SAG – ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලෝකඩ පදක්කම ජය ගනී

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල 2019 - වොලිබෝල්

118

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි වොලිබෝල් තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා වන තරගය අද (02) ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්විය. එහි දී තරග වට 3-1ක් ලෙස ජයග්‍රහණය ලබා ගනිමින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

SAG2019 – ශ්‍රී ලංකාව තරගයක් දී තෙවැනි ස්ථානය සඳහා තරගයට

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ B කාණ්ඩය යටතේ ක්‍රීඩා කළ අතර ඔවුන් පළමු තරගයේ දී මාලදිවයින තරග වට 3-0ක් ලෙස පරාජය කළේය. පළමු වටයේ දෙවන තරගයේ දී පාකිස්තානය හමුවේ තියුණු තරගයකින් අනතුරුව තරග වට 3-1ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. 

එම කාණ්ඩයේ දෙවන ස්ථානය ලබා ගනිමින් අවසන් පූර්ව වටය සඳහා පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට එම වටයේ දී මුණගැසුණේ ප්‍රබල ඉන්දීය කණ්ඩායමයි. තරග වට 4කින් අනතුරුව ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. ඒ අනුව ඉන්දීය කණ්ඩායම තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. 

Photos : Sri Lanka vs Bangladesh | 3rd Place | Men’s Volleyball | SAG 2019

බංග්ලාදේශ කණ්ඩායම තරගාවලියේ A කාණ්ඩයේ ක්‍රීඩා කළ අතර ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජය වී නේපාල කණ්ඩායම හමුවේ ජයග්‍රහණය වාර්තා කිරීමට ඔවුන් සමත් විය. 

අවසන් පූර්ව වටයේ දී පාකිස්තාන කණ්ඩායම හමුවේ පරාජය වීම නිසා ඔවුන් තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා වන තරගයට පිවිසියේය. අවසන් තරගයේ ඉන්දීය ප්‍රතිවාදියා වීමට පාකිස්තානය සමත් විය. 

තරගයේ පළමු වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තරමක පසුබෑමකට ලක්ව සිටි අතර ඉන් උපරිම ප්‍රයෝජනය ලබා ගත් බංග්ලාදේශ කණ්ඩායම තියුණු සටනකින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරීමට සමත් විය. එම වටයේ ලකුණු තත්ත්වය දැක්වූයේ ලකුණු 23-25ක් ලෙසිනි. 

SAG2019 – ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට ප්‍රබල ප්‍රහාරයක්

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පිරිමි ……….

පළමු වටයේ දී සිදු වූ අඩුපාඩු මඟහරවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර බංග්ලාදේශ කණ්ඩායමට ප්‍රබල ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු පිරිනැමීම් හා වැළැක්වීම් ප්‍රබල මට්ටමක පැවතිනි. ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන තරග වටය ජයග්‍රහණය කළේ ලකුණු 25-20ක් ලෙසිනි. 

දෙවන තරග වටයේ දී ලබා ගත් පන්නරය තවදුරටත් රඳවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තුන්වැනි තරග වටයේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ක්‍රීඩා රටාවකට පිවිසි අතර බංග්ලාදේශ කණ්ඩායම අසරණ කරමින් එල්ල කළ ප්‍රහාර හමුවේ එම වටයේ ජයග්‍රහණය හිමි වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. එහි ලකුණු තත්ත්වය දැක්වූයේ ලකුණු 25-16ක් ලෙසිනි. 

සිව්වැනි තරග වටය වන විට ශ්‍රී ලංකා කණ්ඩායම තරග වට 2-1ක් ලෙස පෙරමුණ ගෙන සිටි අතර මෙම තරග වටය ජයග්‍රහණය කරමින් තරගය ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රබල උත්සාහයක් ගන්නා ආකාරයක් දක්නට ලැබුණි. 

සිව්වැනි තරග වටයේ මුල් මිනිත්තු කීපය තුල කණ්ඩායම් දෙකම ප්‍රබල සටනක නිරත වී සිටි අතර එක් අවස්ථාවක කණ්ඩායම් දෙකම ලකුණු 9 බැගින් ලබාගෙන සම තත්වයේ පසුවිය. 

SAG2019 – පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාව පසුබසියි

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පිරිමි …………..

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ අවසන් මිනිත්තු කීපය වන විට ප්‍රබල ක්‍රීඩා රටාවකට අවතීර්ණ වූ අතර පිට පිට ලකුණු ලබාගනිමින් බංග්ලාදේශ කණ්ඩායමට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වැනි තරග වටය ජයග්‍රහණය කළේ ලකුණු 25-21ක් ලෙසිනි. 

එම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය. ඒ තරග වට 3-1ක් ලෙසිනි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<