ශ්‍රී ලංකා පිතිකරුවන් තරගාවලිය පුරාවටම අතිශය අසාර්ථක වීම නිසාත්, කණ්ඩායම තේරීමේ දී සිදු වූ අඩුපාඩු සහ දුර්වලතාවයන් නිසාත් පාකිස්තානය සමඟ පැවති එක්දින තරගාවලිය අද (23) නිමාවට පත්වූයේ තරග 5-0ක් ලෙසිනි.

ඒ අනුව කණ්ඩායමේ ක්‍රීඩකයින්ට සහ බලධාරීන්ට එක්දින ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ නැගීම නැවත මුල සිටම අරඹන්නට සිදුවන ලකුණු පෙනෙන්නට තිබේ. ඒ අද සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී වාර්තා වූයේ ශ්‍රී ලංකා පිළ අඛණ්ඩව ලැබූ 12 වන එක්දින පරාජය වන බැවිනි!

ජ්‍යෙෂ්ඨයන් බෑ කියද්දී විස්සයි විස්ස සුක්කානම තිසරට

පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද (21) පියවර ගන්නා ලදි…

අද දිනයේ දීත් කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක උපුල් තරංග ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ තමන් සතු දුර්වල පිතිපෙළ කඩා වැටීමේ දැඩි අවදානමක් ඇති බව ද සිහියට නගා ගනිමිනි. එසේම සාම්ප්‍රදායික සාජා තණතිල්ල මුලින් පන්දුවට පහර දෙන කණ්ඩායමට සහයෝගය දීම ඔහුගේ තීරණයට රුකුලක් වන්නට ඇත. අද තරගය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදු වී තිබුණි. ඒ අකිල ධනංජය, සුරංග ලක්මාල් සහ ලහිරු ගමගේ වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ, දුෂ්මන්ත චමීර සහ විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමට ඇතුළත් කරමිනි.

පාකිස්තානු කණ්ඩායම අද තරගය සඳහා අවතීර්ණ වී තිබුණේ වමත් වේගපන්දු යවන ක්‍රීඩක ජුනෙයිඩ් කාන් වෙනුවට නවක ක්‍රීඩක ෆහීම් අශ්රාෆ් කැඳවමිනි. පසුගිය තරග කිහිපය මුළුල්ලේම පිතිකරුවන් අසාර්ථක වී තිබිය දී අද ඒ පිළිබඳව නොසලකා හරිමින් පන්දු යවන්නන් වෙනස් කළ තේරීම් කමිටුව නිරුත්තර කරමින් අද ශ්‍රී ලංකා පිළේ මුල්පෙළ පිතිකරුවන් එක පෙළට ක්‍රීඩාගාරයට හැරී ගියේ පෙරහැරක් අයුරෙනි. ඒ වෙනදාටත් වඩා අඩු ලකුණු සංඛ්‍යාවට සීමා වීමට අවශ්‍ය සියළු කරුණු කාරණා සම්පූර්ණ කරමිනි.

Can Sri Lanka avoid another embarrassing whitewash? – 5th ODI Preview

The fifth and final ODI match between Pakistan and Sri Lanka will be worked out at the Sharjah Cricket Stadium on Monday

තරගයේ මුල්ම පන්දුවාරයේ දී ම කඩුලු දඩයම ඇරඹූ නවක වේග පන්දු යවන ක්‍රීඩක උස්මාන් කාන් සදීර සමරවික්‍රම සහ දිනේෂ් චන්දිමාල් ලකුණු ලබා ගැනීමටත් පෙරම දවා ගැනීමට සමත් විය. ඒ අනුව අද ආරම්භක පිතිකරු ධූරයට පණ පෙවූ සදීර මේ වන විට සහභාගි වී ඇති ජාත්‍යන්තර එක්දින තරග දෙකේ දී ම දැවී ගොස් ඇත්තේ ලකුණු නොලබායි. දිනේෂ් චන්දිමාල් ද 100%ක් අසාර්ථක එක්දින තරගාවලියක නිමාව සනිටුහන් කරමින් කඩුලු රකින්නා අතට උඩපන්දුවක් ලබා දුන්නේය.

