ශ්‍රී ලංකා පිතිපෙළ හොලන්ඩ්ගේ දඟපන්දුවට බිලිවෙයි; තිරිමාන්න බේරෙයි

422

ලබන බ්‍රහස්පතින්දා (24) බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන්නට නියමිත ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියට පෙර සූදානමක් වශයෙන් පැවති තුන්දින පුහුණු තරගය අද (19) නිමාවට පත්විය. ඒ ජය පරාජයකින් තොරවයි.

කෙසේ වෙතත් තරගය පුරාවට සාපේක්ෂව වැඩි දක්ෂතා දැකගන්නට ලැබුණේ සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙන් බව තරගය නැරඹූ ඕනෑම කෙනෙකු පිළිගන්නා සත්‍යයකි. ඕස්ට්‍රේලියානු සංචාරයේ මුල් ජාත්‍යන්තර තරගය දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වෙන බැවින් මෙම පුහුණු තරගය ද ක්‍රියාත්මක වූයේ රෝස පැහැ පන්දුව යොදාගෙන බෙලරිව් ඕවල් ක්‍රීඩාංගණයේ ඇති ආලෝක ධාරා මධ්‍යයේයි.

දෙවැනි දිනය නිමා වෙද්දී කැන්ගරුවන් සුක්කානම අතට ගනියි

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ දෙවැනි දිනය අද (18) ගෙවී ගියේ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තරගයේ

අද දිනයේ සිදු වූ වැදගත්ම සිදුවීම වූයේ ප්‍රථම ඉනිමේ දී මනෝහර පිතිකරණ රටාවක නිරත වෙමින් නොදැවී ලකුණු 157ක් ලබාගත් වමත් මැදපෙළ පිතිකරු කර්ටිස් පැටර්සන් දෙවැනි ඉනිමේ දී තවත් ශතකයක හිමිකරු බවට පත්වීමයි. පන්දු 136කට මුහුණ දෙමින් ඔහු නොදැවී ලබාගත් ලකුණු 102ට හතරේ පහර 13ක් ද ඇතුළත් විය. ඒ අනුව ඉනිම දෙකේ දී ම ඔහුව දවා ගත හැකි පන්දු යවන්නෙකු ශ්‍රී ලංකා කණ්ඩායම සතු වූයේ නැත.

කෙසේ වෙතත් මෙලෙස ලකුණු අතර සිටින 25 හැවිරිදි කර්ටිස් පැටර්සන් පිළිබඳ අවාසනාවන්ත සිදුවීම නම් ඔහු ලබන බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාව සමඟින් තරග කරන ඕස්ට්‍රේලියානු සංචිතයට ඇතුළත් කර නොතිබීමයි. ඒ පිළිබඳව මේ වන විටත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් තමන් දුර දිග නොබලා ලබාගත් තීරණය පිළිබඳ පසුතැවෙනු නොඅනුමානයි.

ඊයේ දිනය සඳහා තරගය අත්හිටු වන විට කඩුලු 2ක් දැවී ලකුණු 99ක් ලබා සිටි කැන්ගරුවන් අද දිනය තුල දී ශ්‍රී ලංකාවට ලබා දුන්නේ එකම එක කඩුල්ලක් පමණි. ඒ අතරතුර ලකුණු 224ක් දක්වා ලකුණු පුවරුව ඉහළ දමාගෙන ශ්‍රී ලංකාවට නැවත පිතිකරණයේ යෙදීමේ අවස්ථාව ලබා දෙන්නට ද ඔවුහු සමත් වූහ. අද බිඳ වැටුණු එකම කඩුල්ලේ හිමිකරු බවට පත්වූයේ ලකුණු 50ක් ලබා සිටි මාර්නස් ල’බුශේන්ව දවා ගත් ලහිරු කුමාරයි. ඔහුගේ සුරතින් ගිලිහුණු පන්දුව පිත්තේ අග්‍රයක දැවටී දෙවැනි ස්ලිප් හි සිටි ධනංජය ද සිල්වා පහසු උඩපන්දුවක් ලෙසින් රැක ගත්තේය.

