මැතිව්ස් එක වී ශ්‍රී ලංකාව දෙක වූ එක්දින තරගාවලිය

646

තරගාවලියක නිමාව ගණිත විජ්ජාවකි. ඉලක්කම් මත යැපෙන තරගයක වාර්තාවන් ලියැවෙන්නේ ද ඉලක්කම් ඉහළ පහළ යන ආකාරය අනුව ය. ඒ අනුව නොබෝදා නිමා වූ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගාවලියේ ගණිත තතු විමසීමට අප උත්සාහ කළෙමු. මේ එහි සංක්ෂිප්තයයි.  

අකිල දනංජය ලොව එක්දින පන්දු යවන්නන් අතරේ ඉදිරියට

තරග පහකින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු එක්දින ක්‍රිකට් තරගාවලිය ඊයේ (12) අවසන් වූ අතර තරගාවලියට පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්…

363/7 තරගාවලියේ තරගයක දී වැඩිම ලකුණු ලබා ගත් කණ්ඩායම වෙන්නේ දකුණු අප්‍රිකානුවෝ ය. ඔවුන් දෙරට අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවති තෙවැනි එක්දින තරගයේ දී මේ දක්ෂතාවට පිවිසිය හ. දිවා තරගයක් ලෙසින් පැවති මෙම තරගයේ දී දකුණු අප්‍රිකානුවන් වෙනුවෙන් රීසා හෙන්ඩ්‍රික්ස් ශතකයක් ලබා ගත් අතර හෂීම් අම්ලා, ජේ. පී. ඩුමිනි සහ ඩේවිඩ් මිලර් අර්ධ ශතක වාර්තා කළහ. තරගයෙන් ලකුණු 78ක ජයග්‍රහණයක් ඔවුන් ලබා ගැනීමට ද සමත් වූහ.

648 තරගයක කණ්ඩයම දෙකේ ඉහළම දක්ෂතාව වෙන්නේ පල්ලෙකැලේ පැවති තෙවැනි එක්දින තරගයයි. එම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දෙන දකුණු අප්‍රිකානුවෝ කඩුලු 7ක් දැවී ලකුණු 363ක් ලබා ගන්නා අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලබා ගන්නා ලද ලකුණු ප්‍රමාණය සියලුම දෙනා දැවී 285කි. දෙපිළේ දැවී ගිය කඩුලු සංඛ්‍යාව 17ක් වන අතර දෙපිලේම ක්‍රීඩකයෝ ඒ සඳහා වැය කළ පන්දුවාර සංඛ්‍යාව 95.2කි.  

235 තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වුනේ ඇන්ජලෝ මැතිව්ස් ය. ඔහු තරග 5කට ක්‍රීඩා කරමින් ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාවට අර්ධ ශතක දෙකක් ඇතුලත් වෙන්නේය. කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් තරගයේ දී ඔහු නොදැවී රැස් කරන ලද ලකුණු 97 ඔහුගේ එක්දින තරග පිටියේ මෙරට උපරිම දක්ෂතාව වන්නේය. එම අර්ධ ශතකයට අමතරව මැතිව්ස් දඹුල්ලේ දී පැවති දෙවැනි එක්දින තරගයේ දී නොදැවී ලකුණු 79ක් ලබා ගන්නේය.  

78.33 මැතිව්ස් රැස් කරන ලද ලකුණු ප්‍රමාණයේ සාමාන්‍ය වන්නේය. එය තරගාවලියේ ක්‍රීඩකයෙක්ගේ ලකුණු ලබා ගැනීමේ හොඳම සාමාන්‍ය වන්නේය. ඔහු තරගාවලියේ දී තරග දෙකක දී නොදැවී සිටීමට සමත් වෙන්නේය.

අකිලගේ මැජික් පන්දු යැවීම දකුණු අප්‍රිකානුවෝ අසරණ කරයි

අකිල දනංජයගේ දක්ෂ පන්දු යැවීම හමුවේ අසරණ වූ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ දෙරට අතර අද (12) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමා වූ 5 වැනි සහ අවසන් එක්දින තරගයේ දී ලකුණු 178ක පරාජයක් ලැබුවා.

4×254 තරගාවලියේ දී වාර්තා වූ හතරේ පහර සංඛ්‍යාවෙහි එකතුව ලකුණු 988ක්. මින් වැඩිම හතරේ පහර ලකුණු එකතුවක් වාර්තා කරන්නේ සත්කාරකයෝ ය. ඔවුන් හතරේ පහර 133ක් වාර්තා කරමින් ලකුණු 532ක් ඒ මගින් රැස් කරති. ප්‍රතිවාදීන් රැස් කරන්නේ හතරේ පහර 121කි. එහි එකතුව 484කි.

6×41 තරගාවලියේ වාර්තා වූ හයේ පහර සංඛ්‍යාවෙහි එකතුව 246ක් වන අතර එහි දී ප්‍රමුඛතාව ගන්නේ ද සත්කාරකයෝ ය. ඔවුන් විසින් වාර්තා කරන ලද හයේ පහර සංඛ්‍යාව 21කි.  එහි එකතුව ලකුණු 126කි. ප්‍රතිවාදීන් ලකුණු 120ක් ලබා ගන්නේ හයේ පහර 20ක් වාර්තා කරමිනි.