උස්මාන් කාන්ගේ ඊළඟ පන්දුවාරයේ දී තම කඩුලු පූජා කළේ ලකුණු 8ක් ලබා සිටි උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ලයි. එක්දින තරගාවලිය පුරාවට පිත්තෙන් වැඩි යමක් කළ නොහැකි වූ දික්වැල්ල අද දැවී ගියේ ලකුණු නොලබායි. මිලින්ද සිරිවර්ධන ද ලකුණු 6කට දැවී ගියේ එක්දින කණ්ඩායමේ තම ස්ථානය අනතුරේ හෙලා ගනිමිනි. මේ අයුරින් ශ්‍රී ලංකා මුල්පෙළ නාය යද්දී ලහිරු තිරිමාන්න සහ සීක්කුගේ ප්‍රසන්න පිළිවෙළින් ලකුණු 19ක් සහ 16 බැගින් රැස් කළහ. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස ලකුණු 25ක් රැස්කළ තිසර පෙරේරා අද හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් එල්ල කිරීමට සමත් විය.

ශසිකලා හා වැන්ඩොර්ට්ගෙන් සටන්කාමී පිතිකරණයක්

ඩියැන්ඩ්‍රා ඩොටින්ගේ වේගවත් ශතකය නිසාවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා කොදෙව් කාන්තා කණ්ඩායම අතර පැවැත්වූ තෙවන හා අවසන් විස්සයි විස්ස තරගය ද ලකුණු 31කින් ජයග්‍රහණය…

මොවුන් කිහිප දෙනාගේ සුළු දායකත්වය නිසා ශ්‍රී ලංකාවට සියල්ලන්ම දැවී ලකුණු 103ක් රැස්කර ගැනීමට හැකි විය. තම දෙවැනි ජාත්‍යන්තර එක්දින තරගයට ක්‍රීඩා කරන උස්මාන් කාන් අද ලකුණු 34ට කඩුලු 5ක් බිඳ දමමින් විශිෂ්ට දක්ෂතා දැක්විය. ඔහු කඩුලු 5ක් දවා ගත්තේ පන්දුවාර 3ක් යවා අවසන් වීමටත් පෙරයි. මීට අමතරව හසන් අලි සහ ශදාබ් කාන් කඩුලු 2 බැගින් බිඳ දැමූහ. ඒ අනුව පාකිස්තානයට ජයග්‍රහණය වෙනුවෙන් හිමි වූයේ මල් අතුරා සැරසූ සුවපහසු ඉලක්කයකි.

එය පන්දුවාර 21ක් ගතවීමටත් ප්‍රථම ඉතාමත් පහසුවෙන් හඹාගිය පාකිස්තානු පිතිකරුවන් තරග 5-0ක පූර්ණ තරගාවලි ජයග්‍රහණයක සිහිනය සැබෑ කර ගත්හ. ඒ වර්තමාන ශූරයින්ගේ කුසලානයේ සාඩම්බර හිමිකරුවන් ද තමන් බව සමස්ත ලෝකයටම පසක් කරමිනි. මෙම පරාජයත් සමඟින් ශ්‍රී ලංකාව එක් වසරක දී තරග 5කින් සමන්විත එක්දින තරගාවලි 3ක් සම්පූර්ණයෙන්ම පරාජයට පත්වූ ලොව එකම කණ්ඩායම ලෙස ද ඉතිහාසයට එක්විය. මීට පෙර ශ්‍රී ලංකාව මේ අයුරින් පූර්ණ පරාජයන් ලැබුවේ දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව හමුවේයි.

අද තරගය පාකිස්තානය ජයග්‍රහණය කරන විට ඔවුන්ගේ නවක ආරම්භක පිතිකරු ඉමාම් උල්-හක් නොදැවී ලකුණු 45ක් රැස් කරගෙන සිටි අතර ෆකාර් සමාන් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 48ක් රැස්කර තිබිය දී දැවී ගොස් තිබුණි. එම කඩුල්ල හිමි වූයේ පා දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේටයි. අද තරගයේ වීරයා සම්මානය උස්මාන් කාන් දිනා ගනිද්දී තරගාවලිය පුරාවටම විශිෂ්ට පන්දු යැවීමේ කුසලතාවයක් විදහා දැක්වූ හසන් අලි තරගාවලියේ වීරයා සම්මානයට හිමිකම් කීවේය.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 103 (පන්දුවාර 26.2): තිසර පෙරේරා 25, ලහිරු තිරිමාන්න 19, සීක්කුගේ ප්‍රසන්න 16, දුෂ්මන්ත චමීර 11, උස්මාන් කාන් 5/34, හසන් අලි 2/19, ශදාබ් කාන් 2/24.

පාකිස්තානය – එක් කඩුල්ලක් දැවී ලකුණු 105 (පන්දුවාර 20.2): ෆකාර් සමාන් 48, ඉමාම් උල්-හක් 45*, ෆහීම් අශ්රාෆ් 5*, ජෙෆ්රි වැන්ඩර්සේ 1/30.

  >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<