සදීර සහ දික්වැල්ලගෙන් ඉන්දියානු පන්දු යවන්නන්ට ප්‍රහාරයක්!

1269

ළඟ ළඟම එන ඉන්දියානු ටෙස්ට් තරගාවලිය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් තුල සුබ පෙරනිමිති පහළ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) ඉන්දීය සභාපතිගේ කණ්ඩායමට එරෙහිව කැපී පෙනෙන දක්ෂතා ප්‍රකට කිරීමට සමත් වූහ.

ගුරුකුල විද්‍යාලයට විශිෂ්ට ජයක්

වෙස්ලි විද්‍යාලයට එදිරිව ගුරුකුල විද්‍යාලය කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා ගනිමින් අද (11) දිනය අවසන් වූ සිංගර් කුසලාන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක්ම පැවැත්විය.

ඒ දින දෙකකින් සමන්විත පුහුණු තරගයේ මුල් දිනයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 411ක් රැස්කර ගනිමිනි. මෙවන් දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාවට පන්දුවාර 88ක් පමණක් ප්‍රමාණවත් වූ අතර පිතිකරුවන් ඉතාමත් නිදහසේ ඉන්දීය තණතීරුවල පිත්ත හසුරුවනු දැක ගන්නට ලැබීම ඇසට ප්‍රිය උපදවන දසුනක් විය.

පුහුණු තරගයක් වුවද සමස්ත ඉන්දියාවම සතු විශාලතම සහ ජනප්‍රියතම ක්‍රීඩාංගණයක් වන කල්කටා නුවර ඊඩ්න් ගාර්ඩ්න් පිටියේ දී ඇරඹුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ ඉන්දීය සභාපතිගේ කණ්ඩායමයි. ඒ අනුව පසුගිය දිනවල එකපිට අසාර්ථක වූ ශ්‍රී ලංකා පිතිකරුවන්ව නැවත වරක් නිරුත්තර කිරීමේ අදහසින් ඔවුන් තෝරා ගත්තේ මුලින් පන්දු යැවීමයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිතිකරුවන් එම තීරණාත්මක අභියෝගය භාර ගත්තේ දිනය පුරාවටම ඉතාමත් දර්ශනීය ක්‍රීඩා රටාවක නිරත වෙමිනි.

යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් දෙවැනි තරගයත් ජය ගනී

කණ්ඩායමක් සේ එක්ව ක්‍රීඩා කිරීමේ වාසිය තව දුරටත් තීව්‍ර කර ගත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෝ, වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට්…

පසුගිය මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදු කෙරුණු සංචාරය අතරතුර නැවත වරක් පිත්තෙන් අසාර්ථක වූ කෞෂාල් සිල්වා වෙනුවට අද දිමුත් කරුණාරත්න සමඟ ඉනිම ආරම්භ කළේ සදීර සමරවික්‍රමයි. ඔහු ලැබුණු අවස්ථාවෙන් ඉතාමත් හොඳින් ප්‍රයෝජන ගනිමින් අද පන්දු 77කදී ලකුණු 74ක් රැස්කර ගත්තේය. කුමන තරග රටාවේ දී වුවද වේගවත් ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරන සදීර අද 13 වතාවක්ම පන්දුව හතරේ සීමාව කරා යොමු කරවීමට සමත් විය.

මීට අමතරව පසුගිය ටෙස්ට් තරගාවලිවල හොඳින් ලකුණු අතර සිටිමින් තම ක්‍රීඩා දිවියේ ස්වර්ණමය අවධියක් ගත කරන දිමුත් කරුණාරත්න ද අර්ධ ශතකය සම්පූර්ණ කර ගැනීමෙන් අනතුරුව පිටිය හැර යාමට තීරණය කළේය. ඒ හතරේ පහර 7ක් සමඟිනි. නිශ්චිත සාධාරණ හේතුවකින් තොරව ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් වූ ලහිරු තිරිමාන්න අදත් රැස්කළේ ලකුණු 17ක් පමණි. ඔහුගේ කඩුල්ල නවක පා දඟපන්දු යවන ක්‍රීඩක ආකාෂ් භණ්ඩාරිට හිමිවිය. ආබාධ වලින් සුවය ලැබූ ඇන්ජෙලෝ මැතිව්ස් ද අද ක්ෂණිකව රිද්මයට පිවිසෙමින් ලකුණු 54ක් වාර්තා කළේය. ඔහු තම ස්වකැමැත්තෙන් පිටිය හැර යන විට හතරේ පහර 6ක් එල්ල කොට තිබුණි.

මීට අමතරව ශ්‍රී ලංකා නිත්‍ය ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 29ක් රැස් කිරීමෙන් සෑහීමකට පත්වූ අතර දසුන් ශානකට අද සාර්ථක වීමට හැකි වූයේ නැත. ඒ ලකුණු 2කට ඔහුව දවා ගැනීමට ජලාජ් සක්සීනා සමත් වූ බැවිනි. මෑත කාලීනව පිතිකරණයේ කැපී පෙනෙන දියුණුවක් පෙන්නුම් කරන දිල්රුවන් පෙරේරා ලකුණු 48ක් රැස්කර ගත්තේය. මීට අමතරව දිනය නිමාවන තුරුම කඩුල්ලේ රැඳී සිටි රොෂේන් සිල්වා ලකුණු 36ක් රැස්කර ගත්තේ හතරේ පහර 5ක් සමඟිනි. අනෙක් අන්තයේ සිටින නිරෝෂන් දික්වැල්ල ප්‍රවේගකාරී ලකුණු 73ක් රැස් කරගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටින්නේ හතරේ පහර 13ක් සමඟිනි.

ඒ අනුව ශ්‍රී ලංකාව දිනය නිමා වෙද්දී කඩුලු 6ක් දැවී ලකුණු 411ක් වාර්තා කළේ හෙට දිනයේ තරගය සාර්ථකව කෙළවර කර ගැනීමේ සුබ බලාපොරොත්තු පෙරදැරිවයි. පන්දු යැවීමේ දී දකුණත් මද වේග පන්දු යවන සන්දීප් වොරියර් සහ ආකාෂ් භණ්ඩාරි කඩුලු ද්විත්වය බැගින් බිඳ හෙලූහ. පිතිකරුවන්ගෙන් ධනාත්මකව ප්‍රතිචාරයක් මේ වන විටත් ලැබී ඇති නිසා ශ්‍රී ලංකා පිළ හෙට උදෑසන සිටම තම පන්දු යවන්නන්ගේ හැකියාවන් උරගා බැලීම සඳහා යොමුවනු ඇතැයි සිතිය හැකිය. ඒ අනුව ලබන 16 වෙනිදා සිට ඇරඹෙන ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ ප්‍රතිඵලය පිළිබඳ දළ අවබෝධයක් ලබා ගැනීමට හෙට දිනයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් දක්වන දස්කම් මිනුම් දණ්ඩක් ලෙස භාවිතා කළ හැකිවනු ඇත.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 411 (පන්දුවාර 88): සදීර සමරවික්‍රම 74, නිරෝෂන් දික්වැල්ල 73*, ඇන්ජෙලෝ මැතිව්ස් 54, දිමුත් කරුණාරත්න 50, දිල්රුවන් පෙරේරා 48, රොෂේන් සිල්වා 36*, දිනේෂ් චන්දිමාල් 29, සන්දීප් වොරියර් 2/60, ආකාෂ් භණ්ඩාරි 2/111.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<