33 ක්වින්ටන් ඩි කොක් තරගාවලියේ වැඩිම සීමා ලකුණු වාර්තා කළ ක්‍රීඩකයා විය. ඩි කොක් තරගාවලියේ දී ලකුණු 213ක් ලබා ගත් අතර ඉන් සීමා ලකුණු මගින් ලබා ලකුණු ප්‍රමාණය 126කි.

130 ජේ. පී. ඩුමිනි සීමා ලකුණු එල්ල කරමින් වැඩිම ලකුනු ලබාගත් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවෙන් ප්‍රමුඛයා විය. ඔහු තරගාවලිය පුරා එල්ල කර හතරේ පහර ප්‍රමාණය 19ක් වන අතර එල්ල කරන ලද හයේ පහර සංඛ්‍යාව 9කි.

102 තරගාවලියේ එකම ශතකලාභියා වූයේ රීසා හෙන්ඩ්‍රික්ස් ය. තම මංගල එක්දින තරගයට සහභාගී වූ හෙන්ඩ්‍රික්ස් මංගල එක්දින ශතකය ද රැස් කරමින් දකුණු අප්‍රිකා වාර්තා පොත් සැරසීමට ද සමත් විය. කෝඩුකාර ක්‍රීඩකයෙක් විසින් වාර්තා කරන ලද අඩුම පන්දු ප්‍රමාණයකින් ලබා ගන්නා ලද ශතකයක ලෙසිනි. ඔහුට මේ වෙනුවෙන් වැය වූයේ පන්දු 88ක් පමණි. ඉනිම අවසානයේ ඔහු මුහුණ දුන් පන්දු ප්‍රමාණය 89කි.  

6×5 ඉනිමක වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයාගේ ගෞරවය දසුන් ශානක සතු වේ. ඔහු පල්ලෙකැලේ පැවති ජයග්‍රාහී තරගයේ දී මෙම දක්ෂතාව සිදු කරන්නේය. පන්දු 34ක දී ලකුණු 65ක් ලබා ගන්නා ඔහු එල්ල කරන ලද හතරේ පහර සංඛ්‍යාව 4කි. තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරෙන්නේ දසුන් ය.

58 දකුණු අප්‍රිකාවේ ක්වින්ටන් ඩි කොක් දඹුල්ලේ දී පැවති දෙවැනි එක්දින තරගයේ දී හතරේ පහර සහ හයේ පහරවල එකතුවෙන් ලකුණු ලබා ගැනීමේ ඉහළම දක්ෂතාව දක්වන්නේය. ඔහු හතරේ පහර 13ක් සහ හයේ පහරක් එල්ල කරමින් මෙම දක්ෂතාවේ පළමුවැනියා වන්නේය. එම තරගයේ දී ඩි කොක් ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 87කි.

27 හතරේ පහර වැඩියෙන්ම එල්ල කරන ලද ක්‍රීඩකයා ලෙසින් ඩි කොක් පළමු තැන ගත්තේ ය.

9 නපුරු වූවද ජේ. පී. ඩුමිනි තරගාවලියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා විය.

14 තරගාවලියේ හොඳම කඩුලු දඩයක්කරු වෙන්නේ අකිල දනංජය ය. ඔහු තරග 5ම ක්‍රීඩා කරමින් පන්දුවාර 42ක් යවමින් ලකුණු 250ක් ලබා දී මෙම කඩඉමට පිවිසෙන්නේ ය.

6/29 කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති අවසන් තරගයේ දී අකිල දනංජය විසින් දැක්වූ මෙම දක්ෂතාව තරගාවලියේ පන්දු යවන්නෙක් විසින් දැක්වූ ඉහළම දක්ෂතාවේ මුල් තැන ගන්නේ ය. ඔහුගේ එක්දින ජාත්‍යන්තර තරග පිටියේ හොඳම පන්දු යැවීම ද මෙය බවට පරිවර්තනය වන්නේය.

15 තරගාවලියේ කඩුල්ල පිටුපස සිටිමින් දැක්වූ දක්ෂතාවන්ගේ ප්‍රමුඛයා වන්නේ ක්වින්ටන් ඩි කොක් ය. ඔහු නමින් උඩ පන්දු 14ක් සහ කඩුලු බිඳ දැමීම් එකක් සටහන් වන්නේය.

6 වැඩිම උඩ පන්දු ලබාගත් ක්‍රීඩකයා ලෙසින් වාර්තා වෙන්නේ ධනංජය ද සිල්වා ය. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ තරග 3කට පමණක් ක්‍රීඩා කරමිනි.

109 තරගාවලියේ හොඳම කඩුලු සබඳතාවේ හිමිකාරිත්වය ශ්‍රී ලංකාව සතු වෙන්නේය. පල්ලෙකැලේ දී පැවති සිව්වැනි තරගයේ දී 7 වැනි කඩුල්ල වෙනුවෙන් තිසර පෙරේරා සහ දසුන් ශානක එක් වෙමින් එකී දක්ෂතාව සිදු කරති. ශ්‍රී ලංකා ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 195ක්ව තිබිය දී එක් වූ මේ දෙදෙනා පන්දුවාර 11කුත් පන්දුවක් තුළ මේ දක්ෂතා දැක්වූහ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<