ශ්‍රී ලංකාව 6-0ක් ලෙස එංගලන්තය මට්ටු කරයි

1492

තලවතුගොඩ ඔස්ටේශියා ජාත්‍යන්තර ගෘහස්ථ ක්‍රිකට් පිටියේ දී නිමා වූ සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරග 6කින් සමන්විත ගෘහස්ථ ක්‍රිකට් තරගාවලිය තරග 6-0ක පූර්ණ හා දැවැන්ත ජයක් ලබා ගැනීමට කමල් කුරුප්පු ප්‍රමුඛ ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම අද (8) සමත් විය.

තවත් තරග දෙකක් ඉතිරිව තිබිය දී ම කුසලානය ශ්‍රී ලංකාවට

සංචාරක එංගලන්ත ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරග 6කින් සමන්විත ගෘහස්ථ…

පස්වැනි ටෙස්ට් තරගය

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායමේ ඇරයුමින් පළමුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සිය ඉනිම වෙනුවෙන් ලකුණු 79ක් වාර්තා කර ගන්නා ලදි. එහි දී දකුණතින් පිත්ත හසුරුවන තරිඳු මෙන්ඩිස් හා මල්ෂාන් රොද්‍රිගෝ ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 19ක් හා ලකුණු 18ක් එකතු කරන ලදි.

පන්දු යැවීමේ දී අනිෂ් පටෙල් කඩුලු 2ක් දවා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු ලකුණක් ලබා නොදෙමිනි. පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම තරගය ජයග්‍රහණය කිරීමට ආසන්න මට්ටමකට පැමිණියත් ඔවුන්ගේ පිතිකරුවන් කිහිප වතාවක්ම දැවී යාම්වලට හසු වූ නිසා ඔවුන්ගෙන් තරගය ගිලිහී ගියේය.  එංගලන්තය වෙනුවෙන් සෑම් ස්ටක්ස් ලකුණු 22ක් රැස්කරගත් අතර ගිහාන් ගුණතිලක හා තරිඳු මෙන්ඩිස් කඩුලු 2ක බැගින් දවා ගන්නා ලදි.

ශ්‍රී ලංකාව – 79: තරිඳු මෙන්ඩිස් 19, මල්ෂාන් රොද්‍රිගෝ 18, අනිෂ් පටෙල් 2/00.

එංගලන්තය – 72: සෑම් ස්ටක්ස් 22, එම්. රාශිඩ් 19, ගිහාන් ගුණතිලක 3/05, තරිඳු මෙන්ඩිස් 2/07.

මහා සංග්‍රාමය මඟ හැරුනත් එක්දින ජයග්‍රහණය සාන්ත ආනාවරුන්ට

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ සාන්ත ආනා විද්‍යාලය අතර 23 වැනි වරටත් පැවති ඇතුගල්පුර සටන වාර්ෂික සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය…

හයවැනි සහ අවසන් ටෙස්ට් තරගය

තරග පහක පූර්ණ ජයග්‍රහණ අත්කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයේ දී එංගලන්ත කණ්ඩායම ලකුණු 28කින් පරාජය කළේ තරග 6-0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක පහස ලබා ගනිමිනි.

එහි දී සංචාරක එංගලන්තය වෙනුවෙන් සෑම් ස්ටක්ස් ලකුණු 18ක් රැස්කර ගත්තේ එංගලන්ත කණ්ඩායම වැටී සිටි අවදානමෙන් මුදවා ගනිමිනි. තරගාවලිය පුරාවට දක්ෂ ලෙස පන්දු යැවූ කෝලිත හපුආරච්චි මෙම තරගයේ දී ද ලකුණු 4ක් තුළ කඩුලු 3ක් දවා ගනිමිනි එංගලන්ත ලකුණු 15ක් උදුරා ගන්නා ලදි. (මෙම තරග රටාවේ  ස්වභාවය නම් එක කඩුල්ලක් දැවී ගිය විට එම කණ්ඩායමේ ලකුණු සටහනින් ලකුණු 5ක් අඩු වේ)

