ප්‍රබල සටනකින් පසු නැවතත් ශ්‍රී ලංකාවට සෝසුසුම්

413

2023 පාපන්දු ලෝක කුසලානය සඳහා ආසියානු සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරගය අද (06) මැකාවු කණ්ඩායම සමඟින් මැකාවු හිදී පැවැත්විය. එම තරගයේ දී ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට මැකාවු කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ආරම්භ කළ අතර ඔවුන් මොහොමඩ් ආකිබ් හා දිලීප් පීරිස් ඉදිරිපෙළ රඳවමින් 4-4-2 ලෙස පිටිය සකසා තිබුණි. පසුගිය දා ආබාධයකට ලක්වූ උපනායක කවිදු ඉශාන් ද කණ්ඩායමට එක්ව සිටියේය.

තරගයේ ආරම්භක මිනිත්තු 5 දී ශ්‍රී ලංකාවට නිදහස් පහරක් ලැබුණු අතර එය සාර්ථක කර ගැනීමට අවස්ථාවක් නොලැබුණි.

පාපන්දු ලොකු පුටුවක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතාට ඒකාබද්ධ…

තරගයේ 10 වැනි මිනිත්තුවේ දී corner අවස්ථාවක් මගින් ගෝලයක් ලබා ගැනීමේ ආසන්න අවස්ථාවක් ශ්‍රී ලංකාවට හිමි වූ අතර කවිඳු ඉශාන් එල්ල කළ පන්දුව ගෝල් කණුවේ වැදී ඉවතට යාම නිසා ගෝලයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව මගහැටී ගියේය.

මැකාවු ගෝල් රකින ක්‍රීඩක හො මාන් ෆැයින් කාර්‍යයබහුල කරමින් මුල් මිනිත්තු කිහිපයේ දී පන්දුව මැකාවු අර්ධයේ තබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක වීමට අවස්ථාව නොලැබී ගියේ පන්දුව එල්ල කිරීමේ දී සිදු වූ අඩුපාඩු නිසාවෙනි.

මුල් අර්ධය තුල ශ්‍රී ලංකා කණ්ඩායමට Corner අවස්ථාවන් 4ක් හිමි වූ අතර ඉන් එකදු අවස්ථාවක් වත් ගෝලයක් බවට පරිවර්තනය කර ගැනීමට ඔවුන් අපොහොසත් විය. තරගයේ 35 වැනි මිනිත්තුව දක්වා සාර්ථක ආක්‍රමණයක් ශ්‍රී ලංකාව විසින් දියත් කර තිබූ අතර මැකාවු කණ්ඩායම ආරක්ෂාකාරී ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළෞය.

පළමු අර්ධයේ අවසන් මිනිත්තු කිහිපය වන විට ශ්‍රී ලංකා ගෝල සීමාව ආක්‍රමණය කළ මැකාවු කණ්ඩායම ප්‍රබල ප්‍රහාරයක් දියත් කරන ලදි. නමුත් ශ්‍රී ලංකාවේ සාර්ථක පසුපෙළ හමුවේ ගෝලයක් වාර්තා කිරීමට ඔවුන්ට නොහැකි විය.  කණ්ඩායම් දෙකම ගෝල නොලබා පළමු අර්ධය නිමා කරන ලදි.

පළමු අර්ධය: මැකාවු රාජ්‍යය 00 -0 0 ශ්‍රී ලංකාව

දෙවන අර්ධයට සාර්ථක ආරම්භයක් ලබා ගත් මැකාවු කණ්ඩායම තම ආක්‍රමණය තව තවත් ප්‍රබල කරමින් ක්‍රීඩා කළේය. ඒ අනුව දෙවන අර්ධයේ 7 වැනි මිනිත්තුවේ දී තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට මැකාවු කණ්ඩායම සමත් විය. තරගයේ 52 වැනි මිනිත්තුවේ දී එම ගෝලය ෆිලිපේ ඩුරාටේ විසින් වාර්තා කළේය. (මැකාවු 1-0 ශ්‍රී ලංකාව)

සටන්කාමී ශ්‍රී ලංකාව අවසන් මොහොතේ පරදියි

දෙවන අර්ධයේ අසාර්ථක උත්සාහයන් හමුවේ ශ්‍රී ලංකාව හා ලාඕසය අතර…..

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට තම ගෝලය ආක්‍රමණය කිරීමට කිසිදු ඉඩක් ලබා නොදීමට වගබලා ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු අර්ධයේ දී දැක්වූ ක්‍රීඩා විලාසයට අවතීර්ණ වීමට අපොහොසත් වූ අතර මැකාවු කණ්ඩායම එයින් උපරිම ප්‍රයෝජන ලබා ගත්තේය.

තරගය අවසන් වීමට මිනිත්තු 20ක් ඉතිරිව තිබිය දී ශ්‍රී ලංකා පුහුණුකරු පකීර් අලී විසින් මොහොමඩ් ආකීබ් වෙනුවට මොහොමඩ් ශාබීර් තරගයට අවතීර්ණ කළේය.

තරගයේ අවසන් මිනිත්තු කිහිපය උද්වේගකර වූ නමුත් කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් විසින් කාලය අනවශ්‍ය ලෙස නාස්ති කරන ආකාරයක් දක්නට ලැබුණි. තරගයේ වැඩි වාසි මැකාවු කණ්ඩායමට හිමි කර දෙමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙක් ආබාධ වලට ලක්විය. ශ්‍රී ලංකා කණ්ඩායම ගෝලයක් ලබා ගැනීමට ප්‍රබල උත්සාහයක යෙදුණු අතර තරගයේ අතිරේක මිනිත්තු 5 දී ද ප්‍රබල ආක්‍රමණයක් දියත් කරන ලදි. ඔවුන්ගේ උත්සාහයන් අසාර්ථක වූයේ ඔවුන්ට මැකාවු පසුපෙළ අභිබවා යා නොහැකි වීම නිසාය.

තවත් ගෝලයක් නොලබාම තරගය නිමා විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තවත් දින 5කින් කොළඹ පැවැත්වීමට නියමිත තරගයේ දී ගෝල 2ක් වාර්තා කරමින් ජයග්‍රහණය කළ යුතු අතර මැකාවු කණ්ඩායමට ගෝල ලබාගැනීමට අවස්ථාව නොදිය යුතුය.

අවසන් ලකුණු තත්වය: මැකාවු රාජ්‍යය 01 – 00 ශ්‍රී ලංකාව

ගෝල ලබාගත් ක්‍රීඩකයන්
මැකාවූ: ෆිලිපේ ඩුආටේ (52 වැනි මිනිත්තුවේ දී)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<