක් වූයේ LBW පහරක් හමුවේය. ශෙහාන් ජයසූරිය හතරේ සීමාව දෙසට පහර එල්ල කිරීමට උත්සහ දැරුව ද ඉතා හොදින් පන්දු යැවූ නවීඩ් හමුවේ එය ව්‍යාර්ථ විණි. 19 වන පන්දු වාරයේ දී චාමර කපුගෙදර විසින් එල්ල කළ උඩ පන්දුවක් නවීඩ් විසින් අතපසු කළ ද කපුගෙදර ඉන් පන්දු දෙකකට පසුව දැවී ගියේ බලාපොරොත්තු කඩකරවමිනි. අවසානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉලක්කය ලකුණු 130 ක් බවට පත් කරමින් හතරේ පහරක් වාර්ථා කිරීමට නුවණ් කුලසේකර සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු රැස් කිරීම මද පසසුබෑමක පැවතීමට හේතු වුයේ පළමු පිතිකරුවන් යුගළය හැරුණු කොට  මනා සම්බන්ධතාවයක් පවත්වාගැනීමට සමත් වූයේ තවත් පිතිකරුවන් දෙදෙනෙක් පමණක් වීමය. ඔවුන් ජයසූරිය සහ කපුගෙදරය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය මැදි සහ අවසන් පන්දු වාරයන්හි දී ඉතාමත් හොදින් පන්දු යැවීමේ නිරත වූහ. දඟ පන්දු යවන ජාවේඩ් එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිළ විසින් ඉදිරිපත් කළ අභියෝගයක් වූ අතර ඔහු දිල්ශාන්, සිරිවර්ධන සහ චන්දිමාල් දවා ගැනීමට සමත් වුවාය.

කෙසෙවෙතත් පහසු ඉලක්කයක් බලා ගමන් ඇරඹූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජයග්‍රහණය පිළිබද පළමු පැතුම බිද වැටුණේ ආරම්භක පිතිකරු රොහාන් මුස්තාෆා පළමු බෝලයටම දැවී යාමත් සමඟිනි. ඔහු දැවී ගියේ දීර්ඝ විවේකයකින් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට නැවත පැමිණි ලසිත් මාලිංගගේ ශක්තිමත් පන්දුවක් හමුවේය. එම පන්දු වාරය Sri Lanka cricketer Dinesh Chandimal plays a shot during the match between Sri Lanka and United Arab Emirates at the Asia Cup T20 cricket tournament at the Sher-e-Bangla National Cricket Stadium in Dhaka on February 25, 2016. AFP PHOTO/Munir uz ZAMAN / AFP / MUNIR UZ ZAMANඅවසානයේදී මාලිංග මොහමඩ් ශාහ්සාඩ් ද දවා ගැනීමට සමත් වූ අතර ඒ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය 7/2 ක් ලෙසින් වාර්ථා කළේය. එසේම හතර වන පන්දු වාරයේදි තවත් කඩුළු 2 ක් වාර්ථා කිරීමට කුලසේකර ද සමත් විය. මෙසේ ආරම්භයේදී ම ලද බිදවැටීම් හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලාපොරොත්තු සුන් කරගෙන තිබුණ ද ස්වප්නිල් පටිල් විසින් හොද පිති හරඹයක් ලබා දෙන්නට උත්සහ කරනු දක්නට ලැබීය. රංගන හේරත් සිය නියෝජනය දක්වමින් ශයිමන් අන්වර් ලකුණු 13 කට දවා ගත්තේ ඔහු පටිල් සමඟ එක්ව හොද ලකුණු රුස් කිරීමේ සබදතාවයක් තහවුරු කරගැනීමට උත්සහ දරද්දීය. රංගන හේරත්ගේ තවත් පන්දුවක් හමුවේ සක්ලින් හයිඩර් දැවී ගිය අතර ජාවෙඩ් සහ පටිල් ලකුණු 38 ක සබදතාවයක් වාර්තා කළේ නැවත වතාවක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කෙරෙහි බලාපොරොත්තු ඇති කරවමිනි. කෙසේ වෙතත් මාලිංග සහ කුලසේකර අවසන් කඩුළු තුනද වාර්තා කරමින් ඔවුන්ගේ බලාපොරොත්තු වලට තිත තැබුවේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ගෙන එමිනි.

ශ්‍රී ලංකාවට සිය පන්දු යැවීම පිළිබදව ඉතාමත් සතුටට පත් විය හැකි අතර ආබාධයක් හේතුවෙන් ක්‍රීඩාවෙන‍් ඇත් වී සිටි සියලු දෙනා ඉතා හොද දක්ශතාවයන් දැක්වීමටද සමත් වුණි. කෙසෙවෙතත් දුවද්දී උඩ පන්දුවක් රැකගත් මාලිංග ඉන්පසු කිසියම් ආබාධමය තත්ත්වයක් පෙන්නුම් කිරීම මදක් දුක්මුසු තත්ත්වයකි.

ශ්‍රී ලංකාව තරඟ වදිනා මීළඟ තරඟය 28 වනදා සත්කාරක බංගලාදේශය සමඟ පැවැත්වේ. මෙහිදී ද ඉතා හොද තරඟයක් බලාපොරොත්තු විය හැකි බව නොඅනුමානය.‍

කුණු සටහන

ශ්‍රී ලංකාව – 129/8 (20), දිනේෂ් චන්දිමාල් 50, ටී.ඒම්. දිල්ශාන් 27, අම්ජාඩ් ජාවේඩ් 3/25, මොහමඩ් නවීඩ් 2/27, මොහමඩ් ශාහ්සඩ් 2/27

ක්සත් අරබි මීර් රාජ්‍යය – 115/9 (20) ස්වප්නිල් 37, ලසිත් මාලිංග 4/26, නුවණ් කුලසේකර 3/10, රංගන හේරත් 2/22

ශ්‍රී ලංකාව ළකුණු 14 කින් ජයග්‍රහණය කරන ලදී.