ශ්‍රී ලංකාවේ යොවුන් පන්දු හමුවේ ඉන්දියාව දණින් වැටේ

527

ඉන්දියාවේ පුනේ නුවර දි ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවති පළමු පන්දුවාර 20-20 තරගයේදී, ප්‍රභල මෙන්ම අත්දැකීම් ද බහුල ඉන්දීය කණ්ඩායම කඩුලු 05 කින් පරාජය කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිලෙහි නායක දිනේෂ් චන්දිමාල් විසින් පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට අැරයුම්‍ කරන ලදි .

දුෂ්මන්ත චමීර තම ජයග්‍ර‍නයේ සතුට සමරමින් ©AFP
දුෂ්මන්ත චමීර තම ජයග්‍ර‍නයේ සතුට සමරමින් ©AFP

තම මංගල ජාත්‍යන්තර තරඟයට සහභාගි වු කසුන් රාජිත, ප්‍රථම පන්දුවාරයේ ‍දෙවන පන්දුවෙිදී ඉන්දීය කණ්ඩායම ලකුණු පුවරුව ආරම්භ කිරීමටත් පෙර රෝහිත් ශර්මා ගේ කඩුල්ල දවා ගන්නා ලදි. තවද මෙහි විශේෂත්වය වුයේ ප්‍රථම පන්දුවාරය නිමා වන විට පිතිකරුවන් දෙපලක් නරඹන්නන් බවට පත් වී සිටීමයි.

ඉන්දීය කණ්ඩායමේ මුල් පෙළ කඩුළු 6 ලකුණු 53 ක් තුල දවාලීමට ශ්‍රීලංකා පන්දු යවන්නන් සමත් විය. ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී, පන්දුවාර 18 පන්දු  5 ක් හමුවේ ලබාගත හැකි වුයේ ලකුණු 101 පමණි.

එහිදී ඉන්දියාව වෙනුවෙන් රවිචන්ද්‍රන් අශ්වින් පන්දු 24 ක් තුල ලකුණු 31ක් ලබා ගන්නා ලද්දේ 4 පහරවල් 5 ක්ද සමගිනි.‍ තවද සුරේෂ් රයිනා පන්දු 20 කදී ලකුණු 20ක් ලබා ගැනීමට එක් 4 පහරක් හා එක් 6 පහරක් එල්ල කරන ලදි.

පන්දු යැවීමේදී තම මංගල තරඟයට සහභාගි වු කසුන් රාජිත තම පන්දුවාර 4 තුල ලකුණු 29කදි කඩුළු 3 ක්ද, තම දෙවන තරගයට සහභාගි වු දසුන් ශානක පන්දුවාර 3ක් තුළ ලකුණු 16ට කඩුළු 3ක්ද ලබා ගැනීමට සමත් විය .

එයට පිළිතුරු ලෙස පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18 ක් තුල කඩුළුු 5 ක් දැවී ලකුණු 105 ක් ලබාගෙන තරඟය ජයග්‍රහණය කරන ලදි.

මෙහිදී ශ්‍රීලංකා කණ්ඩායම වෙනුවෙන් නායක දිනේෂ් චන්දිමාල් පන්දු 35ක් තුල ලකුණු 35 ලබා ගැනීමට එක් හතරේ පහරක් ද, අලංකාර 6 පහරවල් 2 කින් ද තම ඉණිම වර්ණවත් කල අතර චාමර කපුගෙදර පන්දු 26ක් තුල ලකුණු 25 ලබා ගැනීමට 4 පහරවල් 4ක් එල්ල කරන ලදි. එයට සහය වු මිලින්ද සිරිවර්ධන නොදැවී පන්දු 14ක් තුල ලකුණු 21ද, සීකුගේ ප්‍රසන්න නොදැවී පන්දු 4ක් තුල ලකුණු 3ක්ද ලබාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවන ලදි. මෙහිදී ඉන්දියාව වෙනුවෙන් රවිචන්ද්‍රන් අශ්වින් පන්දුවාර 3කදී ලකුණු 13‍ට කඩුළු 2 ද, අශිෂ් නෙහෙරා  පන්දුවාර 3 කදී ලකුණු 21යි කඩුළු 3 ලබා ගන්නා ලදි.

Sri Lankan cricketers celebrate after winning the first T20 international match between India and Sri Lanka at the MCA International Cricket Stadium in Pune on February 9, 2016. / AFP / INDRANIL MUKHERJEE
ශ්‍රී ලංකා පිළ තම ජයග්‍ර‍නයේ සතුට සමරමින් ©AFP

*මෙම තරඟයේ වීරයා ලෙස යොවුන් කී්‍රඩක කසුන් රාජිත සම්මාන දිනා ගන්නා ලදි

මේ අනුව තරගාවලියේ තරඟ 1-0 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණේ පසුවේ.

දෙරට අතර මීළඟ පන්දුවාර 20-20 තරඟය ලබන 12  වනදා ඉන්දියාවේ රැනචි හීදී පැවැත්වෙයි.