කරාතේ ශූරතා දෙකම කැළණියට

59

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ කරාතේ තරග පසුගිය දා නිමා වූයේ කැළණිය විශ්වවිද්‍යාලයට කාන්තා හා පිරිමි ශූරතා හිමිකර දෙමිනි. කාන්තා අනුශූරතාව මොරටුව විශ්වවිද්‍යාලයටත්, පිරිමි අනුශූරතාව සබරගමුව විශ්වවිද්‍යාලයටත් හිමි විය. 

තරගාවලිය KUMITE හා KATA ලෙස කාණ්ඩ දෙකක් යටතේ පැවති අතර KUMITE කාණ්ඩය පිරිමි බර පන්ති 7කින් හා කාන්තා බර පන්ති 6කින් සමන්විත විය. KATA කාණ්ඩය කණ්ඩායම් හා ක්‍රීඩක ලෙස කොටස් දෙකකින් පැවැත්විය. 

එල්ලේ වලින් ජ’පුර හා කැළණිය පෙරමුණට!

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ එල්ලේ තරග පසුගිය දා ……….

පිරිමි තරගාවලිය 

KATA කාණ්ඩයේ කණ්ඩායම් ශූරතාව දිනා ගැනීමට මොරටුව විශ්වවිද්‍යාලය සමත් වූ අතර ක්‍රීඩක ශූරතාව හිමි වූයේ සබරගමුව විශ්වවිද්‍යාලයේ ජී. ජී. ඩී. එන්. උදාරටය. දෙවන ස්ථානය කැළණිය විශ්වවිද්‍යාලයේ ඩී. ටී. ඩී. ජයසිංහට හිමි විය. 

තරගාවලියේ කැළණිය කණ්ඩායම රන් පදක්කම් දෙකක් දිනා ගත් අතර එම පදක්කම් දෙක කිලෝග්‍රෑම් 67 බර පන්තිය නියෝජනය කළ ඩී. ටී. ඩී. ජයසිංහ විසින් ද කිලෝග්‍රෑම් 84 බර පන්තිය නියෝජනය කළ ආර්. එම්. කේ. රත්නායක විසින් ද දිනා ගත්තේය. 

පිරිමි අනුශූරයන් වූ සබරගමුව විශ්වවිද්‍යාලය වෙනුවෙන්  කිලෝග්‍රෑම් 50 බර පන්තිය නියෝජනය කළ එම්. එෆ්. එම්. ෆර්හාන් රන් පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් විය. 

කිලෝග්‍රෑම් 55 බර පන්තියේ රන් පදක්කම රුහුණ විශ්වවිද්‍යාලයේ බී. එස්. ආර්. බෝගහවත්තට හිමි වූ අතර එච්. එම්. ඩබ්ලියු. ඒ. විජේරත්න කොළඹ විශ්වවිද්‍යාලයට කිලෝග්‍රෑම් 60 බර පන්තියේ රන් පදක්කම හිමිකර දීමට සමත් විය. 

මොරටුව විශ්වවිද්‍යාලය වාර්තා කළ එකම රන් පදක්කමේ හිමිකරු වීමට යූ. ජී. එල්. මධුශාන් සමත් වූ අතර ඔහු නියෝජනය කළේ කිලෝග්‍රෑම් 75 බර පන්තියයි. කිලෝග්‍රෑම් 84ට වැඩි බර පන්තිය නියෝජනය කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වී. පී. වික්‍රමසිංහ එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. 

තරගාවලියේ අවසන් ශ්‍රේණිගත කිරීම්

ස්ථානය විශ්වවිද්‍යාලය ලකුණු
1 කැළණිය 22
2 සබරගමුව 19
3 මොරටුව 15
4 පේරාදෙණිය 12
5 කොළඹ 11
6 රුහුණ 7
7 ශ්‍රී ජයවර්ධනපුර 6
8 යාපනය 3

>>තරගාවලියේ සමස්ත පදක්කම් සටහන <<

මල්ලවපොර ශූරතාව ජ’පුරට; අනුශූරතාව වයඹට

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ මල්ලවපොර තරග …..

කාන්තා තරගාවලිය 

කාන්තා තරගාවලියේ KATA කාණ්ඩයේ ක්‍රීඩක ශූරතාව දිනා ගැනීමට මොරටුව විශ්වවිද්‍යාලයේ කේ. ඩී. ඒ. ටී. දියවඩන සමත් වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වී. ඒ. බී. දිල්රුක්ශි දෙවන ස්ථානයට පත්කරමිනි. එහි කණ්ඩායම් ශූරතාව දිනා ගැනීමට කැළණිය විශ්වවිද්‍යාලය සමත් වූ අතර මොරටුව විශ්වවිද්‍යාලය දෙවන ස්ථානය ලබා ගැනීමට සමත් විය. 

KUMITE කාණ්ඩයේ දී කැළණිය කණ්ඩායම රන් පදක්කම් 4ක් දිනා ගැනීමට සමත් විය. එහි දී ටී. එල්. එස්. ප්‍රබාශිනී කිලෝග්‍රෑම් 45 බර පන්තියේ ද, ජී. එම්. අධිකාරි කිලෝග්‍රෑම් 50 බර පන්තියේ ද, එච්. එම්. කබ්‍රාල් කිලෝග්‍රෑම් 55 බර පන්තියේ ද, එස්. එස්. දිනෙත්සලා කිලෝග්‍රෑම් 68ට වැඩි බර පන්තියේ ද රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය. 

වයඹ විශ්වවිද්‍යාලයේ ඩබ්ලියු. කේ. පී. වික්‍රමසිංහ කිලෝග්‍රෑම් 61 බර පන්තිය නියෝජනය කරමින් රන් පදක්කම දිනා ගත් අතර කිලෝග්‍රෑම් 68 බර පන්තියේ රන් පදක්කම හිමි වූයේ එස්. යූ. ජයසිංහටයි. 

තරගාවලියේ අවසන් ශ්‍රේණිගත කිරීම්

ස්ථානය විශ්වවිද්‍යාලය ලකුණු
1 කැළණිය 32
2 මොරටුව 11
3 කොළඹ 10
4 ශ්‍රී ජයවර්ධනපුර 9
5 වයඹ 7
6 සබරගමුව 6
7 සෞන්දර්ය 5
8 යාපනය 4

>>තරගාවලියේ සමස්ත පදක්කම් සටහන<< 

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<