ලකුණු 100ක් ලබාගෙන එංගලන්තය ලබාගත් ලකුණු 72කට එදිරිව සාර්ථක ලකුණු පුවරුවක් නිර්මාණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දකුණතින් පිත්ත හසුරුවන ක්‍රිශාන්ත පීරිස්, සල්මන් ෆාරිස් හා තරිඳු මෙන්ඩිස් ලකුණු අතරට පිවිසීම මෙම තරගයේ ජයග්‍රහණයට දැඩි ලෙස යම් බලපෑමක් එල්ල කළේය. අනිෂ් පටෙල් හා  බ්ලැක් වැන්ඩර් ලින්ඩේ අතරේ කඩුලු 2 බැගින් බෙදී යන ලදි.

එංගලන්තය – 72: සෑම් ස්ටක්ස් 18, කෝලිත හපුආරච්චි 3/04.

ශ්‍රී ලංකාව – 100: ක්‍රිශාන්ත පීරිස් 18, සල්මන් ෆාරිස් 17, තරිඳු මෙන්ඩිස් 17, අනිෂ් පටෙල් 2/03,  බ්ලැක් වැන්ඩර් ලින්ඩේ 2/07.

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම හා එංගලන්ත සංවර්ධන කණ්ඩායම (සිව්වැනි තරගය)

  • එංගලන්තය – 67: රාජා ශශිබ් 23, ගැව් හුස්කින්ස්න් 13, ෆවුසාන් හම්සා 2/(-01), ශකිල් පෙරේරා 2/03.
  • ශ්‍රී ලංකාව – 55: ශෙහාන් විජේතුංග 19, චාරුක රවීන් 11, කිස්මි ටන්විර් 4/(-10)

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම හා එංගලන්ත සංවර්ධන කණ්ඩායම (පස්වැනි තරගය)

  • එංගලන්තය – 38: විලි රුබූටම් 13, රනුෂ්ක පෙරේරා 3/(-06), තිවංක 3/(-06).
  • ශ්‍රී ලංකාව – 92: ශෙහාන් විජේතුංග 26, රවිඳු සිරිවර්ධන 18, ජේම්ස් හන්ට් 2/(-01).

ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේ වැඩි වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක එංගලන්ත ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරග 6කින් සමන්විත ගෘහස්ථ…

ශ්‍රී ලංකා ප්‍රවීණයන් හා එංගලන්ත ප්‍රවීණයන්ගේ සිව්වැනි තරගය

ශ්‍රී ලංකා ප්‍රවීණයන් – 103: මලික් අහමඩින් 28, රියාද් 22, නයීම් අක්බාල් 4/(-09), ස්ටීව් බුල්ග්ර් 2/07.

එංගලන්ත ප්‍රවීණයන් – 42: ස්ටීව් බුල්ග්ර් 23, සචිත්‍ර සිරිබද්දන 5/(-13), තිරාන් තේනබදු 3/(-01).‍

තරගාවලියේ වීරයා හා තරගාවලියේ දක්ෂතම පිතිකරු යන සම්මාන දෙකම ජයග්‍රහණය කළේ එංගලන්තයේ  සෑම් ස්ටක්ස් විසිනි. ඔහු මෙම තරගාවලිය තුළ පිතිකරණයෙන් ලකුණු 101ක් ලබාගෙන ඇත්තේ කඩුලු 6ක් ද දවා ගනිමිනි. එම නිසා එංගලන්ත කණ්ඩායම මෙම තරගාවලිය තුළ යම් සාර්ථකත්වයක් ලබා ගත්තේ ද එම සාර්ථකත්වයෙන් වැඩි කොටසක් හිමි වන්නේ සෑම් හටයි. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සියලු දෙනාම තරගාවලියේ තුළ එකාමෙන් දස්කම් දැක්වූ නිසා තරග 6-0ක් ලෙස එංගලන්ත ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම පූර්ණ තරගාවලි පරාජයකට ලක්කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදා විය. තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා වූ ශ්‍රී ලංකාවේ කෝලිත හපුආරච්චි තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වූයේ කඩුලු 11ක් දවා ගනිමිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<