බැඩ්මින්ටන් ශූරතා ජ’පුරට

103

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමත් විය. විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් තරග රුහුණ විශ්වවිද්‍යාල ක්‍රීඩාගාරයේ දී අගෝස්තු මස 28, 29 හා 30 වන දිනවල දී පැවැත්විය.

කොළඹ දෙකට දමා යාපනය සිසුවියන් අංක එකට

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ දැල්පන්දු තරග ඊයේ (29) නිමා වූයේ ශූරතාව යාපනය…

පිරිමි තරගාවලිය

කාණ්ඩ හතරක් යටතේ කණ්ඩායම් 14ක සහභාගිත්වයෙන් පැවති පිරිමි තරගාවලියේ අවසන් තරගය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්වවිද්‍යාලය සුදුසුකම් ලබා සිටියේය. අවසන් තරගයේ දී මොරටුව විශ්වවිද්‍යාලය තරග වට 3-2ක් ලෙස පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර කණ්ඩායම සමත් විය.

A කාණ්ඩය

මොරටුව, රුහුණ හා වයඹ විශ්වවිද්‍යාල මෙම කාණ්ඩයට ඇතුලත්ව තිබුණි. මොරටුව විශ්වවිද්‍යාලය අපරාජිතව කාණ්ඩ වටය නිමා කිරීමට සමත් වූයේ වයඹ විශ්වවිද්‍යාලය තරග වට 3-1ක් ලෙස ද, රුහුණ විශ්වවිද්‍යාලය තරග වට 3-0ක් ලෙස ද පරාජය කරමිනි.

එම කාණ්ඩයේ දෙවන ස්ථානය ලබා ගනිමින් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට රුහුණ විශ්වවිද්‍යාලය සමත් වූයේ තරගවට 3-0ක් ලෙස වයඹ විශ්වවිද්‍යාලය පරාජය කරමිනි.

B කාණ්ඩය

ශ්‍රී ජයවර්ධනපුර, කැළණිය හා ඌව විශ්වවිද්‍යාලය ඇතුලත් වූ මෙම කාණ්ඩයේ පළමු හා දෙවන ස්ථාන ලබා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර හා කැළණිය විශ්වවිද්‍යාල සමත් විය. ජයවර්ධනපුර කණ්ඩායම තමන් මුහුණ දුන් තරග දෙකම තරග වට 3-0ක් ලෙස ජයග්‍රහණය කළ අතර කැළණිය කණ්ඩායම විසින් ඌව කණ්ඩායම තරග වට 3-1ක් ලෙස පරාජය කිරීමට සමත් විය.

C කාණ්ඩය

රජරට විශ්වවිද්‍යාලය මෙම කාණ්ඩයේ පෙරමුණ ලබා ගත්තේ තම තරග තුනම ජයග්‍රහණය කරමිනි. ඔවුන් කොළඹ විශ්වවිද්‍යාලය තරග වට 3-1ක් ලෙස ද, යාපනය විශ්වවිද්‍යාලය තරග වට 3-0ක් ලෙස ද, සබරගමුව විශ්වවිද්‍යාලය තරග වට 3-1ක් ලෙස ද පරාජය කළේය. කොළඹ විශ්වවිද්‍යාලය යාපනය හා සබරගමුව පරාජය කරමින් කාණ්ඩයේ දෙවන ස්ථානය ලබා ගැනීමට සමත් විය.

D කාණ්ඩය

පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා අග්නිදිග විශ්වවිද්‍යාලය මෙම කාණ්ඩය නියෝජනය කරමින් අර්ධ අවසන් පූර්ව වටය සඳහා පිවිසි අතර ඒ අතරින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය අපරාජිතව පළමු වටය නිමා කළේය.

ඔවුන් අග්නිදිග, නැගෙනහිර හා සෞන්දර්ය විශ්වවිද්‍යාල තරග වට 3-0ක් ලෙස පරාජය කිරීමට සමත් විය. අග්නිදිග විශ්වවිද්‍යාලය නැගෙනහිර විශ්වවිද්‍යාලය හා සෞන්දර්ය විශ්වවිද්‍යාලය තරග වට 3-0ක් ලෙස පරාජය කිරීමට සමත් විය.

මෙවන් ඉඳුරුවගෙන් නව වාර්තා පහක්; වැඩිම පදක්කම් ජ’පුරට

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ පිහිනුම් තරග අද (29) කොටවිල ක්‍රීඩා සංකීර්ණයේ දී නිමා…

අර්ධ අවසන් පූර්ව වටය

මූලික වටයේ එක් එක් කාණ්ඩ නියෝජනය කරමින් මොරටුව, රුහුණ, ශ්‍රී ජයවර්ධනපුර, කැළණිය, කොළඹ, රජරට, පේරාදෙණිය හා අග්නිදිග විශ්වවිද්‍යාල අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගෙන තිබුණි.

අවසන් පූර්ව වටයේ දී පේරාදෙණිය කණ්ඩායම හමුවේ කැළණිය කණ්ඩායම ද, රජරට කණ්ඩායම හමුවේ රුහුණ කණ්ඩායම ද, ශ්‍රී ජයවර්ධනපුර කණ්ඩායම හමුවේ අග්නිදිග කණ්ඩායම ද, මොරටුව කණ්ඩායම හමුවේ කොළඹ කණ්ඩායම ද පරාජය විය.

