වැහි දෙවියන්ගෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත තල්ලුවක්

507

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගය ලෙසින් අද (7) බ්‍රිස්ටල් හිදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයට දිගින් දිගටම වර්ෂාව හරස් වීම හේතුවෙන් සම ප්‍රසාද ලකුණු හිමිකර දෙමින් අතහැර දැමුණ තරගයක් සේ ප්‍රකාශයට පත්විය.

ශ්‍රී ලංකාව ලබා ගන්නා දෙවැනි පරාජය හෝ ජයග්‍රහණයට පෙර

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ …….

තරගය නතර කර දැමීමත් සමගින් ක්‍රියාත්මක වූ ප්‍රසාද ලකුණු පුවරුවේ තෙවැනි තැන ශ්‍රී ලංකාවට හිමි වූ අතර පාකිස්තානයට සිවිවැනි තැන හිමි විය. කෙසේ වෙතත් තරගය ආරම්භ වීමට ප්‍රථම ප්‍රසාද ලකුණු පුවරුවේ ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානයේත් පාකිස්තානය 8 වැනි ස්ථානයේත් රැඳී සිටියේ ය.

අද තරගය පැවැත්වීමට නම් අඩුම වශයෙන් එක් කණ්ඩායමකට පන්දුවාර 20ක් හිමි වන සේ පැවැත්විය යුතු වූව ද ඒ සඳහා කාලගුණය කළ විනාශය ඉඩ තබා තිබුණේ නැත.

Photo Album – Sri Lanka vs Pakistan | ICC Cricket World Cup 2019 – Match 11

එරට කාලගුණ වාර්තා දැක්වූ පරිදි දිනය පුරා පැවති වර්ෂාව හේතුවෙන් පිටියේ තත්ත්වයත් සහ තණතිල්ලේ තත්ත්වයත් තරගයක් පැවැත්වීමට නුසුදුසු වීම හේතුවෙන් පිටියේ විනිසුරුවන් ලෙසින් නම් කර තිබූ නයිජල් ලෝන්ග් සහ ඉයන් ගුල් යන මහත්වරුන් එරට වේලාවෙන් පස්වරු 3.45ට පමණ මෙම තීරණය ගත්හ.

පැවති අයහපත් වාතාවරණය යම් තරමකින් හෝ පහව ගියේ තරගය පැවැත්වීමට නියමිතව තිබූ වේලාවෙන් පැය 5කටත් වැඩි කාලයක් ගත වූ පසුව ය. එතැන් සිට පිටියේ විනිසුරුවන් අවස්ථා කිහිපයක දී ම පිටිය නිරීක්ෂණය කළ ද ඔවුන් සෑහීමකට පත් නොවීම හේතුවෙන් මෙම තීරණයට එළැඹිණි.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

ලෝක කුසලාන ක්‍රිකට් තරග මාලාවේ දී ශ්‍රී ලාංකිකයන්ට පාකිස්තානය 7 වරක් හමුවී ඇති අතර ඉන් එක අවස්ථාවක් හෝ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වී නැත. එමෙන්ම ලෝක කුසලාන ක්‍රිකට් තරග මාලාවේ ශ්‍රී ලංකාව සහභාගී වූ තරගවලින් ජයග්‍රහණයක් නොලැබූ එකම ප්‍රතිවාදී කණ්ඩායම වන්නේ ද පාකිස්තානය ය. මේ වාර්තාවන් වෙනස් වීමට තිබූ ඉඩකඩ ද අහුරාලීමට අද තරගය හේතු විය. දැන් මෙම වාර්තා අතරට නොවිසඳුණ තරගයක් ද එක් වී ඇත.  

කෙසේ වෙතත් මේ වන විට දෙරටම තරග තුනකට සහභාගී වී එක් තරගය බැගින් පමණක් ජයග්‍රහණය කර ඇති අතර තරගයක් පරාජය වෙමින් ද තරගයක් විසඳුමකින් තොරව ද නිමා වූ ලෙසින් ප්‍රසාද ලකුණු පුවරුව සැකසී ඇත.

ස්ටාක් හා කෝල්ටර්-නයිල් කැන්ගරුවන් බේරා ගනී

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දසවැනි ……

ශ්‍රී ලංකාව මෙම තරගයට සහභාගී වීමට සිටියේ තරගාවලියේ නිමා වූ තෙවැනි තරගයේ දී නවසීලන්තය වෙතින් කඩුලු 10ක දැවැන්ත පරාජයක් ද 7 වැනි තරගයේ දී ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 34ක ජයග්‍රහණයක් ද වාර්තා කරමිනි.

පාකිස්තානය තරගාවලියේ දෙවැනි තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන් ඉදිරියේ කඩුලු 7ක පරාජයක් ලබමින් සහ ඉන් අනතුරුව පැවති 6 වැනි තරගයේ දී සත්කාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි ව ලකුණු 14ක ජයග්‍රහණයක් ලබා ගනිමිනි මෙම තරගයට සහභාගී වීමට සිටියේ ය.  

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය මේ මස 11 වැනිදා බංග්ලාදේශ කණ්ඩායම සමඟින් බ්‍රිස්ටල් හීදී ම පැවැත්වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<