සුරංග ලක්මාල්ගේ පන්දු යැවීමෙන් ප්‍රේක්ෂකයෝ අන්දමන් වෙති

1058
AFP PHOTO

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය, අයහපත් කාලගුණික තත්වය නිසා නවතා දැමීමට විනිසුරුවරුන් තීරණය කළේය.

මෙවර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සටනේ ඇතුලාන්තය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දීර්ඝ ක්‍රිකට් තරගාවලියේ පළමු…

කල්කටා හි ඊඩ්න් ගාර්ඩ්න්ස් පිටියට ඊයේ (15) සිට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව නිසා පළමු දිනය ආරම්භ වූයේ පැය 4ක පමණ ප්‍රමාදයකට පසුවයි. කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් පවසා සිටියේ, පාකිස්තානු ටෙස්ට් ජයග්‍රහණයට පසුව මෙම තරගාවලිය සඳහා ඉතාමත් හොඳ මානසිකත්වයකින් අවතීර්ණ වන බවයි.

තවද ශ්‍රී ලංකා කණ්ඩායමට පිතිකරුවන් හය දෙනෙක්, පන්දු යවන්නන් තිදෙනෙක් හා වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ඇතුළත් කර ඇති අතර ඉන්දීය කණ්ඩායමට පිතිකරුවන්  පස් දෙනෙක්, තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ පන්දු යවන්නන් තිදෙනෙක් ඇතුළත් කර ඇත.

තරගය ආරම්භ කරමින් සුරංග ලක්මාල් එවූ පළමු පන්දුවෙන්ම ලෝකේශ් රාහුල්, නිරෝශන් දික්වැල්ලගේ අතට උඩ පන්දුවක් ලබා දෙමින් ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට හැරී ගිය අතර, අනතුරුව තරගයට යළිත් වර්ෂාවෙන් බාධා එල්ල විය.

අසේල ගුණරත්න නැවතත් ක්‍රිකට් පිටියට

ලංකන් ක්‍රිකට් සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර ‘SLC Premier Emerging League’ තරගාවලිය යටතේ පනාගොඩ දී පැවති තරගයක දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ…

යම් ප්‍රමාදයකට පසුව නැවතත් තරගය ආරම්භ වූ අතර එක් 4 පහරක් සමඟින් ලකුණු 8ක් ලබාගෙන සිටි ශිකර් ධවාන්, ලක්මාල් එවූ පන්දුවක් නිසියාකාරව තෝරා ගැනීමට  නොහැකි වීම නිසා, පන්දුව ඔහුගේ පිත්තේ එක් දාරයක වැදී කෙළින්ම කඩුල්ල හරහා ගමන් කළේ කිසිවෙකු නොසිතූ අවස්ථාවකයි.  

ඉන්දීය ප්‍රේක්ෂකයින්ගේ මෙන්ම ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ අවධානයට ලක්වූ ක්‍රීඩකයෙකු වන නායක විරාත් කෝලි, පන්දු 10කට මුහුණ දී කිසිදු ලකුණක් ලබා නොගෙන දැඩි පීඩනයට හසුව සිටි මොහොතේ දී යලිත් ලක්මාල් එවූ 11වන පන්දුවෙන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. අනතුරුව ක්‍රීඩාංගණයට සතර දෙසින් අඳුර ගලා එන්නට වූ අතර පසුව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. ඒ නිසාවෙන් තරගයේ පළමු දිනය අත්හැර දැමීමට විනිසුරුවරුන් විසින් තීරණය කරන ලදි.

පන්දු යැවීමේ දී සුරංග ලක්මාල් පන්දුවාර 6ක් තුල එකදු ලකුණු හෝ ලබා නොදෙමින් කඩුලු 3ක් දවා ගන්නා ලදි. මෙහි විශේෂත්වය වන්නේ ලක්මාල් මීට පෙර ඉන්දීය කණ්ඩායම සමඟින් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර නොතිබීමයි.

ඉන්දීය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 17/3 (11.5): චේතෙශ්වර් පුජාරා 8*, ශිකර් ධවාන් 8, සුරංග ලක්මාල් 3/00.

තරගයේ දෙවන දිනය හෙට (17) උදෑසන 9.30ට ආරම්භ වනු ඇත.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<