ඒ අනුව ඕස්ට්‍රේලියාවට වඩා ලකුණු 364ක් පිටුපසින් සිටිමින් අද සන්ධ්‍යාවේ තම දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාවට එහි දී ද සාර්ථක වන්නට ජෝන් හොලන්ඩ් ප්‍රමුඛ කැන්ගරුවන් ඉඩ තැබුවේ නැත. කෙසේ වෙතත් ඉනිමේ මුල්ම කඩුලු 2 බිඳ දමමින් කැන්ගරුවන්ට සාර්ථක ආරම්භයක් ගෙන දුන්නේ දකුණත් මද වේගපන්දු යවන්නෙකු වන මයිකල් නෙසර් විසිනුයි.

දෙවැනි ඉනිමේ සාර්ථක පිතිකරුවෙකු ලෙස නම් දරා සිටින දිමුත් කරුණාරත්නගේ කඩුල්ල සහ අපරීක්ෂාකාරී ඩ්‍රයිව් පහරක ප්‍රතිඵලයක් ලෙස ස්ලිප් කලාපයට උඩපන්දුවක් ලබා දුන් නිරෝෂන් දික්වැල්ලගේ කඩුල්ල ඔහු තම ගිණුමට බැර කර ගත්තේය.

“අපිට ඕන හොඳ ආරම්භයක්” – දිනේෂ් චන්දිමාල්

නවසීලන්තයේ දී කිසිදු ජයක් වාර්තා කර ගැනීමට නොහැකි වුනත් ශ්‍රී ලංකා කණ්ඩායම

ඉන්පසුව ඕස්ට්‍රේලියානු නායකයා රෝස පැහැ පන්දුව වමත් පිට දඟපන්දු යවන්නෙකු වන ජෝන් හොලන්ඩ්ට භාර කෙරූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ විශේෂඥ පිතිකරුවන් ඔහු හමුවේ අසරණ වූයේ කිසිදා දඟපන්දු යවන්නෙකුට ක්‍රීඩා කර නොමැති ආකාරයටයි. හොලන්ඩ්ගේ පළමු බිල්ල ලෙස කඩුල්ල කෙළින් ඇදී ආ පන්දුව තෝරා බේරා ගත නොහැකිව අවසන් මොහොතේ පිත්ත ඉවත් කර ගත් ධනංජය ද සිල්වා දැවී ගියේ ලකුණු දෙකක් පමණක් ලබා සිටිය දීයි. ඉන් අනතුරුව කුසල් පෙරේරා සීමා ඉරෙන් ඉවතට පැන පා ඉන්න දෙසින් වේගවත් පහරක් එල්ල කිරීමට යාමේ දී පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.

මේ අතරතුර එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් යම් තරමක හෝ සටනක් ලබා දුන්නේ නොදැවී ලකුණු 46ක් රැස්කළ ලහිරු තිරිමාන්න පමණි. ඒ අතරතුර ඔහුටම ආවේණික දර්ශනීය ඩ්‍රයිව් පහරවල් වලින් ලබා ගත් හතරේ පහර 2ක් ද ප්‍රේක්ෂකයින්ට දැකගත හැකි විය. නැවතත් ක්‍රියාත්මක වූ ජෝන් හොලන්ඩ් ලකුණු 14ක් ලබා සිටි දිල්රුවන් පෙරේරාව පිටියෙන් ඉවත් කළේ කඩුල්ල කෙළින් ඇදී ගිය පන්දුව දිල්රුවන් පෙරේරා තම පාදයේ දවටා ගැනීමත් සමඟයි. ඉනිම දෙකේ දී ම දක්ෂතා ප්‍රකට කිරීමට අපොහොසත් වූ සදීර සමරවික්‍රම පිට ඉන්නට සෑහෙන දුරින් ගමන් කළ පන්දුවක් දෙගිඩියාවකින් යුතුව එල්ල කළ පහරක් මඟින් කඩුල්ල මතට ඇද දමා ගැනීමෙන් දැවී ගියේය.

