මොරටුව, පේරාදෙණිය, කොළඹ හා කැළණිය කාණ්ඩවල පෙරමුණට

552

2019 ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ පළමු වටයේ රග්බි තරග පසුගිය දා ආරම්භ වූ අතර එහි තුන්වැනි සතිඅන්තය අද (21) නිමා වූයේ කාණ්ඩ වටයේ අවසානය සටහන් කරමිනි. 

උණුසුම් මුහුණුවරක් ගත් තෙවැනි සතිඅන්තයේ තරග කොග්ගල BOI ක්‍රීඩාංගණයේ දී හා රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. තුන්වැනි සති අන්තය තරග 5කින් සමන්විත වූ අතර එහි දී කැලණිය, කොළඹ, වයඹ, පේරාදෙණිය හා මොරටුව යන විශ්වවිද්‍යාල ජයග්‍රහණය කිරීමට සමත් විය. 

D කාණ්ඩයේ තරගයක් සඳහා කැළණිය විශ්වවිද්‍යාලය හා සබරගමුව විශ්වවිද්‍යාලය කොග්ගල දී තරග වැදුණු අතර එහි දී පළමු අර්ධය නිමා වූයේ ලකුණු 03-00ක් ලෙස කැළණිය කණ්ඩායම පෙරමුණ ගනිමිනි. 

කෙසේ වෙතත් දෙවන අර්ධය ඉතාමත් උද්‍යෝගී අර්ධයක් වූ අතර එම අර්ධයේ දී කැළණිය කණ්ඩායම තවත් ලකුණු 14ක් වාර්තා කළේය. එම අර්ධයේ දී සබරගමුව කණ්ඩායම ලබා ගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 15කි. පළමු අර්ධයේ දී ලබා ගත් පරතරය නිසාවෙන් තරගය ජයග්‍රහණය කිරීමට කැළණිය කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණය ඔවුන් පළමු වටයේ ලබා ගත් තුන්වැනි ජයග්‍රහණයයි. 

අවසන් ලකුණු තත්වය: කැළණිය 17 – 15 සබරගමුව 

කොළඹ, පේරාදෙණිය හා මොරටුවට මංගල ජයග්‍රහණ

2019 ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ පළමු වටයේ රග්බි තරග පසුගිය සතියේ ආරම්භ වූ අතර එම සති අන්තය නිමා වූයේ….

D කාණ්ඩයේ අනෙක් තරගය සඳහා වයඹ විශ්වවිද්‍යාලය හා අග්නිදිග විශ්වවිද්‍යාලය තරග වැදුණු අතර එම තරගයේ දී අග්නිදිග කණ්ඩායමට එකදු ලකුණක් හෝ ලබා ගැනීමට වයඹ කණ්ඩායම අවස්ථාව ලබා දුන්නේ නැත. වයඹ කණ්ඩායම ලකුණු 36ක් වාර්තා කරමින් තරගය ජයග්‍රහණය කළේය. පළමු වටයේ අග්නිදිග විශ්වවිද්‍යාලය මුහුණ දුන් තරග තුනම ඔවුන් පරාජය වී ඇති අතර ඔවුන් එහි දී කිසිදු ලකුණක් ලබාගැනීමට සමත්ව නැත. 

අවසන් ලකුණු තත්වය: වයඹ 36 – 00 අග්නිදිග 

C කාණ්ඩයේ ප්‍රථමයා තේරීමේ තරගය කොළඹ කණ්ඩායම හා යාපනය කණ්ඩායම අතර කොග්ගල දී පැවති අතර පළමු අර්ධයේ දී ම පෙරමුණ ගැනීමට කොළඹ කණ්ඩායම සමත් වූයේ ලකුණු 17-05ක් ලෙසිනි. 

දෙවන අර්ධයේ දී යාපනය කණ්ඩායමට එකදු ලකුණක් හෝ ලබා ගැනීමට ඉඩ නොදුන් කොළඹ කණ්ඩායම තරගය නිමා කළේ ලකුණු 46ක් වාර්තා කරමිනි. ඒ ජයග්‍රහණයත් සමඟින් C කාණ්ඩයේ පෙරමුණ ගැනීමට කොළඹ කණ්ඩායම සමත් විය. 

අවසන් ලකුණු තත්වය: යාපනය 05 – 46 කොළඹ 

B කාණ්ඩයේ අවසන් තරගය ලෙස පේරාදෙණිය හා ඌව අතර තරගය පැවති අතර තරගය ආරම්භයේ පටන් තරගයේ ග්‍රහණය තමන් සතුකර ගැනීමට පේරාදෙණිය කණ්ඩායම සමත් විය. පළමු අර්ධය නිමා වූයේ ලකුණු 19-03ක් ලෙස පේරාදෙණිය කණ්ඩායම පෙරමුණ ගනිමිනි. 

දෙවන අර්ධයේ දී ඌව කණ්ඩායම තවත් ලකුණු 5ක් වාර්තා කළ අතර එයට පිළිතුරු ලෙස පේරාදෙණිය කණ්ඩායම ලකුණු 17ක් වාර්තා කළේය. 

අවසන් ලකුණු තත්වය: පේරාදෙණිය 36 – 08 ඌව

ජපුර, කැළණිය 50 ඉක්මවයි; යාපනයට හා සබරගමුවටත් ජයග්‍රහණ

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ රග්බි තරග මේ සති අන්තයේ දී ආරම්භ විය. පළමු වටයේ තරග කොග්ගල BOI ක්‍රීඩාංගණය…

A කාණ්ඩයේ පෙරමුණ ගැනීම සඳහා ජයවර්ධනපුර කණ්ඩායම හා මොරටුව කණ්ඩායම අතර ප්‍රබල සටනක් නිර්මාණය වී තිබූ අතර බෙලිඅත්ත ඩී. ඒ. රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ඔවුන් අතර තරගය පැවැත්විය. එම තරගය ජයග්‍රහණය කරමින් කාණ්ඩයේ පෙරමුණ ගැනීමට මොරටුව කණ්ඩායම සමත් විය. 

අවසන් ලකුණු තත්වය: මොරටුව 25 – 12 ශ්‍රී ජයවර්ධනපුර 

එම තරගයත් සමඟින් තරග 15කින් සමන්විත වූ පළමු වටයේ තරග නිමා විය. කාණ්ඩ වටය නිමා වීමෙන් පසුව එක් එක් කාණ්ඩවල ස්ථාන වෙන්වී තිබුණේ මෙසේයි.

A කාණ්ඩය B කාණ්ඩය C කාණ්ඩය D කාණ්ඩය
මොරටුව පේරාදෙණිය කොළඹ කැළණිය
ශ්‍රී ජයවර්ධනපුර රුහුණ යාපනය සබරගමුව
නැගෙනහිර ඌව රජරට වයඹ
      අග්නිදිග

රග්බි තරගවල දෙවන වටයේ තරග මීලඟ සතියේ ආරම්භ වීමට නියමිතය. එම සියලු තරග තොරතුරු හා 13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබවෙත ගෙන ඒමට ThePapare.com සූදානම්.‍ රැදී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<