අවසන් පූර්ව වටය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා රජරට විශ්වවිද්‍යාලය අතර තරගයේ ජයග්‍රහණය ජයවර්ධනපුර කණ්ඩායම සතු වූයේ තරග වට 3-2ක් ලෙසිනි. මොරටුව කණ්ඩායම තරග වට 3-1ක් ලෙස පේරාදෙණිය කණ්ඩායම පරාජය කිරීමට සමත් විය.

අවසන් තරගයේ දී මොරටුව කණ්ඩායම තරග වට 3-2ක් ලෙස පරාජය කරමින් පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර කණ්ඩායම සමත් විය.

කාන්තා තරගාවලිය

A කාණ්ඩය

ශ්‍රී ජයවර්ධනපුර, යාපනය හා ඌව කණ්ඩායම් මෙම කාණ්ඩය යටතේ ක්‍රීඩා කළ අතර යාපනය හා ඌව කණ්ඩායම් දෙකම පරාජය කරමින් කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර කණ්ඩායම සමත් විය. යාපනය කණ්ඩායම විසින් ඌව කණ්ඩායම පරාජය කල අතර ඔවුන් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

B කාණ්ඩය

කොළඹ කණ්ඩායම මෙම කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වූයේ කාණ්ඩයේ අනෙකුත් කණ්ඩායම් වූ නැගෙනහිර කණ්ඩායම හා සබරගමුව කණ්ඩායම් තරග වට 3-0ක් ලෙස හා තරග වට 3-1ක් ලෙස පරාජය කරමිනි.

අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සබරගමුව කණ්ඩායම සමත් වූයේ තරග වට 3-0ක් ලෙස නැගෙනහිර කණ්ඩායම පරාජය කරමිනි.

C කාණ්ඩය

මෙම කාණ්ඩයේ මුල් ස්ථාන දෙක සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා වයඹ විශ්වවිද්‍යාලය අතර ප්‍රබල සටනක් පැවති අතර එම කණ්ඩායම් දෙක අතර තරගය තරග වට 3-1ක් ලෙස ජයග්‍රහණය කළ වයඹ කණ්ඩායම කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් විය.

ඔවුන් සෞන්දර්ය විශ්වවිද්‍යාලය හා අග්නිදිග විශ්වවිද්‍යාලය පරාජය කළේ තරග වට 3-0ක් ලෙසිනි. පේරාදෙණිය විශ්වවිද්‍යාලය ද එම කණ්ඩායම් දෙක තරග වට 3-0ක් ලෙස පරාජය කළේය.

D කාණ්ඩය

රුහුණ විශ්වවිද්‍යාලය, කැළණිය විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය හා රජරට විශ්වවිද්‍යාලය ඇතුලත් වූ මෙම කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වූයේ කැළණිය කණ්ඩායමයි.

 ඔවුන් රුහුණ විශ්වවිද්‍යාලය තර ගවට 3-1ක් ලෙස ද, මොරටුව විශ්වවිද්‍යාලය තරග වට 3-1ක් ලෙස ද, රජරට විශ්වවිද්‍යාලය තරග වට 3-0ක් ලෙස ද පරාජය කළේය. රුහුණ කණ්ඩායම තරග දෙකක් ජයග්‍රහණය කරමින් කාණ්ඩයේ දෙවන ස්ථානය ලබාගෙන සිටියේය.

ඔරු පැදීමේ ශූරතාවය කොළඹට හා මොරටුවට

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ ඔරු පැදීමේ තරග අද (24) කොළඹ ඔරු…

අර්ධ අවසන් පූර්ව වටය

අර්ධ අවසන් පූර්ව වටයේ දී සබරගමුව, යාපනය, රුහුණ හා පේරාදෙණිය විශ්වවිද්‍යාල පරාජය කිරීමට කැළණිය, වයඹ, කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සමත් විය.

අවසන් පූර්ව වටයේ දී වයඹ කණ්ඩායම තරග වට 3-1ක් ලෙස පරාජය කළ කොළඹ විශ්වවිද්‍යාලය හා කැළණිය විශ්වවිද්‍යාලය තරග වට 3-1ක් ලෙස පරාජය කළ ශ්‍රී ජයවර්ධනපුර කණ්ඩායම අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

කොළඹ විශ්වවිද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර පැවති අවසන් තරගයේ දී ශ්‍රී ජයවර්ධනපුර කණ්ඩායම තරග වට 3-0ක් ලෙස කොළඹ කණ්ඩායම පරාජය කරමින් ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

අවසන් ශ්‍රේණිගත කිරීම්

ස්ථානය පිරිමි කාන්තා
1 ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ජයවර්ධනපුර
2 මොරටුව කොළඹ
3 රජරට කැළණිය
4 පේරාදෙණිය වයඹ

 

තරගාවලියේ සම්පූර්ණ ලකුණු සටහන 

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<