ස්කොට්ලන්තය හමුවේ ශ්‍රී ලංකාවට අනපේක්ෂිත පරාජයක්!

10042

එළඹෙන ජූනි මස පළමු වැනිදා ආරම්භ වීමට නියමිත ශූරයින්ගේ කුසලාන තරගාවලියට පෙර ස්කොට්ලන්තය සමඟින් පැවැත්වෙන එක්දින තරග දෙකෙන් පළමු තරගයට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට අද (21) අනපේක්ෂිත පරාජයකට මුහුණ දීමට සිදු විය. ඒ දකුණත් පිතිකරු කයිල් කෝට්සර් සහ මැතිව් ක්‍රොස්ගේ විශිෂ්ට ශතක දෙකෙන් සවිබල ගැන්වුණු ස්කොට්ලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 7ක ජයක් වාර්තා කර ගත් බැවිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආබාධ නිවාරණයට දැනුම දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (19) රෝග නිවාරණය, ආබාධ හා කළමනාකරණය පිළිබඳව ගන්නා පියවර පිළිබඳව දැනුවත් කිරීම හා…

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව හොඳින් ලකුණු ඇති බව පෙනුණු බෙකන්හැම් ජනපද ක්‍රීඩාංගණයේ දී දෙවරක් නොසිතාම මුලින් පන්දුවට පහර දීමට තීරණය කළහ. ඒ අනුව ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසියේ කුසල් පෙරේරා සමඟින් උපුල් තරංගයි. ඔවුන් දෙදෙනා අතරේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 35ක සබඳතාවයක් ගොඩ නැගුණ ද දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ඇලස්ඩෙයාර් එවන්ස් පන්දුවක් හමුවේ ලකුණු 20ක් ලබා සිටි උපුල් තරංගට කඩුල්ල අහිමි විය. ඊට සුළු මොහොතකට පසු ක්‍රියාත්මක වුනු ස්ටුවර්ට් විටින්ග්හැම් එක් ලකුණක් ලබා සිටි කුසල් මෙන්ඩිස්ව පිටියෙන් ඉවත් කිරීමට සමත් විය.

කෙසේ වෙතත් ලකුණු 38ට කඩුලු 2ක් බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ලකුණු 77ක සබඳතාවයක් පිහිටුවමින් අවදානම් තත්ත්වය මග හරවා ගන්නට කුසල් පෙරේරාට සහ දිනේෂ් චන්දිමාල්ට හැකියාව උදාවිය. කුසල් පෙරේරා අද හතරේ පහර 8ක් සමඟින් රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 57කි. ඔහුගේ ඉනිමට පන්දු 59ක් ප්‍රමාණවත් විය. මෙම සබඳතාවය බිඳ වැටීමෙන් අනතුරුව පිටියට පිවිසි ඇන්ජෙලෝ මැතිව්ස්ට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 15ක් පමණි.

අද දිනයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වුනු දිනේෂ් චන්දිමාල් පන්දු 105කින් ලකුණු 79ක් රැස්කර ගත්තේය. ඒ හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් සමඟිනි. අංක 6 පිතිකරු ලෙසින් පිටියට පිවිසි චාමර කපුගෙදර ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 50කින් ලකුණු 71ක් ලබා ගත්තේය. ඔහුගේ ඉනිම හතරේ පහර 6කින් සහ හයේ පහර 4කින් වර්ණවත් විය. කපුගෙදර සහ අසේල ගුණරත්න අතරේ සයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 82ක සබඳතාවයක් ද නිර්මාණය විය. අසේල ගුණරත්න ලකුණු 27යි.

වමත් ප්‍රහාරක තිසර පෙරේරාට අද රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 2ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම නිමාවීමට තවත් එක් පන්දුවක් ඉතිරිව තිබිය දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 287කට සීමා විය. පන්දු යැවීමේ දී ස්ටුවර්ට් විටින්ග්හැම් සහ ඇලස්ඩෙයාර් එවන්ස් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය. මීට අමතරව දකුණත් මද වේග පන්දු යවන ක්‍රීඩක ක්‍රිස් සෝල් ලකුණු 64කට කඩුලු 2ක් බිඳ හෙලීය.

