චමිඳු, සඳුන් ආගන්තුකයින්ගේ ඉලක්කය තවත් ඉහළ දමයි

816

ශ්‍රී ලංකා – බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින ක්‍රිකට් තරගයේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 351ක ඉලක්කයක් හඹා යමින් සිටින බංග්ලාදේශ පිතිකරුවෝ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තෙවැනි දිනය වූ අද (25) දිනට තරගය හමාර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 75ක් ලබා සිටිය හ.

මේ වන විටත් 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණේ පසුවන බංග්ලාදේශයේ ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 276ක් අවශ්‍ය වන අතර ඒ සඳහා කඩුලු 9ක් ඔවුන් සතුව ඉතිරිව තිබේ.

රොහාන්, අෂේන් බංග්ලාදේශ යොවුන් ඉනිම වනසති

කටුනායක මේරියන්ස් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන දෙවැනි සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (24) සුපිරි පන්දු…..

තේ පානය සඳහා තරගය නතර කිරීමත් සමඟ අයහපත් කාලගුණය තරග ආරම්භයට හරස් වූ බැවින් තෙවැනි දිනට තරගය අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ. ඒ වන විටත් කඩුල්ලේ දැවී සිටි සජීඩ් හසන් හතරේ පහර 4ක් සමඟින් පන්දු 54ක දී ලකුණු 29ක් ද, නායක ටව්හිඩ් රිඩෝයි පන්දු 07ක දී ලකුණු 02ක් ද ලබා සිව්වැනි සහ අවසන් දිනය වන හෙට (26) දිනයේදීත් පන්දුවට පහර දීමේ අවස්ථාව උදාකරගෙන සිටිති.

බංග්ලාදේශ පිලේ දැවී ගිය පිතිකරුවා බවට පත්වූ ටැන්සිඩ් හසන් වමත් දඟපන්දු යවන රොහාන් සංජයගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. දැවී යන විටත් පළමු ඉනිමේ පරිදීම බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දුන් හසන් හතරේ පහර 5ක් සමඟින් පන්දු 48ක දී ලකුණු 37ක් ලබා සජීඩ් හසන් සමඟ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක් එක් කිරීමට දායකත්වය ලබා දී තිබුණි.

බංග්ලාදේශයට වඩා ලකුණු 219ක් ඉදිරියෙන් සිට තෙවැනි දිනය ඇරඹූ ශ්‍රී ලංකා යොවුන් පිලේ තවත් කඩුලු 4ක් දිවා ආහාරයට ප්‍රථම දවා ගැනීමට රකිබුල් හසන් ප්‍රමුඛ බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ. දිවා ආහාරයෙන් පසු නැවතත් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9කට ලකුණු 233ක් රැස්කර තිබිය දී ඉනිම අත්හිටුවා බංග්ලාදේශය හමුවේ ලකුණු 351ක ඉලක්කයක් තැබීය.

බාබර් අසාම් ඇතුළු පාකිස්තානුවන් හමුවේ ඕස්ට්‍රේලියාව දණ නමයි

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ඊයේ (24) රාත්‍රියේ…

දිවා ආහාරයට පෙර ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 6ක් ලකුණු 134ක දී බිඳ වැටී අසීරු තත්ත්වයක සිටිය දී පිටියට පිවිසි චමිඳු විජේසිංහ සහ සඳුන් මෙන්ඩිස් කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබූහ. ඔවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 115ක දී ගොඩනැංවුණු ලකුණු 81ක සම්බන්ධතාව නොවන්නට බංග්ලාදේශ කණ්ඩායමට මීට වඩා පහසු ඉලක්කයක් හිමිවනු නියතය.

දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා බවට පත්වූයේ මොහොමඩ් ශමාස්ය. රකිබුල් හසන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින අක්බර් අලී විසින් සිදු කරන ලද ස්ටම්ප් කිරීමක් හමුවේ ශමාස් දැවී යන විට ලකුණු 14ක් රැස්කර ගෙන සිටියේය. සෑහෙන වේලාවක් කඩුල්ලේ රැඳී සිටි ශමාස් ලකුණු 14ක් ලැබුව ද, ඒ සඳහා ඔහු පන්දු 84කට මුහුණ දීම ද කැපී පෙනෙයි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු 9න් 7කම හිමිකරුවා බවට පත්වූ රකිබුල් හසන්ගේ ගොදුරක් වෙමින් චමිඳු විජේසිංහගේ වටිනා ඉනිම ලකුණු 55ක දී අවසන් විය. මුහුණ දුන් 69 වැනි පන්දුවේ දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව චමිඳු පිටියෙන් ඉවත් වන විටත් තම ඉනිම හතරේ පහර 8කින් වර්ණවත් කරගෙන සිටියේය. චමිඳුට අගනා සහයක් දුන් සඳුන් මෙන්ඩිස් පන්දු 71ක දී ලකුණු 36ක් ලබා ගත්තේය. පිටියට පිවිසි විගස හසන්ගේ පන්දුවක් හමුවේ ලබා දුන් උඩ පන්දුව සජීඩ් හසන් අතින් ගිලිහී යෑමේ වාසනාව හිමි වූයේ සඳුන්ට පමණක් නොව මුළු කණ්ඩායමටමය. මන්ද ඒ වන විටත් හෙතෙම රැස් කරගෙන තිබුණේ ලකුණු 10ක් බැවිනි.

