ශ්‍රී ලංකාව ඇෆ්ගන් ක්‍රීඩකයන් ඉදිරියේ දනින් වැටෙයි

406

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන්ට ද යමක් කළ හැකි බැව් ඔප්පු කළ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෝ අද (17) අබුඩාබි හි ෂෙයික් ෂායෙට් ක්‍රීඩාංගණයේ දී පැවැති ශ්‍රී ලංකාව හා තරගයේ දී ලකුණු 91ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සමත් වූයේ ය.

ආසියානු ක්‍රිකට් තරගාමාලාවේ තමන් සහභාගී වූ 50 වැනි තරගය කඳුළුන් සැමැරූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇෆ්ගනිස්තානය ඉදිරියේ පරාජය වූ හ. ඔවුන් මෙම පරාජය ලබන්නේ නිමා වූ 2014 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ද ශූරයන් ලෙසිනි. මෙම තරග පරාජයත් බංග්ලාදේශය වෙතින් ලත් පරාජයත් හේතුවෙන් ශ්‍රී ලංකාව 2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් එළියට ද වීසි වුණි.

අවසන් පිම්ම පනින්නට පෙර

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයේ දී ම ශ්‍රී ලංකාව බංග්ලාදේශය හමුවේ අනපේක්ෂිත, දැවැන්ත පරාජයක් ලබා…..

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පැවැති තෙවැනි තරගය වෙනුවෙන් උරගා බැලුණ කාසියේ වාසිය ඇෆ්ගනිස්තාන නායකයා දිනා ගත් අතර දැඩි දාහයෙන් යුත් ක්‍රීඩාංගණයේ පන්දු රැකීම ශ්‍රී ලංකා කණ්ඩායමට බාර කරමින් ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ හ. ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගන් ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 249ක් ලබා ගත් අතර පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 158ක් පමණි. ඒ ඉනිම නිමා වීමට තවත් පන්දු 52ක් ඉතිරිව තිබිය දී ය.

ඇෆ්ගනිස්තාන් ක්‍රීඩකයෝ පිටියට පිවිසෙමින් පළමු පන්දු වාර 10 තුළ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 4.5කින් පවත්වාගෙන යෑමට සමත් වූයේ කිසිදු කඩුල්ලක් ප්‍රතිවාදීන්ට බිලි නොදෙමිනි. ආරම්භක පිතිකරුවන් වූ මොහොමඩ් ශෂාඩ් සහ ඉහසනුල්ලා ජානට් වඩාත් ආරක්ෂාකාරී වෙමින් ඇෆ්ගන් ඉනිම ගොඩ නගමින් සිටිය හ.

එහෙත් අකිල දනංජය විසින් යැවුණ ඔහුගේ තෙවැනි පන්දු වාරයේ සිවු වැනි පන්දුවේ දී අසාර්ථක රිවර්ස් ස්විප් පහරකට යෑමෙන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යෑමට මොහොමඩ් ශෂාඩ් ට සිදු වූයේ ය. ඒ වෙද්දී ඇෆ්ගනිස්තාන ලකුණු පුවරුව 57ක් ව තිබුණ අතර ශෂාඩ් රැස් කළ ලකුණු සංඛ්‍යාව 34කි. පන්දු 47ක් පිටියේ රැදී සිටි ශෂාඩ් ගේ ඉනිමට හතරේ පහර 4ක් සහ අකිල දනංජයට ලෝන් ඔෆ් කලාපයෙන් එල්ල කළ හයේ පහරක් ද විණි.

ඇෆ්ගන් ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ද අර්ධ ශතක ලකුණු සබඳතාවක් එක් වීම කැපී පෙණුනි. ඉහසනුල්ලා ජානට් සහ රහ්මඩ් ෂා එවර ක්‍රීයාත්මක වූ හ. ලකුණු පුවරුව 107ක් වෙද්දී ඉහසනුල්ලා ද තම කඩුල්ල අහිමි කර ගත්තේ අකිල දනංජයට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමිනි. ඒ වෙද්දී ඉහසනුල්ලා පන්දු 65කට මුහුණ දී හතරේ පහර 6ක් සමගින් ලකුණු 45ක් ලබා සිටියේ ය.

