යොවුන් කුසල් ගෙන් අර්ධ ශතකයක්

757
Essex vs Sri Lanka

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්තය අතර තරඟාවලිය ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම තුන් දින පුහුණු තරඟ දෙකකට සහභාගි වීමට නියමිත අතර එහි පළමු තරඟය ඊයේ(08) එසෙක්ස් කණ්ඩායමට එරෙහිව චෙල්ම්ෆෝර්ඩ් හිදී ආරම්භ විය.

එංගලන්ත අභියෝගය ජය ගතහොත් සියලු දෝෂ නිවාරණයි

කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගත් ගත් අතර පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.

පළමු දිනය,

පළමුව පන්දුවට පහර දීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 63 ක් අවසානයේ දී සියලු දෙනා දැවී ලකුණු 254 ක් ලබා ගත් අතර පිතිකරණයේ දී යොවුන් ක්‍රිඩක කුසල් මෙන්ඩිස් පන්දු 106 කදී 4 පහරවල් 8 ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 66 ක් හා නිරෝෂන් දික්වැල්ල ලකුණු 53 ද  ලබා දක්ෂ පිතිහරඹයක නිරත විය. මීට අමතරව නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 30 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 27 ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේදී එසෙක්ස් කණ්ඩායම වෙනුවෙන් ආරෝන් බර්ඩ් ලකුණු 62 කට කඩුලු 4 ක් ද, තෝමස් මුවර් ලකුණු 48 ට කඩුලු 3 ක් හා ජෙසී රයිඩර් ලකුණු 48 ට කඩුලු 2 ක් දවාලීමට සමත් විය.

අරවින්දත් එක්ක කණ්ඩායම තේරුවා

අනතුරුව තම පළමු ඉණිම ආරම්භ කල එසෙක්ස් කණ්ඩායම පළමු කඩුල්ලට ලකුණු 78 ක් එක් කරන ලදි. පළමු දිනය නිමා වන විට එසෙක්ස් කණ්ඩායම පන්දුවාර 24 යි පන්දු  5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 81 ක් ලබා ගන්නා ලදි. චාල්ස් මිකල්බර්ග් නොදැවී ලකුණු 42 යි. ජෝශප් බ්‍රවුන් ලකුණු 28 යි. පන්දු යැවීමේදී ශමින්ද එරංග ලකුණු 22 ට එක් කඩුල්ලක් හා ධම්මික ප්‍රසාද් ලකුණු 27 කට එක් කඩුල්ලක් දවාලීමට සමත් විය.

හෙට (09) තරඟයේ දෙවන දිනයයි.

තවත් ක්‍රීඩා පුවත් සිංහලෙන් – පිවිසෙන්න

Day One Match Highlights