මොරටුව, පේරාදෙණිය, කොළඹ හා කැළණිය අවසන් පූර්ව වටයට

858

2019 විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ රග්බි තරගවල අර්ධ අවසන් පූර්ව වටය පසුගිය දා ආරම්භ වූ අතර ඒ සඳහා කාණ්ඩ වටයේ මුල් ස්ථාන ලබාගත් කණ්ඩායම් 8 එක්ව සිටියහ. 

එහි දී මොරටුව, කොළඹ, පේරාදෙණිය හා කැළණිය යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. සියලු තරග කොග්ගල BOI ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. 

මොරටුව, පේරාදෙණිය, කොළඹ හා කැළණිය කාණ්ඩවල පෙරමුණට

2019 ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ පළමු වටයේ රග්බි තරග පසුගිය දා ආරම්භ වූ අතර එහි තුන්වැනි සතිඅන්තය……….

මොරටුව විශ්වවිද්‍යාලය හා යාපනය විශ්වවිද්‍යාලය

මොරටුව විශ්වවිද්‍යාලය තරගාවලියේ ප්‍රබල කණ්ඩායමක් ලෙස සැලකෙන අතර ඔවුන් A කාණ්ඩයේ ප්‍රථමයා ලෙස තරගාවලිය නිමා කරන ලදි. යාපනය කණ්ඩායම C කාණ්ඩයේ දෙවැනියා ලෙස පළමු වටය නිමා කළේය. තරගයේ ආරම්භයේ සිටම ප්‍රබල ක්‍රීඩා රටාවක නිරත වූ මොරටුව කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ ලකුණු 29-12ක් ලෙසිනි. 

අවසන් ලකුණු තත්වය: මොරටුව 29 – 12 යාපනය


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා කොළඹ විශ්වවිද්‍යාලය 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තරගාවලියේ ආරම්භයේ පටන් ප්‍රබල ක්‍රීඩා රටාවක නිරත වූ අතර මොරටුව විශ්වවිද්‍යාලය හමුවේ ලද පරාජය නිසාවෙන් ඔවුන්ට කාණ්ඩ වටයේ හිමි වූයේ දෙවන ස්ථානයයි. 

කොළඹ විශ්වවිද්‍යාලය මෙවර තරගාවලියේ ප්‍රබල කණ්ඩායමක් ලෙස සැලකෙන අතර ඔවුන්ගේ තාක්ෂණය ඉහල මට්ටමක පවතී. කෙසේ වෙතත් ශ්‍රී ජයවර්ධනපුර කණ්ඩායමට ප්‍රබල පීඩනයක් තරග ආරම්භයේ පටන් එල්ල කිරීමට කොළඹ කණ්ඩායම සමත් වූ අතර දඬුවම් පහර දෙකකට පමණක් ඔවුන් සීමා කිරීමට කොළඹ කණ්ඩායම සමත් විය. 

අවසන් ලකුණු තත්වය: කොළඹ 41 – 06 ශ්‍රී ජයවර්ධනපුර 


පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා සබරගමුව විශ්වවිද්‍යාලය 

පේරාදෙණිය විශ්වවිද්‍යාලය පසුගිය වසර කීපයේ දී ම අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ අවසන් තරගයට පැමිණි අතර 2017 වසරේ ශූරතාව දිනා ගැනීමට ඔවුන් සමත් විය.

සබරගමුව කණ්ඩායම මෙම තරගයේ දී ප්‍රබල ක්‍රීඩා රටාවක නිරත වූයේ පේරාදෙණිය කණ්ඩායම වික්ෂිප්ත කරමිනි. නියමිත කාලය අවසාන වන විට පේරාදෙණිය කණ්ඩායම හා සබරගමුව කණ්ඩායම ලකුණු 10 බැගින් ලබාගනිමින් සම ලකුණු තත්ත්වයක පසුවිය. 

තරගයේ ජයග්‍රාහකයින් තෝරාගැනීම සඳහා දඬුවම් පහර වලට යොමුවීමට විනිසුරුවන් තීරණය කඵ අතර එහි දී දඬුවම් පහර 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමත් විය. 

අවසන් ලකුණු තත්වය: පේරාදෙණිය 10 (දඬුවම් පහර 2) – 10 (දඬුවම් පහර 1) සබරගමුව 

කොළඹ, පේරාදෙණිය හා මොරටුවට මංගල ජයග්‍රහණ

2019 ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ පළමු වටයේ රග්බි තරග පසුගිය සතියේ ආරම්භ වූ අතර එම සති අන්තය…………..

කැළණිය විශ්වවිද්‍යාලය හා රුහුණ විශ්වවිද්‍යාලය

සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය සඳහා සත්කාරක රුහුණ විශ්වවිද්‍යාලය හා කැළණිය විශ්වවිද්‍යාලය තරග වැදුනි. කැළණිය විශ්වවිද්‍යාලය මෙවර තරගාවලියේ පෙරළිකාර කණ්ඩායමක් වන අතර අපරාජිතව කාණ්ඩ වටය නිමා කළ ඔවුන් අවසන් පූර්ව වටයට පිවිසියේ D කාණ්ඩයේ පෙරමුණ ගනිමිනි. 

සත්කාරක රුහුණ කණ්ඩායම පරාජය කිරීමට කැළණිය කණ්ඩායම සමත් වූ අතර ලකුණු තත්ත්වය දැක්වූයේ ලකුණු 27-12ක් ලෙසිනි. 

අවසන් ලකුණු තත්වය: කැළණිය 27 – 12 රුහුණ 

ඒ අනුව රග්බි අවසන් පූර්ව තරග මීළඟ සතියේ ආරම්භ වීමට නියමිතයි. 2019 ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න අප සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<