ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට නත්තල් තෑග්ගක්

177
AFP PHOTO

උඳුවප් සීතලේ වෙළෙමින් ලොවක් අවදියෙන් නත්තල සපැමිණෙන තුරු බලා සිටිය දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ කිසිදු ලෝබකමක් නොමැතිව දෙරට අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය 3-0ක් සේ අද (24දා) ඉන්දීය ක්‍රීඩකයන් වෙත මුම්බායි හි දී ප්‍රදානය කළහ.  

වසරක නිමාවට පෙර සුභවාදී බලාපොරොත්තුවක්?

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුතු ජාත්‍යන්තර විස්සයි විස්ස තරගාවලිය කටක් හිදී හෙට (20) ආරම්භ වේ. මේ ඒ පිළිබඳව ThePapare.com කරන පෙර විමසුමයි.

දෙරට අතර පැවති තෙවැනි සහ අවසාන විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිට් ශර්මාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 135ක් ලබා ගත්හ. පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ පන්දු වාර 19.2ක දි කඩුලු 5ක් දැවී ලකුණු 139ක් ලබා ගත්තේ කඩුලු 5ක ජයග්‍රහණයක් තමන් සන්තක කර ගනිමිනි.

අද තරගයට කණ්ඩායම් දෙකම වෙනස්කම් දෙකක් සහිතව ක්‍රීඩා පිටියට පිවිසියේ ය. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා පිටිය අහිමි වූ ඇන්ජලෝ මැතිව්ස් සහ චතුරංග ද සිල්වාගේ ස්ථානයන් වෙනුවෙන් ධනුශ්ක ගුණතිලක සහ දසුන් ශානක කැඳවා තිබුණි. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් දෙවැනි තරගය ක්‍රීඩා කළ ජස්ප්‍රීට් බුම්රාහ් සහ යුස්වේන්ද්‍ර චහාල් අද තරගයට නම් කර තිබුණේ නැත. ඒ වෙනුවට 18 හැවිරිදි දකුණතින් පිට දඟපන්දු යවන වොෂින්ටන් සුන්දර් ප්‍රථම වරට කණ්ඩායමට කැඳවා තිබූ අතර ඔහු සමඟ 23 හැවිරිදි මොහොමඩ් සිරාජ් ද කැඳවා තිබුණි.

ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භයම අවසාන තරගයේ ප්‍රතිඵලය වේලාසනින්ම දැනුම් දුන්නාක් මෙනි. ඒ ඉනිමේ පළමු කඩුලු තුන සිව්වැනි පන්දු වාරය ක්‍රියාත්මක වෙද්දී නැවත ක්‍රීඩාගාරයේ විවේක ගැන්වීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වීම නිසා ය. පළමු කඩුල්ල ලෙසින් නිරෝෂාන් දික්වැල්ල (01) ලකුණු පුවරුව 8ක් තිබිය දී දැවී යන්නේ වොෂින්ටන් සුන්දර්ට මංගල කඩුල්ල ප්‍රදානය කරමිනි. අනතුරුව පිටියට එක් වූ කුසල් ජනිත්ට ද මෙම තරගයේ දී යමක් කිරීමට හැකි වූයේ නැත. ඔහුගේ ඉනිම ලකුණු 4කට සීමා වුණි. උපුල් තරංග ද ලකුණු 11කට දැවී ගියේය.

සිව්වැනි කඩුල්ල වෙනුවෙන් සධීර සමරවික්‍රම (27) සහ අසේල ගුණරත්න එක් ව ලකුණු 38ක සබඳතාවක් එක් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 56ක් දක්වා රැගෙන ආහ. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අසේල මෙම තරගයේ දී පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තේ ය.

දිගින් දිගටම අසාර්ථක වූ ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා අද තරගයේ දී ද රැස් කළේ ලකුණු 11ක් පමණි. මැද පෙළින් පිටියට පිවිසි දසුන් ශානක ඉනිම අවසාන වන විට පන්දු 24ක දී හයේ පහර දෙකක් සමඟින් නොදැවී ලකුණු 29ක් ලබා ගත්තේ ය. ඔහුට අනගි සහායක් ලබා දුන් අකිල ධනංජය නොදැවී ලකුණු 11ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා අතර අට වැනි කඩුල්ලට නොදැවුණු සබඳතාව 24කි.  

