කොළඹ, පේරාදෙණිය හා මොරටුවට මංගල ජයග්‍රහණ

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල

684

2019 ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ පළමු වටයේ රග්බි තරග පසුගිය සතියේ ආරම්භ වූ අතර එම සති අන්තය නිමා වූයේ කණ්ඩායම් තුනක්ම ලකුණු 50 සීමාව ඉක්මවා යමිනි. 

උණුසුම් මුහුණුවරක් ගත් පළමු සතිඅන්තයට දෙවන නොවන දෙවන සති අන්තයේ තරග අද (14) නිමාවට පත්විය. දෙවන සති අන්තය තරග 5කින් සමන්විත වූ අතර එහි දී කැලණිය, කොළඹ, සබරගමුව, පේරාදෙණිය හා මොරටුව යන විශ්වවිද්‍යාල ජයග්‍රහණය කිරීමට සමත් විය. 

ජපුර, කැළණිය 50 ඉක්මවයි; යාපනයට හා සබරගමුවටත් ජයග්‍රහණ

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ රග්බි තරග මේ සති අන්තයේ දී ආරම්භ විය. පළමු වටයේ තරග…

D කාණ්ඩයේ තරගයක් සඳහා කැළණිය විශ්වවිද්‍යාලය හා වයඹ විශ්වවිද්‍යාලය තරග වැදුණේ කොග්ගල දී ය. එම තරගය ලකුණු 31-05ක් ලෙස ජයග්‍රහණය කිරීමට කැළණිය විශ්වවිද්‍යාලය සමත් විය. ඒ කැළණිය වාර්තා කළ දෙවන ජයග්‍රහණයයි. 

ඒ අනුව මූලික තරග වටයේ දෙවන සති අන්තය නිමා වූයේ කණ්ඩායම් දෙකක් ලකුණු 50 සීමාව පසුකර යමිනි. කැළණිය හා සබරගමුව කණ්ඩායම් කාණ්ඩ වටයේ දෙවන ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. කොළඹ, පේරාදෙණිය හා මොරටුව කණ්ඩායම් තම පළමු ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. 

අවසන් ලකුණු තත්වය: කැළණිය 31 – 05 වයඹ

තවත් තරගයක් සබරගමුව විශ්වවිද්‍යාලය හා අග්නිදිග විශ්වවිද්‍යාලය අතර පැවති අතර එම තරගය ද D කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්විය. එම තරගයේ දී සබරගමුව කණ්ඩායම ජයග්‍රහණය කළේ ලකුණු 57-00ක් ලෙසිනි. ඒ සමඟින් සබරගමුව කණ්ඩායම ද තම දෙවන ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. 

අවසන් ලකුණු තත්වය: සබරගමුව 57 – 00 අග්නිදිග 

කොළඹ විශ්වවිද්‍යාල කණ්ඩායම තම පළමු තරගය සඳහා අද (14) සහභාගි වූයේ රජරට විශ්වවිද්‍යාලය සමඟින්. C කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගයේ දී ලකුණු 64-05ක් ලෙස ජයග්‍රහණය කිරීමට කොළඹ කණ්ඩායම සමත් විය. 

අවසන් ලකුණු තත්වය: කොළඹ 64 – 05 රජරට 

පේරාදෙණිය විශ්වවිද්‍යාලය ද තම පළමු තරගය සඳහා කොග්ගල දී අද තරග වැදුණු අතර එම තරගයේ දී සත්කාරක රුහුණ විශ්වවිද්‍යාලය ලකුණු 31-05ක් ලෙස පරාජය කිරීමට ඔවුන් සමත් විය. පළමු අර්ධය අවසන් වන විට ලකුණු 19-05ක් ලෙස පෙරමුණ ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාල සමත්ව සිටියේය. 

අවසන් ලකුණු තත්වය: පේරාදෙණිය 31 – 05 රුහුණ 

පේරාදෙණිය විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ දී මොරටුව විශ්වවිද්‍යාලය හා නැගෙනහිර විශ්වවිද්‍යාලය අතර තරගයක් පැවැත්වීමට නියමිතව තිබුණ ද නැගෙනහිර විශ්වවිද්‍යාලය තරගයට සහභාගි නොවීම නිසාවෙන් එම තරගයේ ජයග්‍රහණය මොරටුව විශ්වවිද්‍යාලයට හිමි විය. 

මූලික වටයේ තවත් තරග කීපයක් මීළඟ සතිඅන්තයේ දී පැවැත්වීමට නියමිතයි. එම තරගවල තොරතුරු ද ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<