සත්කාරක දේශයට ශ්‍රී ලංකා කාන්තාවන්ගෙන් ප්‍රහාරයක්

563

ආසියානු කාන්තා සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය අද (29) දහවල් කාලයේ දී පැවැත්විය. එහි දී දකුණු කොරියානු ක්‍රීඩිකාවන් පරාජය කරමින් ලකුණු 22-05ක් වශයෙන් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය.  

කාන්තා රග්බි කණ්ඩායම හොංකොං හමුවේ පසු බසියි

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර අද (29) කොරියාවේ “නම්දොන්ග්” හිදී ආරම්භ විය. තරගාවලියේ කාන්තා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය අද උදෑසන හොංකොං….

තරග ආරම්භයේ සිටම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කොරියානුවන් වෙත පීඩනය එල්ල කරන බවක් පෙනෙන්නට තිබුණි. ඒ නිසාම සෑම ක්‍රීඩිකාවක්ම පාහේ ආරක්ෂක වළල්ල තර කරනු බවක් පෙනෙන්නට විය. කෙසේ වෙතත් තරගයේ ප්‍රථම උත්සාහක දිනුම කොරියානු ක්‍රීඩිකා ලිම්-ජේ-වොන්ග් විසින් වාර්තා කළාය. (00-05)

ඉන්පසු නැවතත් අඩුපාඩු මග හරවා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පිටියේ හැසිරෙනු පෙනෙන්නට තිබුණු අතර ඒ අවසරයෙන් කොරියානු ආරක්ෂක වළල්ල අතරින් රිංගා ගිය වාසනා වීරක්කොඩි ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු උත්සාහක දිනුම දිනා දුන්නාය. (05-05)

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 05 – 05 දකුණු කොරියාව

තරගය සම ලකුණු තත්වයත්  සමඟින් ආරම්භ වුන අතර දකුණු කොරියා ක්‍රීඩිකාවන් පිටියේ නරඹන්නන් කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකා දුලානි පලික්කොන්දගේ දෙවන උත්සාහක දිනුම වාර්තා කළාය. (10-05)

ඉන් තවත් මිනිත්තු කිහිපයක් ගතවෙත්ම වාසනා ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නංවමින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කරමින් ලකුණු තත්වය ඉහළටම එසවීය. එහි ප්‍රවර්තනය දුලානි විසින් සාර්ථක කරගත්තාය. (17-05)

තායිපේ දේශය වෙත ශ්‍රී ලංකාවෙන් සත්කාරයක්

ආසියානු සත් සාමාජික ශූරතා රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය අද (29) උදෑසන චීන තායිපේ කණ්ඩායම සමඟ පැවැත්විය. එහි දී ලකුණු 33-12ක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා…

තරගයේ අවසන් මිනිත්තුව ඉතිරිව තිබිය දී සූක්ෂමව කොරියානු ආරක්ෂක වළල්ල බිඳ හෙලමින් සංජු විජේතිලක මනරම් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සමත් විය. සංජු මීටර් 50ක පමණ දුර දිවීමක් සාර්ථකව උත්සාහක දිනුමකට පරිවර්තනය කර ගැනීම විශේෂත්වයකි. (22-05)

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 22 (4T 1C) – 05 (1T) දකුණු කොරියාව

ලකුණු රැස්කළ ක්‍රීඩිකාවන්

  • ශ්‍රී ලංකාව – වාසනා වීරක්කොඩි 2T, දුලානි පලික්කොන්දගේ 1T 1C, සංජු විජේතිලක 1T
  • දකුණු කොරියාව – ලිම්-ජේ-වොන්ග් 1T

කාන්තා රග්බි කණ්ඩායම හොංකොං හමුවේ පසු බසියි

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර අද (29) කොරියාවේ “නම්දොන්ග්” හිදී ආරම්භ විය. තරගාවලියේ කාන්තා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය අද උදෑසන හොංකොං කණ්ඩායමත් සමඟින් පැවැත්වුණු අතර එහි දී ලකුණු 41–00ක් ලෙස පළමු තරගය පරාජය වීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදු විය.

Video – හොංකොංට ගහන එක තමා අපේ අරමුණ – සංජිවනි විජේතිලක

ආසියානු සත් සාමාජික කාන්තා රග්බි තරගාවලිය සඳහා සහභාගී වන කාන්තා රග්බි කණ්ඩායමේ..

තරගාවලියේ පළමු අර්ධයේ දී ම ප්‍රබල සිංගප්පූරු කණ්ඩායම ක්‍රියාත්මක වූ අතර පළමු අර්ධය තුළ උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කරන්නට ඔවුහු සමත් වූහ. නට් ඕසන් ට්‍රෝන් පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර දෙවන උත්සාහක දිනුම කොලින් ජෝස්වොලෝ විසින් වාර්තා කළාය. (10-00)

පළමු අර්ධයේ අවසන් මිනිත්තුව පෙනෙන මානයේ දී මෙලඩි ලී තවත් උත්සාහක දිනුමක් වාර්තා කරමින් තරගයේ පැහැදිලි ඉදිරිය හොංකොං වෙත නතු කළාය. (15-00)

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 00 – 15 හොංකොං

දෙවන අර්ධය ද ශ්‍රී ලංකාවට වාසිදායක නොවීය. දෙවන අර්ධයේ දී ද හොංකොං ක්‍රීඩිකාවෝ පිටියේ ආධිපත්‍ය තමන් වෙත නතු කර ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට එකදු ලකුණක් හෝ වාර්තා කරන්නට ඉඩ නොතබමිනි. පූන්-පැක්-යාන් පළමු උත්සාහක දිනුම ප්‍රවර්තනය ද සමඟින් සාර්ථක කර ගත්තා ය. (22-00)

කොළඹ “Blues” කණ්ඩායම නම් කෙරේ

කොළඹ “Blues” කණ්ඩායම සහ මහනුවර “Reds” කණ්ඩායම අතර පැවැත්වෙන වාර්ෂික රග්බි තරගය..

මෙලඩි ලී හා ජෙසිකා හයි සෝ-යන් තවත් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කළහ. ඉන් ප්‍රවර්තන ද්විත්වයක් සාර්ථක කර ගත් පැක්-යාන් තරගය හොංකොං දේශයට ගෙන ගියාය.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 00 – 41 (7T 3C) හොංකොං

ලකුණු රැස් කරගත් ක්‍රීඩිකාවන්

  • හොංකොං –  ඕසන් ට්‍රෝන් 1T, කොලින් ජෝස්වාලා 1T, මෙලඩි ලී 3T, පූන්- පැක්- යාන් 1T, 3C, ජෙසිකා හයි 1T

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<