පළමු තරගයේ දී ශතකයක් රැස් කරමින් බොහෝ දෙනාගේ විශ්වාසය දිනා සිටි සොනාල් දිනූෂගේ ඉනිම ද ශ්‍රී ලංකා යොවුන් පිලට බෙහෙවින් වටිනා එකක් විය. දඟපන්දු යවන්නන්ගේ රජදහනක් බවට පත්ව තිබෙන මේරියන්ස් ක්‍රීඩා සමාජ තණතීරුවේ අභීත ලෙස පිත්ත හැසිරවූ සොනාල් ලකුණු 37ක් ලබා ගත්තේය. සොනාල් ඒ සඳහා පන්දු 98කට මුහුණ දුන් අතර ඉන් තෙවතාවක් පන්දුව හතරේ සීමාවේ ඔබ්බට පන්දුව යැවීමට සැලැස්වූවේය.

පිතිකරුවන් ලෙස කණ්ඩායමට එක්ව සිටි ක්‍රීඩකයන් අතරින් ලකුණු 10 සීමාව ඉක්මවාලීමට අපොහොසත් වූ එකම පිතිකරුවා වූයේ ජනිෂ්ක පෙරේරාය. ඔහු ලකුණු ලබා ගැනීමට ප්‍රථම දවා ගැනීමට ආරම්භක පන්දු යවන ශහීන් අලාම් සමත් විය. තරගයේ සිව්වැනි සහ අවසන් දිනය වන හෙට (26) දිනයේ තරගය පෙ.ව. 9.45ට ආරම්භ වීමට නියමිතය.

අතීත ක්‍රිකට් හී රස කතා 10ක්

ක්‍රිකට් ක්‍රීඩාව මුළු ලෝකය පුරාම ඉතාම ජනප්‍රිය ක්‍රීඩාවක්. ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ලැබෙන වින්දනය ඊට ප්‍රධාන හේතුවක්. මෙම ක්‍රීඩාවේ….

ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 91ක දී සියලු දෙනා දැවී ලකුණු 219 – නවෝද් පරණවිතාන 79, කමිල් මිෂාර 52, මොහොමඩ් ශමාස් 10, සඳුන් මෙන්ඩිස් 10, චමිඳු විජේසිංහ 17, නවීන් ප්‍රනාන්දු 20*, රොහාන් සංජය 14, ශහීන් අලාම් 37/5, රිතුන්ජෝයි චෞද්‍රි 52/3)

ශ්‍රී ලංකා කණ්ඩායම් දෙවැනි ඉනිම පන්දුවාර 92ක දී ලකුණු 233/9 – චමිඳු විජේසිංහ 55, නවෝද් පරණවිතාන 36, නිපුන් ධනංජය 23, කමිල් මිෂාර 13, මොහොමඩ් ශමාස් 14, සොනාල් දිනූෂ 37, සඳුන් මෙන්ඩිස් 36, අෂේන් ඩැනියල් 10, රකිබුල් හසන් 93/7, ශහීන් අලාම් 31/1, ටවුහිඩ් රිඩෝයි 24/1

බංග්ලාදේශ පළමු ඉනිම පන්දුවාර 36ක දී සියලු දෙනා දැවී ලකුණු 109 – ටන්සිඩ් හසන් 50, සජීඩ් හොසේන් 22, රකිබුල් හසන් 15*, රොහාන් සංජය 17/5, අ‍ෂේන් ඩැනියෙල් 37/5)

බංග්ලාදේශ දෙවැනි ඉනිම පන්දුවාර 18ක දී කඩුල්ලක් දැවී ලකුණු 75 – ටන්සිඩ් හසන් 37, සජීඩ් හසන් 29*, ටව්හිඩ් රිඩෝයි 07*, රොහාන් සංජය 15/1

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<