SAG – ශ්‍රී ලංකා කාන්තාවන් අවසන් 4 දෙනා අතරට

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල 2019 - වොලිබෝල්

92

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ පළමු තරගය අද (29) මාලදිවයින සමඟින් පැවැත්විය. එහි දී තරග වට 3-0ක් ලෙස ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

SAG ගිය වොලිබෝල් සංචිත සහ තරග කාලසටහන්

2019 නොවැම්බර් 27 සිට දෙසැම්බර් මස 03 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත දකුණු ආසියානු

තරගයේ පළමු වටයේ දී ලකුණු ලබා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ආරම්භ කළේය. ලකුණු 8-5ක් ලෙස තරගයේ මුල් මිනිත්තු කීපයේ දී ම පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ලකුණු 18-14ක්, 21-14ක් ලෙස පෙරමුණ ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටය නිමා කළේ ලකුණු 25-15ක් ලෙසිනි. 

දෙවන වටය ආරම්භයේ දී ලකුණු 7-8ක් ලෙස පෙරමුණ ගැනීමට මාලදිවයින සමත් විය. කෙසේ වෙතත් තරගයේ නැවතත් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ ලකුණු 13-10ක් ලෙස පෙරමුණ ගනිමිනි. එම තරග වටයේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූ අතර ලකුණු තත්වය දැක්වූයේ 25-18ක් ලෙසිනි. 

තුන්වැනි වටය ආරම්භ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම තරග වට 2-0ක් ලෙස පෙරමුණ ගෙන සිටියේය. තුන්වැනි වටය ආරම්භයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 11-06ක් ලෙස පෙරමුණ ගත් අතර මාලදිවයින් කණ්ඩායමට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට සමත් විය. තුන්වැනි තරග වටය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේ ලකුණු 25-12ක් ලෙසිනි.

වොලිබෝල් රජු – ඉවාන්

ලොව ජනප්‍රියතම වොලිබෝල් ක්‍රීඩකයා ලෙසින් හැඳින්වෙන්නේ ඔහුයි. කිසිවෙකුට නොදෙවෙනි ක්‍රීඩා විලාශයකින්

ඒ අනුව තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ තරග වට 3-0ක් ලෙසිනි. 

මෙම තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා පුහුණුකරු තරගය පිළිබඳව අදහස් දක්වා සිටියේ මෙසේයි. 

“අපි තරගයට හොඳින් සූදානම් වුනා. ඒකේ ප්‍රතිඵලය ලැබුණා කියලා මම හිතනවා. මාලදිවයින අපිට හොඳ තරගයක් දුන්නා. ඒත් අපි කණ්ඩායමක් විදිහට ක්‍රීඩා කළා.”

“ගොඩක් සතුටුයි ජයග්‍රහණය ගැන. අවසන් පූර්ව වටයේදීත් හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.” කණ්ඩායම් නායිකාව පවසා සිටියා. 

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු වටයේ පළමු තරගය පාකිස්තානය සමඟින් පැවති අතර එම තරගය සඳහා පාකිස්තාන කණ්ඩායම නොපැමිණීම නිසා එම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දීමට තීරණය කර තිබුණි.

SAG තරගාවලියේ ඡායාරූප, තරග වාර්තා, වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න අප සමඟින්. 

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<