රොහාන්, අෂේන් බංග්ලාදේශ යොවුන් ඉනිම වනසති

1295

කටුනායක මේරියන්ස් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන දෙවැනි සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (24) සුපිරි පන්දු යැවීමක නිරත වූ රොහාන් සංජය සහ අෂේන් ඩැනියල් බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ දෙවැනි ඉනිම පන්දුවාර 36ක දී ලකුණු 109කට සීමා කරමින් පළමු ඉනිමේ දී ලකුණු 117ක වාසියක් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අත්කර දීමට සමත් විය.

පරණවිතාන සහ මිෂාරගෙන් අර්ධ ශතක ඉනිම්

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන නිල නොවන සිව්දින ටෙස්ට් ක්‍රිකට්….

එහි දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණු කළුතර තිස්ස මැදි විදුහලේ රොහාන් සංජය ලකුණු 17කට කඩුලු 5ක් ද, දකුණත් පිට දඟපන්දු යවන අෂේන් ඩැනියෙල් ලකුණු 37කට කඩුලු 5ක් ද දවා ගනිමින් දිනයේ කැපී පෙනෙන පන්දු යවන්නන් බවට පත්විය.

ඒ අනුව දෙවැනි දිනය අවසානයේ දී නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවෝ කඩුලු 3කට ලකුණු 102ක් ලබා දෙවැනි ඉනිමේ දී බංග්ලාදේශයට වඩා ලකුණු 219කින් පෙරමුණ ගැනීමට සමත්ව සිටියි.

දෙවැනි දිනට තරගය හමාර කරන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටින මොහොමඩ් ශමාස් හතරේ පහරක් සමඟින් ලකුණු 12ක් ද, හතරේ පහර 2ක් සමඟින් සොනාල් ධනුෂ්ක ලකුණු 16ක් ද ලබා සිටියි.

පළමු ඉනිමේ දී අසාර්ථක වුවද දෙවැනි ඉනිමේ දී සාර්ථක වූ නවෝද් පරණවිතාන සහ නායක නිපුන් ධනංජය පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 47ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දීමට සමත් වූහ.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

පන්දු 72ක් වැය වූ අදාළ සම්බන්ධතාව නිමාවට පත්වූයේ රකිබුල් හසන්ගේ පන්දුවකට නායක ධනංජය විසින් ටන්සිට හසන්ට ලබා දුන් උඩ පන්දුව රැක ගැනීමෙනි. දැවී යන විටත් පන්දු 28කට  මුහුණ දී සිටි නිපුන් ලකුණු 23ක් ලබා සිටියේය.

පළමු ඉනිමේ දී සාර්ථකම පිතිකරුවා බවට පත්වුණු නවෝද් පරණවිතාන ලකුණු 36ක් ලබා සිටිය දී දැවී ගියේ ප්‍රතිවාදී පිලේ කඩුලු රකින ක්‍රීඩක අක්බර් අලීගේ දක්ෂ ස්ටම්ප් කිරීම හමුවේය. මුහුණ දුන් 62 වැනි පන්දුවේ දී පරණවිතාන දැවී යන විටත් තම ඉනිම හයේ පහරකින් සහ අලංකාර හතරේ පහර 4කින් වර්ණවත් කරගෙන සිටියේය.

පළමු ඉනිමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් අර්ධ ශතක වාර්තා කළ පිතිකරුවන් දෙදෙනා අතරින් එක් අයකු වූ කමිල් මිෂාරට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට වමතින් පන්දු යවන රකිබුල් හසන් අවස්ථාවක් ලබා දුන්නේ නැත.

ශ්‍රී ලංකා ලකුණු පුවරුවට පයින් ගැසූ ඉන්දීය දෘශ්‍යාබාධිතයෝ

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර තරග 3කින් යුත් එක්දින සීමිත පන්දුවාර….

ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය තෙවැනි සහ අවසන් පිතිකරුවා වූ පළමු ඉනිමේ අර්ධ ශතක ලාභී කමිල් මිෂාර දිනය අවසන් වන තෙක් කඩුල්ලේ රැඳී සිටීමට වැඩි වෙහෙසක් ගත් නමුදු රකිබුල් හසන්ගේ දෙවැනි ගොදුර වෙමින් ඔහු පිටියෙන් ඉවත් විය. ටන්සිඩ් හසන් විසින් රැක ගත් උඩ පන්දුවක් හමුවේ කමිල් පිටියෙන් ඉවත් වන විටත් පන්දු 70ක දී ලකුණු 13ක් ලබා සිටියේය.

