සිංහ පුතුන්ගේ බොඳ ව ගිය ලෝක කුසලාන සිහිනය

365
SL U19 vs IND U19 Semi Final Match

ඉන්දියාවේ ඩකා නුවර දි පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති අවසන් පුර්ව තරඟයේදි ඉන්දියාවට ලකුණු 97ක දැවැන්ත ජයක් හිමිවිය.

 ඡායාරෑප ඇල්බමය සඳහා පිවිසෙන්න 

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දිම සඳහා ඉන්දියාවට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුළු 09ක් දැවි ලකුණු 267ක් රැස් කළේය. එහිදි විශිෂ්ට ඉණිමක් ක්‍රීඩා කළ ඒ. සිංග් පන්දු 92කදි අගනා ලකුණු 72ක් රැස් කළේය. ඔහුගේ ඉණිමට හතරේ පහර 06ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. ඔහු සමගින් එක් වු එස්.එන් ඛාන් 02වන කඩුල්ල සදහා ලකුණු 100 සබදතාවක්  ගොඩනැගු අතර එස්.එන් ඛාන් ලකුණු 59ක් රැස් කළේය. ඩබ්ලිව්.සුන්දර් ලකුණු 43ක් රැස් කළ අතර ඒ. ජේෆර් ලකුණු 29යි. පන්දු යැවිමේදි ඒ.එම් ප්‍රනාන්දු ලකුණු 43කට කඩුළු 04ක් දවාගත් අතර සි.එස් කුමාර සහ එස්. නිමේෂ් අතරේ කඩුළු 02ක බැගින් බෙදි ගියේය.

SL U19 vs IND U19 Semi Final Matchපිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 42 ගෝල 4ක් අවසානයේ සියළු දෙනා දැවි රැස් කර ගත හැකි වුයේ ලකුණු 170ක් පමණි. ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වු කේ.ඩි මෙන්ඩිස් ලකුණු 39ක් රැස් කළ අතර ඔහුගේ ඉණිම හතරේ පහර 04කින් වර්ණවත් විය. හුදකළා සටනක නිරත වු සම්මු අශාන් හතරේ පහර හතරක් සමගින් ලකුණු 38ක් රැස් කළේය. ඩි. සිල්වා ලකුණු 28ක් රැස් කළ අතර ඩි.එන් සිල්වා ලකුණු 24යි. අන් එකදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සිමාව ඉක්මවිමට ඉන්දීය පන්දුයවන්නන් ඉඩ නොතැබුහ. පන්දු යැවිමේදි එම්.ජේ. ඩාගිර් ලකුණු 21කට කඩුළු 03ක් බිදහෙළු අතර අවිශ් ඛාන් කඩුළු 02ක් බිදහෙලිය. කේ.කේ අහමඩ් බත්රම් හා සුන්දර්  අතරේ එක් කඩුල්ල බැගින් බෙදිගියේය.