පොඩි කුසල් අවදානමෙන් මිදෙද්දී තව කෙනෙක් ආබාධයකට

ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම ප්‍රේක්ෂකයින් ද වික්ෂිප්ත කරමින් කුසල් මෙන්ඩිස් ඊයේ (17) ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම

ඒ අනුව අද රාත්‍රියේ තරගය නවත්වන විට ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 131ක් ලබා සිටිය හ. ඒ පන්දුවාර 51කට මුහුණ දෙමිනි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් මෙන්ම සුළැඟිල්ලේ ආබාධයකට ලක්වූ කුසල් මෙන්ඩිස් හෝ දෙවැනි ඉනිම අතරතුරේ දී පන්දුවට පහර දීමට පැමිණියේ නැත. මුල් දිනයේ පන්දුවාර දෙකක් ක්‍රියාත්මක කරන විට පාදයේ ආබාධයකට ලක්වූ නුවන් ප්‍රදීප් ද ඉන් අනතුරුව දැක ගැනීමට ප්‍රේක්ෂකයින්ට ඉඩ ලැබුණේ නැත.

ශ්‍රී ලංකා කණ්ඩායමට ඇන්ජෙලෝ මැතිව්ස්ගේ සේවය ද මේ වන විටත් අහිමිව ඇති නිසා මෙම ආබාධ තත්ත්වයන් අවසන් ප්‍රතිඵලයට තීරණාත්මක ලෙස බලපෑම් එල්ල කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. අද නිමා වූ තුන්දින පුහුණු තරගයේ වීරයා ලෙස ඉනිම දෙකේ දී ම ශතක ලබාගත් නමුදු ඕස්ට්‍රේලියානු ජාතික සංචිතයේ ස්ථානයක් අහිමි වූ අවාසනාවන්ත ක්‍රීඩක – කර්ටිස් පැටර්සන් සම්මාන දිනා ගත්තේය.

ඕස්ට්‍රේලියානු (ප්‍රථම ඉනිම): කඩුලු 5ක් දැවී ලකුණු 316 (පන්දුවාර 75)

කර්ටිස් පැටර්සන් 157*, ජේක් ඩොරාන් 102*, විල් පුකොව්ස්කි 23, දුෂ්මන්ත චමීර 3/57, කසුන් රාජිත 2/71.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) : කඩුලු 5ක් දැවී ලකුණු 176 (පන්දුවාර 75)

දිමුත් කරුණාරත්න 44, රොෂේන් සිල්වා 36*, ලහිරු තිරිමාන්න 32, දිනේෂ් චන්දිමාල් 32, ධනංජය ද සිල්වා 14, මාර්නස් ල’බුශේන් 2/27, ස්කොට් බෝලන්ඩ් 2/37.

ඕස්ට්‍රේලියානු (දෙවැනි ඉනිම): කඩුලු 3ක් දැවී ලකුණු 224 (පන්දුවාර 59)

කර්ටිස් පැටර්සන් 102*, මාර්නස් ල’බුශේන් 50, විල් පුකොව්ස්කි 33, ජෝ බර්න්ස් 22, කසුන් රාජිත 1/9, දුෂ්මන්ත චමීර 1/28, ලහිරු කුමාර 1/48.

ශ්‍රී ලංකා (දෙවැනි ඉනිම): කඩුලු 6ක් දැවී ලකුණු 131 (පන්දුවාර 51)

ලහිරු තිරිමාන්න 46*, රොෂේන් සිල්වා 23, නිරෝෂන් දික්වැල්ල 19, ජෝන් හොලන්ඩ් 4/28, මයිකල් නෙසර් 2/8.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<