ඉන්දීය යෞවනයෝ වේලාසනින්ම තරගය අවසන් කරති

317

කොළඹ එන්. සී. සී. පිටියේ දී නිමා වූ ඉන්දු – ශ්‍රී ලංකා පළමු යොවුන් සිව්දින ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 21ක පහසු ජයක් ලබා ගැනීමට සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ අද (20) සමත් වූයේ සිව්දින තරග දෙකකින් යුත් තරගාවලියේ 1-0ක් සේ පෙරමුණ ගනිමිනි.

ඉන්දීය යෞවනයන් හමුවේ නිශාන් මධුශ්ක ගැලවුම්කාරී ඉනිමක

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවැත්වෙන ඉන්දු – ශ්‍රී ලංකා පළමු යොවුන් සිව්දින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය…

දිනය තුළ යැවිය යුතු පන්දුවාර 90න් 35 වැනි පන්දුවාරයේ දී තරගය නිමා කළ ඉන්දීය යෞවනයෝ  තරගයෙන් තුනෙන් දෙකක කාලයක් විවේකීව සිටීමට ලබා ගත්හ.

තරගයේ සිව්වැනි සහ අවසාන දිනය ක්‍රියාත්මක වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉනිමක පරාජයෙන් ගැලවීමට තවත් ලකුණු 168ක් ලබා ගත යුතු වූව ද ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 147ක් පමණි.  ඒ වෙනුවෙන් ඔවුන් කඩුලු 7ක් බිළි දුන්හ.

ලකුණු 345ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමට ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 324ක් පමණි. පළමු ඉනිම වෙනුවෙන් ඔවුන් ලකුණු 244ක් ලබා ගත් අතර ඉන්දීය ක්‍රීඩකයෝ පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 589ක් ලබා ගත්හ.

තරගයේ අවසන් දිනය උදා වූයේ නුවනිඳු ප්‍රනාන්දු සහ පසිඳු සූරියබණ්ඩාර කඩුල්ලේ රැඳී සිටිය දී ය. ඒ වෙද්දී ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3ක් දැවී ලකුණු 177ක් ලෙසිනි. නුවනිඳු සහ පසිඳු සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 67ක් ලබා ගත්හ.

ඔවුන්ගේ කඩුලු සබඳතාව නිමා වූයේ පසිඳුගේ දැවී යෑමත් සමඟිනි. පසිඳු පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තේ ය. පසිඳුගේ දැවී යෑමෙන් අනතුරුව සඳුන් මෙන්ඩිස් පිටියට පිවිසියේ ය.

කරුණාරත්න – ගුණතිලක ශතක සබඳතාවයකට මාන බලයි

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ආරම්භ කරමින් අද (20) ආරම්භ වූ ටෙස්ට් ක්‍රිකට් තරගයේ දිවා ආහාරය සඳහා තරගය…

නුවනිඳු සහ සඳුන් අතර 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 70ක සබඳතාවක් එක් වෙද්දී නුවනිඳු ද තම කඩුල්ල පුද කළේය. ඒ වෙද්දී ඔහු පන්දු 134කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 78ක් ලබා සිටියේ ය. සඳුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 37ක් පමණි. ඔහුගේ ඉනිම පන්දු 47කින් සමන්විත වූ අතර හතරේ පහර 7ක් ඊට ඇතුලත්ව තිබුණි.   

ඉන් අනතුරුව කල්හාර සේනාරත්න පිටියට පිවිසිය ද පන්දු යැවීමෙන් යමක් කළා විනා පන්දුවට පහර දීමෙන් ඔහුට යමක් කර ගත නොහැකි විය. ඔහු නම ඉදිරියෙන් ලකුණු 3ක් එකතු වෙද්දී ශ්‍රී ලංකා ඉනිමේ 7 වැනි කඩුල්ල ද දැවී ගියේය. ඒ වෙද්දී ශ්‍රී ලංකාව ඉදිරියේ සටහන්ව තිබුණේ ලකුණු 302කි.

අනතුරුව පිටියට පිවිසි නිපුන් මාලිංග පන්දු 35ක දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්ත ද අනෙකුත් කිසිවෙක්ට ලකුණු 10 සීමාව ආසන්නයට හෝ පැමිණීමට ඉඩ ලැබුණේ නැත. ශෂික දුල්ශාන් (05) සහ කලණ පෙරේරා (01*) ගේ ඉනිම් අඩු ලකුණු ප්‍රමාණයකට සීමා වෙද්දී, ආබාධිත තත්ත්වයක් හේතුවෙන් දුලිත් වෙල්ලාලගේ  පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ නැත.

කඩුලු ලබා ගැනීමේ දී මොහිට් ජන්ග්‍රා ලකුණු 72කට කඩුලු 5ක් දවා ගනිමින් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ප්‍රමුඛ විරුද්ධවාදියා විය. පිතිකරණයේ දී දැවැන්ත ඉනිමක් ගොඩනැගූ අයුෂ් බදෝනි ලකුණු 57කට කඩුලු 2ක් දවා ගත්තේය.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි සහ අවසාන සිව්දින ක්‍රිකට් තරගය මේ මස 24 වැනිදා සිට හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත ය.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 244 (70.3) පසිඳු සූරියබණ්ඩාර 69, නිශාන් මධුෂ්ක 39, සඳුන් මෙන්ඩිස් 39, අයුෂ් බදෝනි 4/24, හර්ෂ් ත්‍යාගි 4/92

ඉන්දීය වයස අවුරුදු 19න් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 589 (134.5)  අදර්වා ටයිඩේ 113, අන්ජු රාවට් 63, දේව්දූත් පඩික්කාල් 25, පවන් ෂා 38, යෂ් රාතෝද් 34, නීල්වේඩ්ර් 82, අයුෂ් බදෝනි නොදැවී 185, මොහිට් ජන්ග්‍රා 22, කලණ පෙරේරා 2/107, කල්හාර සේනාරත්න 6/170

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී දැවී 324 (95.2) නිශාන් මධුශ්ක 104, නිපුන් ධනංජය 20, නුවනිඳු ප්‍රනාන්දු 78, පසිඳු සූරියබණ්ඩාර 36, නිපුන් මාලිංග 23, මොහිට් ජන්ග්‍රා 5/72, අයුෂ් බදෝනි 2/57

ඉන්දු – ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ සියලුම තරග පන්දුවෙන් පන්දුව ඔබ වෙත සජීවිකරණය කිරීමට අප සූදානමින් සිටින අතර සියලුම තරග ඩයලොග් TV නාලිකා අංක 1 හා ThePapare.com වෙබ් අඩවිය හරහා විකාශය කරනු ඇත. සියලුම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<