එම පන්දු වාරයෙන් අනතුරුව ෂෙහාන් ජයසූරිය විසින් යැවුණ පන්දු වාරයේ අවසන් පන්දුවේ දී නායක අස්ගර් ඇෆ්ගන් ද කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූයේ ය. ඔහුට රැස් කර ගත හැකි වූයේ ලකුණක් පමණි.

තිසර පෙරේරා ගේ පිට ඉන්නෙන් පිටත පතිත වූ පන්දුවකට එල්ල කළ හතරේ පහරත් සමගින් රාහ්මට් ෂා තම එක්දින ජාත්‍යන්තර පිටියේ 12 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූයේ ය. ඔහු සිවු වැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වූයේ පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමගින් ලකුණු 72ක් ලබා ගනිමිනි.

දුෂ්මන්ත චමීර විසින් යැවුණ පන්දුවකට තිසර පෙරේරා උඩ පන්දුවක් ලබා ගනිමි ෂා ගේ ඉනිම අවසන් කරද්දී ඔහු හෂ්මටුල්ලා ශහිඩි හා එක්වෙමින් සිවු වැනි කඩුල්ලට ලකුණු  80ක සබඳතාවක් එක් කර තිබුණි. එය ඇෆ්ගන් ඉනිමේ ඉහළ ම ලකුණු සබඳතාව ද විණි.

ඇෆ්ගනිස්තාන ඉනිමේ 5 වැනි කඩුල්ල දවා ගැනීමට තිසර පෙරේරා සමත් වූයේ හෂ්මටුල්ලා ශහිඩි ගේ පා ඉන්න ගලවා දවමිනි. ඒ වෙද්දී ශහීඩ් පන්දු 52කට මුහුණ දී හතරේ පහර 2ක් සමගින් ලකුණු 37ක් ලබා සිටියේ ය. ලකුණු පුවරුව කියැවුණේ 203ක් ලෙසිනි.

ඇෆ්ගනිස්තාන ලකුණු පුවරුවට ඩබල් නෙල්සන් පැමිණීමත් සමගින් අද දවසේ තමන්ගේ පළමු කඩුල්ල වාර්තා කිරීමට ලසිත් මාලිංග සමත් වූයේ ය. ඒ මොහොමඩ් නබී ලකුණු 15කට දවා ගනිමිනි. මාලිංග ගේ පන්දුවලට කඩුලු ලබා ගැනීමේ අවස්ථාවන් කිහිපයක් ම දුර්වල පන්දු රැකීම හමුවේ මඟ හැරී යද්දි එවර සාර්ථක රැක ගැනීමක් වාර්තා කළේ තිසර පෙරේරා ය.

ඊළඟ පන්දු වාරයේ දී නජිබුල්ලා ශද්‍රාන් (14)  දවා ගැනීමට තිසර පෙරේරා සමත් වූ අතර අවසන් පන්දු වාරයේ දී ද නැවත ක්‍රියාත්මක වෙමින් ගුල්බඩින් නයිබ් (04) රෂීඩ් ඛාන් (13) සහ මුජීබර් රහමන් (00) ද දවා ගත්තේ ය. ඒ අනුව තිසර පෙරේරා ඇෆ්ගන් ඉනිමේ කඩුලු 5ක් ලකුණු 55කට දවා ගනිමින් ප්‍රතිවාදීන්ට එරෙහි ව හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වූයේ ය. තිසර එක්දින ජාත්‍යන්තර පිටියේ කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් සිවු වැනි අවස්ථාවයි අද වාර්තා කරනු ලැබුවේ.

තිසරට අමතර ව අකිල දනංජය කඩුලු 2ක් දවා ගත් අතර ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර සහ ශෙහාන් ජයසූරිය අතර කඩුල්ල බැගින් බෙදී ගිය හ.

