මැකාවු ශ්‍රී ලංකා ප්‍රශ්නයට FIFA මැදිහත් වෙයි

600

2023 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ආසියානු සුදුස්සන් තේරීමේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහ මැකාවූ අතර හෙට (11) ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි අදියර අවලංගු කිරීමට අන්තර් ජාතික පාපන්දු සම්මේලනය (FIFA) විසින් තීරණය කර ඇති බව මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ නිවේදනය කර තිබුණි.

අප්‍රේල් මස 21 වැනිදා පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්තවාදි ප්‍රහාරයෙන් පසුව මැකාවූ පාපන්දු කණ්ඩායමේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මැකාවු පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයෙන් සහ FIFA විසින් වෙනත් රටක දී දෙවැනි අදියර පැවැත්වීමට ඉල්ලීමක් සිදු කර තිබුණි.

මැකාවූ පාපන්දු ක්‍රීඩකයින් ශ්‍රී ලංකාව පැත්තෙන් සිටගනී

2022 FIFA ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පළමු අදියරේ……

කෙසේ නමුත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ඊට පිළිතුරු දෙමින් පවසා සිටියේ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හැකි සෑම පියවරක්ම ගන්නා බවත්, වෙනත් රටක දී දෙවැනි අදියර පැවැත්වීමට ඔවුන් සූදානම් නොමැති බවත්ය.

කෙසේ නමුත් මෙම දෙවැනි අදියරේ තරගය ආරම්භයට පෙර පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය සාකච්ඡාව අද (10) උදෑසන කොළඹ ගලදාරි හෝටලයෙ දී පැවැත්වූ අතර එහි දී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා මාධ්‍ය හමුවේ මෙසේ අදහස් දක්වා සිටියා.

“අපි හැමදෙයක්ම කරලා තියෙන්නේ. අපි හෙට (11) තරගය ක්‍රීඩා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. තරග හෙට 3.30ට සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කරලා තියනවා. අවාසනාවකට අපිට තවමත් තහවුරු කරලා නෑ ඔවුන් ක්‍රීඩා කරනවා ද කියලා. තවමත් මැකාවු කණ්ඩායමෙන් හෝ ආසියානු පාපන්දු සම්මේලනයෙන් හෝ FIFA එකෙන් නිල වශයෙන් දැනුම් දීලා නෑ තරගයේ දිනය හෝ ස්ථානය වෙනස් කරනවා කියලා.”

“ඒ හින්දා අපි හෙට තරගය පවත්වන්න සූදානමින් ඉන්නවා. කණ්ඩායමත් හොඳින් සූදානම් වෙලා ඉන්නවා ක්‍රීඩා කරන්න. පළමු තරගය ගෝල එකක පරතරයකින් පරාජය වුනත් අපි මේ වටය ජයග්‍රහණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා මීළඟ වටයට සුදුසුකම් ලබන්න.”

මැකාවු පාපන්දු සංගමයට ශ්‍රී ලංකාවෙන් දැඩි පිළිතුරක්

මැකාවු කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිතව තිබුණු 2022 FIFA…

මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන නිසාම් පකීර් අලී මහතා ද අදහස් දක්වා සිටියා.

“අපි අපේ සූදානම ගැන සතුටුයි. එයාලා ආවත් නැතත් අපි අපේ පුහුණුවීම් හොඳින් කරා. අපි තරගය ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. අපේ පුහුණුවීම් සාමාන්‍ය ලෙස සිදු වුනා. විවේක ගත්තේ නෑ. අපි දිගටම පුහුණුවීම් කළා. අපි මානසිකව වගේම ශාරීරිකවත් හොඳ මට්ටමක ඉන්නවා. අපි තරගයට සූදානම්.“

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<