දෙවැනි වතාවටත් වැස්ස ශ්‍රී ලංකාවට ආශීර්වාද කරයි

502

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ ක්‍රීඩකයෝ අද (11) එංගලන්තයේ බ්‍රිස්ටල් ක්‍රීඩා පිටියට පිවිසිය ද පැය කිහිපයක පමාවෙන් තරගයේ එකඳු හෝ පන්දුවක් නොයවාම නතර කර දැමීමට පිටියේ විනිසුරුවෝ තීරණය කළහ.

සිංහයින්ගේ බංගලි මෙහෙයුම කොහොම අවසන් වෙයි ද?

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන සිව්වැනි…

බ්‍රිස්ටල් පිටිය හා ඒ අවට පෙරවරුවේ සිටම විටින් විට වර්ෂාව විසින් ගිල ගත් බැවින් පිටියේ විනිසුරුවන් ලෙසින් කටයුතු කිරීමට සිටි රිචර්ඩ් ඉල්ලින්ග්වර්ත් සහ රිචර්ඩ් කෙට්ල්බොරෝග් යන මහත්වරුන් මෙම තීරණය ගත්හ.

තරගයේ කාසියේ වාසිය උරගා බැලීමට පෙරම පැවති අයහපත් තත්ත්වය හමුවේ පිටිය පරීක්ෂා කිරීමට විනිසුරුවන් විසින් පැයක පමණ කාලයකට තරගය පමා කරන ලදි. නමුත් තීරණය කරන කාලයේ දී විනිසුරුවන්ට පිටිය නිරීක්ෂණය කිරීමට ඉඩක් ලැබුණේ නැත. නැවත ක්‍රීඩාංගණය වට වැස්ස හේතුවෙන් විනිසුරුවන්ට පිටිය නිරීක්ෂණය කිරීමට ඉඩ ලැබුණේ පස්වරුවේ ය.

Photos : Sri Lanka vs Bangladesh | ICC Cricket World Cup 2019 – Match 16

එහෙත් ඒ වන විට ද ක්‍රීඩා පිටිය තරගයක් පැවැත්වීමට තරම් සුදුසු තත්ත්වයට ගෙන ඒමට තරම් ප්‍රමාණවත් තරමින් නොවීමත්, පිටිය හා ඒ අවට පැවති අඳුරු ආලෝක තත්ත්වයත් හේතුවෙන් තරගය වේලාසනින් ම අතහැර දැමීමට සියලු දෙනා එක්ව තීරණය කළහ. එසේ නොමැතී වී නම් මෙරට වේලාවේන් පස්වරු 8.30 පසු වන තුරු තරගය පැවැත්වීමේ බලාපොරොත්තු තබා ගත හැකිව තිබුණි.

තරගය නතර කිරීමත් සමඟ කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු බැගින් හිමි විය. පෙර තරගයේ දී ශ්‍රී ලංකාවට ඉහළට ඒමට එය හේතුවක් වූව ද මෙවර එවන් අවස්ථාවක් කණ්ඩායම් දෙකටම හිමි වූයේ නැත.  

මාලිංග හදිසියේ ගෙදර එයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ…

ලෝක කුසලාන ක්‍රිකට් තරග මාලාවේ මේ දක්වා ශ්‍රී ලංකාවට බංග්ලාදේශය අවස්ථා තුනක දී හමුවී ඇති අතර එම තරගය තුනම ජයග්‍රහණය කර ඇත්තේ ශ්‍රී ලංකාවයි. එසේ වූව ද මෑත කාලීන තරග දක්ෂතා දෙස බැලීමේ දී බංග්ලාදේශය ශ්‍රී ලංකාව අභිබවා යමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී ද  ශ්‍රී ලංකාවට වඩා පියවර 2ක් ඉදිරියෙන් පසු විය.

ශ්‍රී ලංකාව මෙම තරගයට සහභාගී වූයේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා තරග තුනකට සහභාගී වී එහි දී දකුණු අප්‍රිකාව වෙතින් පරාජය වෙමින් ද ඇෆ්ගනිස්තානයට එරෙහිව ජයග්‍රහණයක් ලබමින් ද සහ පාකිස්තානයට එරෙහි තරගය විසඳුමකින් තොරව ද අවසන් කර ඇත.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය තමන් සහභාගී වූ පළමු තරගයේ දී දකුණු අප්‍රිකාවට එරෙහි තම එක්දින තරග දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින් ප්‍රතිවාදී කණ්ඩායම් සලිත කිරීමට සමත් වූ කණ්ඩායමකි. එම තරගයේ දී ඔවුන් ජයග්‍රහණය කිරීමට ද සමත් වූහ. එසේ වූව ද බංගලියන්ට දෙවැනි සහ තෙවැනි තරගවල දී නවසීලන්තය සහ එංගලන්තය වෙතින් පරාජය වීමට සිදු විය.

අද තරගය වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධිත ලැයිස්තුවට අවිශ්ක ප්‍රනාන්දුට අමතරව නුවන් ප්‍රදීප් ද මේ වන විට ඒ ගොඩට වැටී ඇත. මෙම තරගය නිමාවත් සමඟින් ලසිත් මාලිංග නැසී ගිය තම නැන්දම්මාගේ අවසන් කටයුතුවලට සහභාගී වීමට මෙරටට පැමිණෙන අතර ඔහු නැවත ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක් වීමට නියමිතව ඇත්තේ එළඹෙන තරගයට පෙර දිනයේ ය.

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය ඕස්ට්‍රේලියාව සමග මේ මස 15 වැනි සෙනසුරාදා ලන්ඩන් නුවර දී පැවැත්වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<