හඹා යන ඉනිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ඉනිමේ දෙවැනි පන්දුවේ දී දවා ගැනීමට ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ සමත් වූ හ. ඒ කුසල් මෙන්ඩිස් (00) කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමිනි.

පාකිස්තානය පහසුවෙන්ම හොංකොං පරාජය කරයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තරග ආරම්භ කරමින් අද (16) පැවති තරගයෙන් කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වූහ. ඩුබායි ජාත්‍යන්තර……

අනතුරුව උපුල් තරංග සහ ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 54ක් දක්වා රැගෙන ඒමට සමත් වූ හ. ධනංජය පන්දු 38කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 23ක් ලබා සිටිද්දී දුවන්නට යෑමට ගොස් ගොදුරු වුණි. උපුල් තරංගට ද ලබා ගත හැකි වූයේ ලකුණු 36ක් පමණි. ඔහු එම ලකුණු සංඛ්‍යාව සඳහා පන්දු 64කට මුහුණ දුන් අතර හතරේ පහර 3ක් එම ඉනිමට ඇතුලත් කර ගත්තේ ය. උපුල් තරංග තරගයෙන් ඉවත් වෙන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 88 නතරවී තිබුණි.  

ශ්‍රී ලංකා ඉනිමේ ස්ථාවර ඉනිමක් ගොඩ නගන අයුරක් කිසිදු අවස්ථාවක දැක ගැනීමට කිසිවෙක්ට අවස්ථාව උදා නොවුණි. කුසල් ජනිත් පෙරේරා පන්දු 17ක දී හතරේ පහර 2ක් සමගින් ලකුණු 17ක් ලබා දැවී යද්දී නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 39කට මුහුණ දී ලකුණු 22ක් ලබා දැවී ගියේ ය.

අනතුරුව තිසර පෙරේරා ද පන්දු 36කට මුහුණ දී හතරේ පහර 2ක් සමගින් ලකුණු 28ක් ලබා සිටිය දී තම කඩුල්ල අහිමි කර ගත්තේ ය.  දසුන් ශානක (00) ගේ ඉනිම පන්දු දෙකකට සීමා වූ අතර අකිල දනංජයට ද ලබා ගත හැකි වූයේ ලකුණු 2ක් පමණි. ලසිත් මාලිංග (01) අවසන් කඩුල්ල ලෙසින් දැවී යද්දී තරගය අවසන් වෙන විට දුශ්මන්ත චමීර ලකුණු 2ක් ලබා නොදැවී පිටියේ රැදී සිටියේ ය.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 4 ලකුණු 15ක් තුළ බිඳ දැමීමට ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ සමත් වූ හ. පන්දු යැවීමේ දී මුජීබර් රහමන්, ගුල්බඩීන් නයිබ්, මොහොමඩ් නබි සහ රෂීඩ් ඛාන් කඩුලු 2 බැගින් දවා ගත් හ.

මෙවර ආසියානු ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් 3ක් අද තරගයේ දී සිදු කර තිබුණි. ඒ තුන් ඉරියව් ක්‍රීඩක ඩිල්රුවන් පෙරේරා, අමිල අපොන්සු සහ සුරංග ලක්මාල් වෙනුවට ෂෙහාන් ජයසූරිය, අකිල ධනංජය සහ දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳවමිනි. ඇෆ්ගනිස්තාන කණ්ඩායම දඟ පන්දු යවන්නන් තිදෙනෙක්, වේග පන්දුයවන්නෙක් සහ එක් තුන් ඉරියව් ක්‍රීඩකයෙක්ගෙන් සමින්විතව කණ්ඩායම නම් කර තිබුණි.

