ලකුණු 8කින් බංග්ලාදේශ පොඩ්ඩෝ එක්දින තරගාවලියේ පෙරමුණ ගනිති

345

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (01) පැවති දෙවැනි නිල නොවන එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව සත්කාරක ශ්‍රී ලංකා පිලට එරෙහිව ලකුණු 08ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමත්විය. මෙම තරගයේ ජයත් සමඟ තරග 5කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ද බංග්ලාදේශය සමත් විය.

බංග්ලාදේශ පොඩ්ඩන්ට එරෙහිව දිනූෂගෙන් අර්ධ ශතකයක්

නිල නොවන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය විසඳුමකින් තොරව අවසන් වීමත් සමඟ තරගාවලියේ වැඩි ගෞරව අත්කර ගැනීම සඳහා සංචාරක බංග්ලාදේශ යොවුන් කණ්ඩායමටත් ශ්‍රී ලංකා…

වර්ෂාව හේතුවෙන් එක් කණ්ඩායමකට පන්දුවාර 43 බැගින් සීමා වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර සංඛ්‍යාව අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 192ක් රැස් කිරීමට සමත් විය.

ජයග්‍රහණය හඹා යෑමේ දී බංග්ලාදේශ ඉනිමේ 21 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුව යොමු කිරීමත් සමඟ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. තරගයේ ජයග්‍රාහකයින් කවුරුන් ද යන්න තේරීමේ දී යොදා ගනු ලබන ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව එම අවස්ථාවේ දී බංග්ලාදේශයේ දැවී ගොස් තිබූ කඩුලු සංඛ්‍යාව අනුව ඉලක්කය වී තිබුණේ ලකුණු 93ක් වූ බැවින් තරගයේ ජය ඔවුන්ට හිමි විය.

අදාළ හඹා යෑමේ දී බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුලු 4ම ලකුණු 43ක දී බිඳ දමා තරගයේ පූර්ණ පාලනය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ලබා දීමට අෂේන් ඩැනියෙල් (15/2) සහ නවෝද් පරණවිතාන (31/2) සමත් වූහ. එහෙත් ශමීම් පත්වාරි එක්වූ අක්බර් අලී ජයග්‍රහණය පිළිබඳව ශ්‍රී ලංකාව තබා තිබූ බලාපොරොත්තු සිහිනයක් බවටම පත් කළහ.

කඩුලු 4ක් දවා ගැනීමේ මානසික වාසිය සමඟින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් තව තවත් පීඩනය වැඩි කළ ද ඉන් නොසැලුණු පත්වාරී – අක්බර් දෙපළ තම කඩුලුවල වැදගත්කම හොඳින් තේරුම් ගනිමින් පන්දුවට පහර දුන්හ.

ඒ  අයුරින්ම සාර්ථක ඵල නෙළා ගත් ඔවුහු අයහපත් කාලගුණය හේතුවෙන් තරගය නිමා කරන විටත් ජයග්‍රහණය සඳහා අවශ්‍ය වේගය රඳවා ගැනීමට සමත් වූහ. මොවුන් දෙදෙනා අතර වාර්තා වූ පස්වැනි කඩුල්ලේ නොබිඳුණු සම්බන්ධතාව පන්දු 66ක දී ලකුණු 58ක් වශයෙන් සටහන් විය. මෙහි දී පත්වාරී පන්දු 43 කදී ලකුණු 27ක් ද, අක්බර් අලී පන්දු 36ක දී ලකුණු 30ක් ද ලබා කඩුල්ලේ රැඳී සිටියහ.

ඉන්දියාව සිය අභිමානය ඉහළින්ම බේරා ගනී

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර තිරුවනන්තපුරම් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අද (1) පැවති පස්වැනි හා අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට්…

වර්ෂාව හේතුවෙන් නොවිසඳුණු පරිදිම මෙම තරගයේ දී ද ඉනිම ආරම්භ කළ මුදිත ප්‍රේමදාස ලකුණු 04කට දැවී ගියේ මුලු ලකුණු සංඛ්‍යාව 21ක්ව සටහන්ව තිබිය දී ය. පිතිකරණයේ වෙනසක් සිදු කරමින් අංක 3 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි මොහොමඩ් ශමාස් නවෝද්ට පරණවිතාන සමඟ එක්වෙමින් ආරම්භය අසාර්ථක වුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගැනීමට උත්සාහ ගත්ත ද අනවශ්‍ය කලබලය හේතුවෙන් රිචුන්ජෝයි චෞද්‍රිගේ පන්දුවක් හමුවේ අමිත් හසන් අතට උඩ පන්දුවක් දී ශමාස් ලකුණු 12කට දැවී යන විටත් දෙවැනි කඩුල්ලට එක්වී තිබුණේ ලකුණු 21ක් පමණි.

ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන සහ අවිශ්ක තරිඳු හැරෙන්නට සෙසු පිතිකරුවන්ට සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වීම මෙතරම් අඩු ලකුණු සංඛ්‍යාවකට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සීමා වීමට හේතු විය. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් වාර්තා වුණු එකම අර්ධ ශතකය නවෝද් පරණවිතාන විසින් වාර්තා කළේය.

91 වැනි පන්දුවේ දී අර්ධ ශතකය සම්පූර්ණ කර ගත් පරණවිතාන ශොරිෆුල් ස්ලාම්ගේ පන්දුවක් හමුවේ ශමීම් පත්වාරි උඩ පන්දුවක් රැක ගැනීම නිසා ලකුණු 83කට පිටියෙන් ඉවත් විය. හතරේ පහර 7කින් අලංකාර වුණු නවෝද්ගේ ඉනිම සඳහා ඔහු පන්දු 128කට මුහුණ දී තිබුණි.

අංක 4 පිතිකරු ලෙසින් පිටියට පිවිසි නිපුන් ධනංජයට ද රැස් කර ගත හැකි වූයේ ලකුණු 23ක් පමණක් වූ නමුත් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ඔහු නවෝද් සමඟ ලකුණු 46ක් එක් කිරීමට සමත් විය. ධනංජයගේ දැවී යෑමෙන් ලකුණු පුවරුවට ලකුණු 04ක් එක් වන විට දී සොනාල් දිනූෂ ද ශහීන් අලාම්ගේ ගොදුරක් ලෙසින් දැවී යෑම ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් ගෙන දෙන්නක් විය.

අද දිනයේ ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වාර්තා වුණු සාර්ථකම කඩුලු සම්බන්ධතාව බවට පත්වූයේ නවෝද් පරණවිතාන සහ අවිශ්ක තරිඳු අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු ලකුණු 71ක සම්බන්ධතාවයයි.

පන්දු 87ක දී වාර්තා වුණු එම සම්බන්ධතාවයේ දී අවිශ්කගේ දායකත්වය ලකුණු 43ක් විය. හතරේ පහර 7ක්  සමඟින් පන්දු 50ක් තු දී වාර්තා වුණු අවිශ්කගේ ඉනිම ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කරවන්නට වඩාත් දායක විය. එහෙත් අලාම්ගේ පන්දුවක් අවිශ්කගේ පිත්තේ දැවටී කඩුලු රැකි අක්බර් අලීගේ දෑත් අතර සිරවද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 5කට ලකුණු 163ක් ලෙසින් සටහන් විය.

අද දිනයේදීත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට වඩා බංග්ලාදේශ පන්දු යවන්නන් ඉදිරියෙන් සිටීම කැපී පෙනුණු අතර ඒ අතරින් වැඩිම ඵල නෙළා ගත්තේ ශහීන් අලාම්ය. පන්දුවාර 9ක් යැවූ අලාම් නිලකුණු පන්දුවාරයක් සමඟින් ලකුණු 43කට කඩුලු 4ක් දවා ගනිද්දී ආරම්භක පන්දු යැවූ ශොරිෆුල් ස්ලාම් ලකුණු 49කට කඩුලු 3ක් දවා ගත්තේය. ඔවුන් දෙදෙනාට අමතරව පළමු තරගයේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ රිතුන්ජෝයි චෞද්‍රි ලකුණු 42කට කඩුලු 2ක් දවා ගත්තේය.

ජෝන් කීල්ස් සහ යුනිචෙලා අවසන් තරගයට

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන ප්‍රිමියර් ලීග් A කොටසේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ජෝන් කීල්ස්…

තරිඳුගේ දැවී යෑමෙන් පසු පළමු තරගයට ක්‍රීඩා කළ නවීන් ප්‍රනාන්දු වෙනුවට මෙම තරගයට කැඳවා තිබූ ලක්ෂාන් ගමගේට ද රැස්කර ගත හැකි වූයේ ලකුණු 02ක් පමණි. තරිඳුගේ දැවී යෑමෙන් පසු ශ්‍රී ලංකාවට ලකුණු 16ක් එක් වන විට දී කඩුලු 3ක් දැවී ගිය ද තම අන්තය ආරක්ෂා කර ගත් නවෝද් පරණවිතාන 08 වැනි පිතිකරු වශයෙන් පිටියෙන් ඉවත් විය.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 43ක දී 192/9 – නවෝද් පරණවිතාන 83, නිපුන් ධනංජය 23, අවිශ්ක තරිඳු 43, මොහොමඩ් ශමාස් 12, ශහීන් අලාම් 43/4, ශොරිෆුල් ස්ලාම් 49/3, රිතුන්ජෝයි චෞද්‍රි 42/2

බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පන්දුවාර 20.4ක දී 101/4 – අක්බර් අලී (නොදැවී) 30, ශමීම් පත්වරි (නොදැවී 27), හසන් ජෝයි 13, අමිට් හසන් 13, අශේන් ඩැනියල් 15/2, නවෝද් පරණවිතාන 31/2

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<