ඒ අනුව ලකුණු 288ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසියේ කයිල් කෝට්සර් සමඟින් කඩුලු රකින පිතිකරු මැතිව් ක්‍රොස් යන ක්‍රීඩකයින් දෙපළයි. ස්කොට්ලන්තය වැනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ අත්දැකීම් අඩු කණ්ඩායමකට ඉතාමත් අපහසු වෙතැයි බොහෝ දෙනා අනුමාන කළ මෙම අභියෝගය ජය ගත් ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 150කටත් වැඩි සුපිරි සබඳතාවයක් ගොඩ නගන්නට සමත් වූහ. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට රිසිසේ පහර දුන් කයිල් කෝට්සර් අද ලකුණු 118ක් රැස් කිරීමට සමත් විය.

කවර් කලාපයට ලබා දුන් උඩ පන්දුවක් නිසා කයිල් කෝට්සර් දැවී යාමෙන් අනතුරුව ස්කොට්ලන්තය ජයග්‍රහණය කරා ගෙන යාමේ වගකීම භාර ගත් මැතිව් ක්‍රොස් නොදැවී ශතකයක් වාර්තා කරමින් ස්කොට්ලන්ත ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය දිනයක් සනිටුහන් කරන්නට සමත් විය. ඒ කඩුලු 7ක විශිෂ්ට ජයග්‍රහණයක් ස්කොට්ලන්ත කණ්ඩායමට හිමිකර දෙමිනි. දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය අනිද්දා (23) මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වේ.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 287 (පන්දුවාර 49.5): දිනේෂ් චන්දිමාල් 79, චාමර කපුගෙදර 71, කුසල් පෙරේරා 57, අසේල ගුණරත්න 27, උපුල් තරංග 20, ඇන්ජෙලෝ මැතිව්ස් 15, ස්ටුවර්ට් විටින්ග්හැම් 3/56, ඇලස්ඩෙයාර් එවන්ස් 3/62, ක්‍රිස් සෝල් 2/64.

ස්කොට්ලන්තය – කඩුලු 3ක් දැවී ලකුණු 291 (පන්දුවාර 42.5): කයිල් කෝට්සර් 118, මැතිව් ක්‍රොස් 106*,කොන් ඩි ලැන්ග් 19*, රිචී බැරින්ටන් 19, ඇන්ජෙලෝ මැතිව්ස් 1/35, තිසර පෙරේරා 1/62, ලක්ෂාන් සඳකැන් 1/66.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට

 

Sri Lanka - BattingToss: Sri Lanka
Kusal Janith Pererac Budge b De Lange57 (59)
Upul Tharangab Evans20 (14)
Kusal Mendisc Cross b Whittingham1 (4)
Dinesh Chandimalc Cross b Whittingham79 (105)
Angelo Mathewsc De Lange b Sole15 (22)
Chamara Kapugedarac Cross b Whittingham 71 (50)
Asela Gunarathne Run Out27 (32)
Thisara Pererac Berrington b Evans2 (3)
Suranga Lakmal c Coetzer b Sole1 (2)
Lakshan SandakanNot Out3 (17)
Nuwan Pradeepc Budge b Evans1 (2)
TotalExtras (10)287/10 (49.5 overs)
Scotland - BowlingOMRW
AC Evans8.50623
SG Whittingham100563
CB Sole90642
DE Budge10100
MRJ Watt100410
CD De Lange91341
RD Berrington20170
Scotland - BattingToss: Sri Lanka
Matthew CrossNot Out106 (123)
Kyle Coetzerc Mathews b Perera118 (84)
Calum MacLoedc Mathews b Sandakan2 (4)
Richie Berringtonc Sub b Mathews19 (32)
Con De LangeNot Out19 (20)
Dylan Budge
Craig Wallace
Mark Watt
Chris Sole
Stuart Whittingham
Alasdair Evan
TotalExtras (27)291/3 (42.5 overs)
Sri Lanka - BowlingOMRW
Suranga Lakmal52180
Nuwan Pradeep71450
Angelo Mathews50351
Thisara Perera8.50621
Lakshan Sandakan100661
Asela Gunarathne70560