හඹා යාමේ අසාර්ථකත්වය

475
Sri Lanka v England cricket 5th ODI

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරඟය ඊයේ (2) කාඩ්ෆ් හිදී පැවැත්විණි. එම තරඟයද එංගලන්ත කණ්ඩායම ලකුණු 122 ක දැවැන්ත හා පහසු ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.

පසුගිය ලිපි: දුර්වල පන්දු රෝයි රෑට් හට ජය මඟ පාදයි

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කර අතර මෙම තරඟයට ෆර්විස් මහරෑෆ් වෙනුවට නවක ක්‍රීඩක චමින්ද බණ්ඩාර කැදවා තිබිණි.

පළමුව පන්දුවට පහර දීම සඳහා පිටියට පැමිණි ජේසන් රෝයි ලකුණු 34 කට දැවී යන ලදි. ඒ ආරම්භක සබඳතාවය ලකුණු 67 ක් ලෙස දැක්වෙන විටය. ජේම්ස් වින්ස් 4 පහරවල් 5 ක් සමඟ ලකුණු 51 ක් ලබාගන්නා ලදි. විශිෂ්ට පිතිකරණයක යලි නිරත වූ ජෝයි රෑට් 4 පහරවල් 6 ක් සමග ලකුණු 93 කට දවාලීමට නුවන් ප්‍රදීප් සමත් විය. කෙසේ වෙතත් ඔවුන්ගේ 5 වන කඩුල්ල සඳහා ලකුණු 109 ක සබඳතාවයක් ගොඩනැංවීමට රෑට් හා ජෝශප් බට්ලර් සමත් විය. බට්ලර් 4 පහරවල් 7 ක් හා ප්‍රේක්ෂකාගාරයට එල්ල කල එක් හයක් සමඟ ලකුණු 70 කට දැවී යන ලදි .

එංගලන්ත කණ්ඩායම – 324 -7 (50) ජෝයි රෑට් 93, ජෝශප් බට්ලර් 70, ජේම්ස් වින්ස් 51 , ධනුෂ්ක ගුණතිලක 3/48, සුරංග ලක්මාල් 1/65

අනතුරුව දැවැන්ත අභියෝගයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් ජනිත් හට මෙම තරගයේ දී ද සාර්ථක  ලකුණක් අතරට පැමිණීමට නොහැකි විය. කුසල් මෙන්ඩිස් හා  ගුණතිලක ලකුණු 55 ක සබඳතාවයක් දෙවන කඩුල්ල සඳහා ගොඩනැංවීමට සමත් විය. මෙම තරගයේ ද දුවද්දී දැවීගිය ක්‍රීඩක නාමයක් ශ්‍රී ලංකා පිතිකරණ නාමාවලියට ඇතුළත් කරමින් මෙන්ඩිස් අවාසනාවන්ත ලෙස දැවී යන ලදි. මෙන්ඩිස් 4 පහරවල් 2 ක් සමඟ ලකුණු 22 යි. ගුණතිලක 4 පහර 6 ක් සමඟ ලකුණු 48 කට දැවීයන ලදි. යළිත් සාර්ථක වූ දිනේෂ් චන්දිමාල් 4 පහරවල් 2 ක් හා එක් දැවැන්ත හයක් සමඟ ලකුණු 53 ක් ලබාගත් අතර එය ඔහුගේ 19 වන අර්ධ ශතකයයි. උපුල් තරංග තමා මුහුණදුන් පළමු පන්දුවම කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවීයන ලදි. එවිට ලකුණු පුවරුව ලකුණු 106 කට කඩුලු 5 ක් ලෙස දැක්විණි. මෙහිදී ඩේවිඩ් විලී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත විය.

පසුගිය ලිපි: අර්ධ ශතක 3ක් ලබා වාර්තාවක්

ශ්‍රී ලංකා කණ්ඩායම – 202 -10 (42.4) දිනේෂ් චන්දිමාල් 53, ධනුෂ්ක ගුණතිලක 48, දසුන් ශානක 22, කුසල් මෙන්ඩිස් 22, ඩේවිඩ් විලී 4/34

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය හා තරගාවලිය ද 3-0 ක් ලෙස පරාජයට පත්විය. තවද ටෙස්ට් තරගාවලිය ද පරාජය විය.

තරගයේ වීරයා ජෝශප් බට්ලර්

තරගාවලියේ වීරයා ජේසන් රෝයි

දෙරට අතර අවසන් තරඟය ලෙස පැවැත්වෙන එකම 20-20 තරඟය ලබන ජුලි 5 වනදා සවුතැම්පටන් හි රෝස් බොවුල් ක්‍රිඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට