මෙවන් ඉඳුරුවගෙන් නව වාර්තා පහක්; වැඩිම පදක්කම් ජ’පුරට

145
www.moraspirit.com

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ පිහිනුම් තරග අද (29) කොටවිල ක්‍රීඩා සංකීර්ණයේ දී නිමා විය. එහි දී සමස්ත පිරිමි ශූරතාවය රුහුණ විශ්වවිද්‍යාලයටත් සමස්ත කාන්තා ශූරතාවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයටත් හිමි විය. තරගාවලියේ දී බිහි වූ නව වාර්තා ගණන 10කි. 

පිරිමි තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට රුහුණ විශ්වවිද්‍යාලයේ මෙවන් ඉඳුරුව සමත් වූ අතර ඔහු රන් පදක්කම් පහක් දිනා ගැනීමට සමත් වූ අතර එම අවස්ථා සියල්ලම නව වාර්තා වීම විශේෂත්වයකි.  

ඔරු පැදීමේ ශූරතාවය කොළඹට හා මොරටුවට

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ ඔරු පැදීමේ තරග අද (24) කොළඹ ඔරු පැදීමේ ක්‍රීඩා සමාජ පරිශ්‍රයේ දී පැවැත්විය.

මීටර් 200 නිදහස් ආර තරගයේ දී මෙවන් ඉඳුරුව මිනිත්තු 2.10.38ක කාලයක් වාර්තා කරමින් නව තරග වාර්තාවක් හා රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය. මීටර් 200 සමනල ආර තරගයේ දී ද ඔහු රන් පදක්කම දිනා ගත් අතර එහි දී ඔහු වාර්තා කළ මිනිත්තු 2.32.58ක කාලය නව තරග වාර්තාවක් ලෙස සටහන් විය. මීටර් 400 නිදහස් ආර ඉසව්ව මිනිත්තු 4.37.62ක කාලයකින් නිමා කිරීමට සමත් වූ මෙවන් තුන්වැනි ‍රන් පදක්කම ද තමන් සතුකර ගත්තේය. එය ද නව වාර්තාවකි. 

රුහුණ විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් මීටර් 100 නිදහස් ආර ඉසව්වට සහභාගි වූ ඩබ්ලියු. කේ. එස්. වික්‍රමආරච්චි එම ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කළේ තත්පර 58.62ක නව වාර්තාවක් පිහිටුවමිනි. 

මීටර් 100 ළය ආර ඉසව්වේ නව තරග වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අක්ශය කුමාරජීව සමත් වූ අතර ඔහු වාර්තා කළ කාලය මිනිත්තු 1.13.60කි. ඔහු මීටර් 200 මිශ්‍ර ආර තරග ඉසව්වේ ද නව තරග වාර්තාවක් පිහිටුමින් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. එහි දී ඔහු වාර්තා කළ කාලය මිනිත්තු 2.24.58කි. 

මීටර් 200 පසුපස ආර ඉසව්වේ රන් පදක්කම රුහුණ විශ්වවිද්‍යාලයේ අමිල ප්‍රනාන්දුට හිමි වූ අතර ඔහු එහි දී වාර්තා කළ මිනිත්තු 2.33.52ක කාලය නව තරග වාර්තාවක් විය. 

මීටර් 100*4 නිදහස් ආර තරග ඉසව්වේ දී මිනිත්තු 4.10.87ක කාලයක් වාර්තා කරමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට රුහුණ විශ්වවිද්‍යාලය සමත් විය. එම කණ්ඩායම සහභාගි වූ මීටර් 100*4 මිශ්‍ර ආර ඉසව්වේදී ඔවුන් මිනිත්තු 4.39.55 ක කාලයක් වාර්තා කල අතර එය නව තරගාවලි වාර්තාවක් ලෙස සටහන් විය. මෙම කණ්ඩායම් වාර්තා ද්විත්වයටද මෙවන් ඉඳුරුව හා අමිල ප්‍රනාන්දු හිමිකම් කීවේය.  

පිරිමි තරගාවලියේ සමස්ත ශූරතාවය රුහුණ විශ්වවිද්‍යාලයට හිමි වූ අතර දෙවන හා තුන්වැනි ස්ථාන හිමි වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට හා කොළඹ විශ්වවිද්‍යාලයටයි. 

>>තරගාවලියේ සමස්ත පිරිමි ප්‍රතිඵල<<

කාන්තා තරගාවලියේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කැපී පෙනෙන දස්කම් දැක්විය. කාන්තා තරගාවලියේ බිහි වූ නව වාර්තා ගණන දෙකක් වන අතර එම වාර්තා දෙකටම හිමිකම් කීමට කොළඹ විශ්වවිද්‍යාලයේ හිමානි විතානගේ සමත් විය. ඇය තරගාවලියේ දී රන් පදක්කම් තුනක් දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එන්. එච්. ඇල්ලේවල රන් පදක්කම් දෙකක් හා රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් විය. 

කොළඹ නැවතත් පිරිමි ශූරයන් වෙද්දී වසර 9ක කොළඹ කාන්තා ආධිපත්‍යය බිඳ වැටේ

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ ටෙනිස් තරග අගෝස්තු 17, 18 හා 19 කොළඹ Gymkhana ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

මීටර් 100 නිදහස් ආර ඉසව්වේ ‍රන් පදක්කම හිමානි විතානගේ සතු වූ අතර එහි දී ඇය නව තරග වාර්තාවක් පිහිටවූයේ මිනිත්තු 1.07.94ක කාලයක් වාර්තා කරමිනි. මීටර් 100 පසුපස ආර ඉසව්වේ ‍රන් පදක්කම ද ඇය සතු වූ අතර එම ඉසව්ව ඇය නිමා කළේ මිනිත්තු 1.21.75ක කාලයක් වාර්තා කරමිනි. 

කාන්තා තරගාවලියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමත් වූ අතර දෙවන ස්ථානය කොළඹ විශ්වවිද්‍යාලයටත් තුන්වැනි ස්ථානය පේරාදෙණිය විශ්වවිද්‍යාලයටත් හිමි විය. 

>>තරගාවලියේ සමස්ත කාන්තා ප්‍රතිඵල<<

සමස්ත පිහිනුම් තරගාවලියේ දී වැඩිම රන් පදක්කම් සංඛ්‍යාව දිනා ගැනීමට රුහුණ විශ්වවිද්‍යාලය සමත් වූ අතර එය ගණනින් 10කි. වැඩිම පදක්කම් සංඛ්‍යාවට හිමිකම් කීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමත් වූ අතර ඔවුන් තරගාවලියේ දී පදක්කම් 28ක් දිනාගෙන ඇත. 

පදක්කම් සටහන

විශ්වවිද්‍යාලය රන් ‍රිදී ලෝකඩ මුළු ගණන
ශ්‍රී ජයවර්ධනපුර 9 10 9 28
රුහුණ 10 1 0 11
කොළඹ 5 4 5 14
පේරාදෙණිය 1 4 7 12
කැළණිය 1 3 1 5
සබරගමුව 0 2 1 3
රජරට 0 0 1 1
මොරටුව 0 0 1 1

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<