පන්දු යැවීමේ දී ජාදේව් උනද්කට් සහ හර්දික් පාණ්ඩ්‍යා කඩුලු 2 බැගින් දවා ගත්හ.

හතුරුසිංහගේ නව එක්දින සැලැස්ම

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ ආගමනය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ නව යුගයක් බිහිකිරීමට ඉවහල් වනු ඇත.

ලකුණු 136ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ ආරම්භය ද ඔවුන්ට එතරම්ම සුබ දායක වූයේ නැත. දුශ්මන්ත චමීරගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ ආරම්භක පිතිකරු ලොකේෂ් රාහුල් (04) දැවී යද්දී ඉන්දීය ඉනිම ලකුණු 17කි. අනතුරුව ශෙර්යාස් අයියර් පිටියට පිවිසිය ද නායක ෂර්මාට ද වැඩි වේලා පිටියේ රැඳී සිටීමට ඉඩ ලැබුණේ නැත. දසුන් ශානකගේ පන්දුවකට කුසල් ජනිත් වෙතට උඩ පන්දුවක් ලබා දෙමින් ෂර්මා දැවී ගියේ ලකුණු පුවරුවට ලකුණු 27ක් එක් කරමිනි. ඔහු මේ සඳහා පන්දු 20ක් වැය කර තිබූ අතර හතරේ පහර 4ක් සහ හයේ පහරක් ඊට ඇතුලත් කර තිබුණි.

ඉන්දිය ඉනිමේ හොඳම කඩුලු සබඳතාව වූයේ අයියර් සහ මනීෂ් පාණ්ඩ්‍යා අතරය. ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 42ක් එක් කළේ පන්දු 38කිනි. අයියර් පන්දු 32කට මුහුණ දී හතරේ සහ හයේ පහර බැගින් එක්කර ලකුණු 30ක් ලබා සිටිය දී දුවද්දී දැවී නොයන්නට ශ්‍රී ලංකා පරාජය මීට ඉක්මන් වීමට තිබුණි.

කෙසේ වෙතත් තරගය තරමක් උණුසුම් වෙමින් අවසන් පන්දු 36ට ජයග්‍රහණය සඳහා ලකුණු 37ක අවශ්‍යතාවක් විය. ඒ වෙනුවෙන් අත තිබූ කඩුලු ප්‍රමාණය 6කි. තරගය තවත් තීව්‍ර වන්නේ මනීෂ් පාණ්ඩ්‍යා පන්දු 29ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 32ක් ලබා සිටිය දී දුශ්මන්ත චමීරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙන් දැවී යෑම නිසා ය. තරගයේ අවසන් පන්දු 12දී ද තිබුණේ මෙම තත්ත්වය ම ය. ජයග්‍රහණය සඳහා ඉලක්කය වූයේ ලකුණු 15කි. කඩුලු 5කි.

එම අවස්ථාවේ පිටියේ නොදැවී ක්‍රීඩා කළ දිනේෂ් කාර්තික් සහ මහේන්ද්‍ර සිං දෝනි වගකිම තමන් වෙත පවරා ගනිමින් තරගයේ තවත් පන්දු 4ක් ඉතිරි ව තිබිය දී අදාළ ඉලක්කය සපුරා ගත්හ. තරගය නිමා වෙද්දී කාර්තික් හයේ පහරක් සමගින් පන්දු 12ක දී නොදැවී ලකුණු 18ක් ද දෝනි පන්දු 10ක දී හතරේ පහර දෙකක් සමඟින් නොදැවී ලකුණු 16ක් ලබා සිටියේ ය.

පන්දු යැවීමේ දී දුශ්මන්ත චමීර සහ දසුන් ශානක අතර කඩුලු 2 බැගින් බෙදුණි.

ශ්‍රී ලංකාව ; කඩුලු 7ක් දැවී 135 (20.0) සධීර සමරවික්‍රම 21, අසේල ගුණරත්න 36, දසුන් ශානක නොදැවී 29, ජාදේව් උනද්කට් 2/15, හර්දික් පාණ්ඩ්‍යා 2/25

ඉන්දියාව ; කඩුලු 5ක් දැවී 139 (19.5) රෝහිත් ෂර්මා 27, ශෙර්යාස් අයියර් 30, මනීෂ් පාණ්ඩ්‍යා 32, දිනේෂ් කාර්තික් නොදැවී 18,  දුශ්මන්ත චමීර 2/22, දසුන් ශානක 2/27

   තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න