ඇෆ්ගනිස්තානය ; කඩුලු 9ක් දැවී 249 (50.0) මොහොමඩ් ශෂාඩ් 34, ඉහසනුල්ලා ජානට් 45, රහ්මඩ් ෂා 72, හෂ්මටුල්ලා ශහිඩි 37, තිසර පෙරේරා 5/55, අකිල දනංජය 2/39

ශ්‍රී ලංකාව ; සියලුම දෙනා දැවී 158 (41.2) උපුල් තරංග 36, ධනංජයද සිල්වා 23, ඇන්ජලෝ මැතිව්ස් තිසර පෙරේරා 28, මුජීබර් රහමන් 2/32, ගුල්බඩීන් නයිබ් 2/29, මොහොමඩ් නබි 2/30, රෂීඩ් ඛාන්2/26

තරගාවලියේ පැවැත්වෙන සිවු වැනි තරගය ඉන්දියාව සහ හොංකොං අතර හෙට (18) පැවැත්වෙනඅත තරගයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com සමග ම.  

> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<









Title





Full Scorecard

Afghanistan

249/10

(50 overs)

Result

Sri Lanka

158/10

(41.2 overs)

Afg won by 91 runs

Afghanistan’s Innings

Batting R B
Mohammed Shahzad lbw by A Dananjaya 34 47
Ihsanullah Janat lbw by A Dananjaya 45 65
Rahmat Shah c T Perera b D Chameera 72 90
Asghar Afghan lbw by S Jayasuriya 1 5
Hashmatullah Shahidi b T Perera 37 52
Mohammed Nabi c T Perera b L Malinga 15 12
Najibullah Zadran b T Perera 12 14
Gulbadin Naib c A Dananjaya b T Perera 4 5
Rashid Khan b T Perera 13 6
Aftab Alam not out 7 2
Mujeeb Rahman b T Perera 0 2
Extras
9 (lb 2, w 7)
Total
249/10 (50 overs)
Fall of Wickets:
1-57 (M Shahzad, 11.4 ov), 2-107 (I Janat, 24.4 ov), 3-110 (A Afghan, 26 ov), 4-190 (R Shah, 41.1 ov), 5-203 (H Shahidi, 44.2 ov), 6-222 (M Nabi, 46.3 ov), 7-227 (N Zadran, 47.5 ov), 8-242 (G Nab, 49.1 ov), 9-249 (R Khan, 49.4 ov), 10-249 (M Rahman, 50 ov)
Bowling O M R W E
Lasith Malinga 10 0 66 1 6.60
Dushmantha Chameera 10 2 43 1 4.30
Thisara Perera 9 0 55 5 6.11
Akila Dananjaya 10 0 39 2 3.90
Dananjaya de Silva 5 0 22 0 4.40
Shehan Jayasuriya 6 0 22 1 3.67

Sri Lanka’s Innings

Batting R B
Kusal Mendis lbw by Mujeeb 0 2
Upul Tharanga c A Afghan b G Naib 36 64
Dananjaya de Silva (runout) Shenwari 23 38
Kusal Janith b R Khan 17 17
Angelo Mathews c R Khan b M Nabi 22 39
Shehan Jayasuriya (runout) R Khan 14 28
Thisara Perera b G Naib 28 36
Dasun Shanaka b Mujeeb 0 2
Akila Dananjaya b M Nabi 2 10
Lasith Malinga lbw by R Khan 1 7
Dushmantha Chameera not out 2 5
Extras
13 (b 2, lb 5, w 6)
Total
158/10 (41.2 overs)
Fall of Wickets:
1-0 (K Mendis, 0.2 ov), 2-54 (De Silva, 13.1 ov), 3-86 (K Janith, 19.5 ov), 4-88 (U Tharanga, 20.2 ov), 5-108 (S Jayasuriya, 27.1 ov), 6-143 (A Mathews, 35 ov), 7-144 (D Shanaka, 35.3 ov), 8-153 (A Dananjaya, 38.2 ov), 9-156 (T Perera, 40.2 ov), 10-158 (L Malinga, 41.2 ov)
Bowling O M R W E
Mujeeb Rahman 9 1 32 2 3.56
Aftab Alam 7 0 34 0 4.86
Gulbadin Naib 8 0 29 2 3.63
Mohammed Nabi 10 1 30 2 3.00
Rashid Khan 7.2 0 26 2 3.61