ලකුණු 109ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට බංග්ලාදේශ පළමු ඉනිම සීමා වුව ද පළමු පන්දු 71ක දී වේගවත් ලකුණු 77ක සම්බන්ධතාවක් පැවැත්වීමට බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් වූ ටන්සිඩ් හසන් සහ සජීඩ් හසන් සමත් වූහ. එහෙත් දිවා ආහාරයෙන් පසු ගෙවී ගිය හෝරාව බංග්ලාදේශ පිලේ බලාපොරොත්තු සියල්ල කණ පිට හැරවීය. ප්‍රථමයෙන්ම සජීඩ් යහසන්ව ලකුණු 22කට සීමා කිරීමට රොහාන් සංජය සමත් වද්දී ලකුණු පුවරුවට තවත් ලකුණක් එක්වද්දී මුහුණ දුන් තෙවැනි පන්දුවේ දී ම හසන් ජෝයිව ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට ෂෙහාන් ඩැනියෙල් සමත් විය.

එතැන් සිට එකා පිට එකා දැවී ගියා හැරෙන්නට ඉනිම බේරා ගැනීම වෙනුවෙන් මුක්කුවක් ගැසීමට බංග්ලාදේශ එකම පිතිකරුවකුට හෝ නොහැකි විය. අවසානයේ බංග්ලාදේශ ඉනිමට ලකුණු 32ක් එකතු වන විට දැවී ගිය කඩුලු 10ම රොහාන් සංජය සහ අෂේන් ඩැනියෙල් අතරේ බෙදී ගියේ කඩුලු 5 බැගිනි.

බංග්ලාදේශ පිලේ වැඩිම ලකුණු ලාභියා වූ ටන්සිඩ් හසන් කෙරෙහි වැඩි බලාපොරොත්තු රඳවා තිබුණ ද රොහාන් සංජයගේ ගොදුරක් වෙමින් ඔහුගේ ඉනිම ලකුණු 50කට සීමා වද්දී බංග්ලාදේශ කණ්ඩායම දැඩි අසීරුවකට මුහුණ දුන්නේය.

බංග්ලාදේශ ඉනිමේ 9 වැනි කඩුල්ල ලකුණු 94ක දී බිඳ වැටුණ ද මැදපෙළ පිතිකරුවෙකු ලෙසින් පැමිණි රකිබුල් හසන්ට එක්වූ අවසන් පිතිකරු ශහීන් අලාම් අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 15ක් එක් කරමින් ලකුණු 100ට අඩුවෙන් දැවී යෑමේ අවදානමකට ලක්ව සිටි බංග්ලාදේශ කණ්ඩායම ඉන් මුදවා ගැනීමට සමත් විය. සංජයගේ පස්වැනි කඩුල්ල ලෙසින් ශහීන් අලාම් දැවී යන විට තම අන්තය ආරක්ෂා කර ගත් රකිබුල් හසන් ලකුණු 15ක් ලබා සිටියේය.

රවිඳුගේ කඩුලු 10 මාරිස් ස්ටෙල්ලා ජය වේගවත් කරයි

අනාගතයේ ලොව දිනන ක්‍රිකට් තරු සොයා යන ගමනට සහය වනු පිණිස ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව….

කඩුලු 9කට ලකුණු 219ක්ව තිබිය දී දෙවැනි දින ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ තවත් ලකුණු 07ක් පමණි. රිතුන්ජෝයි චෞද්‍රිගේ පන්දුවක් හමුවේ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පිතිකරුවා වූ රොහාන් සංජය දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 226කට සීමා විය.  

අද (25) තරගයේ තෙවැනි දිනයයි.  

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 91ක දී සියලු දෙනා දැවී ලකුණු 219 නවෝද් පරණවිතාන 79, කමිල් මිෂාර 52, මොහොමඩ් ශමාස් 10, සඳුන් මෙන්ඩිස් 10, චමිඳු විජේසිංහ 17, නවීන් ප්‍රනාන්දු 20*, රොහාන් සංජය 14, ශහීන් අලාම් 37/5, රිතුන්ජෝයි චෞද්‍රි 52/3

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම පන්දුවාර 43.5ක දී 102/3 – නවෝද් පරණවිතාන 36, නිපුන් ධනංජය 23, කමිල් මිෂාර 13, මොහොමඩ් ශමාස් 12*, සොනාල් දිනූෂ 16*, රකිබුල් හසන් 42/2

බංග්ලාදේශ පළමු ඉනිම පන්දුවාර 36ක දී සියලු දෙනා දැවී ලකුණු 109 – ටන්සිඩ් හසන් 50, සජීඩ් හොසේන් 22, රකිබුල් හසන් 15*, රොහාන් සංජය 17/5, අෂාන් ඩැනියෙල් 37/5

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<