එංගලන්ත අභියෝගයට සාර්ථක ඇරඹුමක්

388
දිමුත් කරුණාරත්න තෙවැනි ටෙස්ට් තරගයේ සිිව්වැනි දිනය ක්‍රීඩා කරමින් ©AFP

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන හා අවසන් ටෙස්ට් තරගයේ සිව්වන දිනය ඊයේ (12) එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී නිමාවිය. දිනය නිමා වන විට තම දෙවන ඉණිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 33 ක් ලබාගැනීමට සමත් විය.

තරගයේ තෙවන දිනය නිමාවන විට එංගලන්ත කණ්ඩායම තම දෙවන ඉණිම සදහා කඩුලු 4 ක් දැවී ලකුණු 109 ක් ලබා සිටින ලදි.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා මැදපෙළ තවමත් ගැටලුවක්

තරගයේ සිව්වන දිනය ආරම්භ කිරීමට වර්ෂාව බාධා එල්ල කල අතර ඒ නිසා තරඟය පැය  කිහිපයක්ම ප්‍රමාද වී ඇරඹීය. දිනය ආරම්භ කරමින් ස්ටීවන් ෆින් ලකුණු 7 කට දැවීගිය අතර අනතුරුව පිටියට එක්වූ ඇලෙස්ටයර් කුක් හා ඇලෙක්ස් හේල්ස් ලකුණු 82 සබඳතාවයක් 6 වන කඩුල්ල සඳහා ගොඩනැංවීමට සමත් විය. දක්ෂ ලෙස ක්‍රීඩා කල හේල්ස් 4 පහරවල් 10 ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 94 කට දවාලීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය. කුක් නොදැවී ලකුණු 49 යි. එංගලන්ත කණ්ඩායම තම දෙවන ඉණිම කඩුලු 7 ක් දැවී ලකුණු 233 ක් ලබා සිටියදී අත්හිටුවීමට තීරණය කරන ලදි. ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 362 අභියෝගයක් ලකුණු පුවරුවේ සටහන් කරමිනි.

එංගලන්ත දෙවන ඉණිම – 233-7 (71) ඇලෙක්ස් හේල්ස් 94,ඇලෙස්ටයර් කුක් 49*,ජොනාතන් බෙයාර්ස්ටොවු 32 නුවන් ප්‍රදීප් 3/37 , ශමින්ද එරංග 3/58

අනතුරුව ලකුණු 362 ක් හඹා යාමට පිටියට පිවිසි කෞෂාල් සිල්වා හා දිමුත් කරුණාරත්න යළිත් සාර්ථක ආරම්භක සබඳතාවයක් සදහා අඩිතාලම දමාගැනීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 330 ක් අවශ්‍ය වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉණිම (සිව්වන දිනය නිමාවන විට) – 33-0 (12) දිමුත් කරැණාරත්න 19 කෞෂාල් සිල්වා 12

අද (13) තරගයේ අවසන් දිනයයි.

තවත් පුවත් සිංහලෙන් කියවන්න – පිවිසෙන්න