වසර 9කට පසුව ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරියෝ වෙති

1028
Image courtesy: Netball Singapore

සැප්තැම්බර් මස 1 වැනිදා ආරම්භ වූ 11 වන ආසියානු දැල්පන්දු ශූරතා කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද (9) සිංගප්පූරුවේ OCBC ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. එහි දී ලකුණු 69-50ක් ලෙස සත්කාරක ප්‍රබල සිංගප්පූරු කණ්ඩායම පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම 5 වන වරටත් ආසියානු දැල්පන්දු ශූරියන් ලෙස කිරුළු දිනාගත්තාය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ හොංකොං පෙරළා අවසන් සටනට

ආසියානු දැල්පන්දු පිටියේ සිය ආධිපත්‍ය තව දුරටත් පවත්වා ගනිමින් හොංකොං කණ්ඩායම ලකුණු 71-48ක් ලෙස පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (6) තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය අසුන වෙන් කර…

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමක් ආසියානු දැල්පන්දු ශූරතාවය දිනා ගත්තේ 2009 වසරේ දී වන අතර එහි දී ද ශ්‍රී ලංකා හමුවේ පරාජය වූයේ සිංගප්පූරු කණ්ඩායමයි.

තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරග කිහිපය ඉතාමත් සාර්ථක ලෙස ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගාවලියේ අවසන් පූර්ව තරග වටයට පැමිණියේ අපරාජිතව වන අතර අවසන් පූර්ව තරගයේ දී ලකුණු 55-46ක් ලෙස හොංකොං කණ්ඩායම පරාජයට පත්කරමින් මේ තරගාවලි ඉතිහාසය තුල නොකඩවා සිව්වැනි වතාවටත් අවසන් මහා තරගාවලියක් සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

දෙවන අවසන් පූර්ව තරගයේ දී ලකුණු 51-43ක් ලෙස ගියවර ශූරියන් වූ මැලේසියානු කණ්ඩායම පරාජය කළ සිංගප්පූරු කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟින් අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ගත්තේය. දෙවසරකට වතාවක් පැවැත්වෙන ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියක අවසන් මහා තරගයට සිංගප්පූරු කණ්ඩායම සුදුසුකම් ලබාගත්තේ වසර 4කට පසුවයි.

හොංකොං පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසන් පූර්ව වටයට

ආසියානු දැල්පන්දු පිටියේ සිය ආධිපත්‍ය තව දුරටත් පවත්වා ගනිමින් හොංකොං කණ්ඩායම ලකුණු 71-48ක් ලෙස පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඊයේ (06) තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය අසුන…

සත්කාරක සිංගප්පූරු කණ්ඩායම තරගයේ පළමු කාර්තුවේ පළමු මිනිත්තු පහක කාලය තුල තරමක් දුරට තර්ජනාත්මක ලෙස ක්‍රීඩා කළ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඔවුන්ගේ උපක්‍රමශීලීත්වය හා තරග සැලසුම් ඉතාමත් ඉක්මනින්ම හඳුනා ගෙන තරගයේ සිංගප්පූරු කණ්ඩායම හා කරට කර සටනක් දීමට සමත් විය. තරගයේ උණුසුම කෙතරම් දුරකට ඇදී ගියා ද කිවහොත් පළමු කාර්තුව නිමා වූයේ ලකුණු 16-16ක් ලෙස ලකුණු සමවෙමිනි. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු කාර්තුවේ මැද කාලය තුල ඉතාමත් හොඳින් ක්‍රීඩා කළේය. අවසන් මිනිත්තු කිහිපය තුල දුර්වල සන්නිවේදනය නිසා තරමක පසුබැස්මක් ඇති විය. (ශ්‍රී ලංකාව 16 – 16 සිංගප්පූරුව)

පළමු කාර්තුව තුල ලකුණු සමවුවත් දෙවන කාර්තුවේ පළමු මිනිත්තු කිහිපය තුල සිංගප්පූරු ගෝල විදින්නිය වන ලී පෙයි ශාන් ඉතාමත් වේගවත් ලෙස සිය කණ්ඩායමේ පස තුලට පන්දුව විදිමින් ක්‍රීඩා කරමින් ලකුණු කිහිපයකින් සිය කණ්ඩායම ඉදිරියට රැගෙන ආ නමුත් කාර්තුවේ අඩක කාලයක් ගෙවී යද්දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නැවතත් ඉතාමත් දක්ෂ ලෙස පන්දුව හුවමාරු කරමින් ක්‍රීඩා කළාය. එසේම සිංගප්පූරු ක්‍රීඩිකාවන්ව ඉතාමත් හොඳින් ආවරණය කළාය. එහි ප්‍රතිඵලයක්  ලෙස දෙවන කාර්තුව අවසානයේ තරගයේ වැඩි වාසිය ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකාව තරගයේ දෙවන අර්ධය එනම් තරගයේ පළමු අර්ධය අවසන් කළේ ලකුණු 37-28ක් ලෙස පෙරමුණේ සිටිමිනි. එම කාර්තුව තුල ශ්‍රී ලංකාව ලකුණු 16ක් ලබා ගන්නා විට සිංගප්පූරුව ලබා ගත්තේ ලකුණු 10ක් පමණයි.

පළමු අර්ධය අවසානයේ: ශ්‍රී ලංකාව 32 – 26 සිංගප්පූරුව

තරගයේ තෙවන කාර්තුවට අවතීර්ණ වීමට පෙරාතුව සිංගප්පූරු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම සිය කණ්ඩායම් වල වෙනස්කම් කිහිපයක්ම සිදු කරන ලදි. ගෙවී ගිය කාර්තු දෙකට සාපේක්ෂව තෙවන කාර්තුව තුල දී  සිංගප්පූරු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතින් නිසියාකාරව පන්දු හුවමාරු වීම සිදු නොවීය. කෙසේ නමුත් සිය තරග රටාව වෙනස් නොකළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාවේ ගෝල විදින්නිය වන තර්ජනී සිවලිංගම් වෙත වේගවත්ව පන්දුව ලබා දෙමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව වැඩි ලකුණක් වෙත රැගෙන ගියේ සිංගප්පූරු කණ්ඩායම දැඩි පීඩනයකට හසුකරමිනි.

පෙරළිකාර ශ්‍රී ලංකා කාන්තාවෝ අපරාජිතව අවසන් 4ට

සිංගප්පූරුවේ OCBC ගෘහස්ථ පිටියේ දී පැවැත්වෙන 11 වන ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ කුසලාන වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය අද (5) මැලේසියානු කණ්ඩායම සමඟ පැවති අතර අතර…

තර්ජනාත්මක ක්‍රීඩා විලාසය දිගින් දිගටම පවත්වා ගත් ශ්‍රී ලංකාව එම කාර්තුව තුල දී ලකුණු 18ක් ලබා ගන්නා විට සිංගප්පූරුව රැස්කර ගත්තේ ලකුණු 12ක් පමණි. (ශ්‍රී ලංකාව 50 – 38 සිංගප්පූරුව)

ලකුණු 50-38ක් ලෙස ඉදිරියෙන් සිටිමින් තරගයේ අවසන් හා තීරණාත්මක කාර්තුව වෙත පියනැගූ ශ්‍රී ලංකාව එම කාර්තුව තුල දී ද තරගාවලිය පුරාවට මෙතෙක් රඳවා ගත් සිය රිද්මය වෙනස් නොකර ක්‍රීඩා කළ අතර  සත්කාරක ක්‍රීඩිකාවන් සිය ප්‍රේක්ෂකයින්ගේ ඔල්වරසන් හඬ මැද්දේ ඉතාමත් හොඳින් ක්‍රීඩා කරන ලදි. නමුත් අවසානයේ ලකුණු 69-50ක් ලෙස තරගය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

අවසන් කාර්තුවේ දී ශ්‍රී ලංකාව ලකුණු 19ක් රැස්කර ගන්නා විට අනුශූරතාවය දිනා ගත් සිංගප්පූරුව ලබාගත්තේ ලකුණු 12කි. කාර්තු 4 සමස්ත ප්‍රතිඵලය බැලූ විට ද කාර්තු 4න් 3ක ජය දිනා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. එක් කාර්තුවක් ලකුණු සම වීමෙන් අවසන් විය.

සම්පූර්ණ කාලය අවසානයේ: ශ්‍රී ලංකාව 69 – 50 සිංගප්පූරුව

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<