Home Sinhala ශ්‍රී ලංකා පොඩ්ඩන්ට පළමු තරගයේ දී වැඩි ගෞරව

ශ්‍රී ලංකා පොඩ්ඩන්ට පළමු තරගයේ දී වැඩි ගෞරව

90

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුණු පළමු නිල නොවන සිව්දින තරගය අද (29) බරිසාල් හිදී ජය පරාජයෙන් තොරව නිමා විය.

ශ්‍රී ලංකා හදවත පසාරු කළ කැන්ගරු හිතුවක්කාරයා

1992 අගෝස්තු මස දිනෙක සිංහල සමාජ පිටියේ දී ක්‍රිකට් ලෝකයට නව තාරකාවක් බිහි විය. ඒ වන තෙක් ක්‍රිකට් ක්‍රීඩාවේ………………

මෙම තරගය පසුගිය 26 වැනිදා ආරම්භ වූවත් තරගයේ පළමු දින දෙකම වර්ෂාවෙන් එල්ල වූ බාධා හමුවේ අත්හැර දැමීමට විනිසුරුවරුන්ට සිදු විය. තෙවැනි දිනයේ ආරම්භයට ද වර්ෂාවෙන් බාධා එල්ල වූ නමුත් දිවා ආහාරයෙන් පසුව තරගය ආරම්භ කිරීමට අවස්ථාව උදා වූවත් එදින ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 36ක් පමණි. 

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක නිපුන් ධනංජය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර සිව්වැනි හා අවසන් දිනය ආරම්භ වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 155ක් ලබාගෙන සිටියේය.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ චමිඳු වික්‍රමසිංහ හා තවීෂ අභිෂේක්ගේ සබඳතාවයට ඉනිමේ පළමු පන්දු 11 තුල නැවතීමේ තිත තැබීමට දකුණතින් මද වේගපන්දු යවන අසාදුල්ලා ගලීබ් සමත් වූවත්, වික්‍රමසිංහ සමඟ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ රවිඳු ද සිල්වා ලකුණු 66ක සවිමත් සබඳතාවයක් ගොඩනැගීමට සමත් විය. 

හොඳ ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින් පන්දුවට පහර දුන් වික්‍රමසිංහ පන්දු 51ක දී ලකුණු 45ක් ලබාගෙන සිටිය දී දෙවන කඩුල්ල ලෙස දැවී ගියේය. එම කඩුල්ල ද හිමි වූයේ අසාදුල්ලා ගලීබ් වෙතයි.

අනතුරුව පිටියට පිවිසි සොනාල් දිනූෂ හා එක්වූ රවිඳු තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු රැස් කළ ද එම සම්බන්ධතාවය නෝමන් චෞද්‍රි විසින් බිඳ දැමුවේ ලකුණු 18ක් එක්ව තිබිය දී ය. දැවී යන විට රවිඳු පන්දු 54කට මුහුණ දී ලකුණු 21ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතත් පාකිස්තානයට?

මේ වසර අවසානයේ ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවට සමගාමීව පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරග…………

ශ්‍රී ලංකා මුල් ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 92ක් තුල බිඳ වැටුණු මොහොතේ මැදපෙළ සවිමත් කිරීමේ වගකීම භාර ගත් නායක ධනංජය හා සොනල් දිනූෂ සත්කාරකයින්ගේ සියලු උපක්‍රම හා පන්දු යැවීමේ රටාවන් හඳුනා ගනිමින් දක්ෂ ලෙස පන්දුවට පහරදෙන ලදි. 

දිනූෂ හා ධනංජය දෙදෙනාම අර්ධ ශතක වාර්තා කරගනිමින් දස්කම් දක්වද්දී නායකත්වයේ පිතිකරණයක නිරත වූ ධනංජය 4 පහර 6ක් හා 6 පහර 3ක් එල්ල කරමින් ලකුණු 67ක් වාර්තා කර ගන්නා විට අනෙක් අන්තයෙන් ඔහුට සහය වූ දිනූෂ ලකුණු 58ක් වාර්තා කරගත්තේය. එම ඉනිමට 4 පහර 7ක් හා එක් 6 පහරක් ඇතුළත් විය.

ඔවුන් දෙදෙනා දැවී යන විටත් තරගය තුල පැහැදිලි වාසියක් ශ්‍රී ලංකාව විසින් හිමිකරගෙන තිබූ අතර ලැබුණු අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගත් පසුපෙළ පිතිකරුවන් ද හොඳින් දස්කම් දැක්විය. එහි දී අවිශ්ක ලක්ෂාන් හා වමතින් පිතිකරණයේ නිරත වන දුනිත් වෙල්ලාලගේ පිළිවෙළින් ලකුණු 46ක් හා ලකුණු 50ක් රැස් කළහ. 

අවසානයේ පන්දුවාර 84කුත් පන්දු 3ක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 331ක් ලබා ගනිමින් ඉනිම අත්හිට වූයේ බංග්ලාදේශය සඳහා පැහැදිලි අභියෝගයක් ලබා දෙමිනි. පන්දු යැවීමේ දී අශ්රෆුල් ඉස්ලාම් කඩුලු 3ක් දවා ගන්නා ලදි.

පිටියට පැමිණි බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් දෙදෙනාට සාර්ථකව තරගයට අවතීර්ණ වීමට නොහැකි වූයේ වමතින් වේගපන්දු යවන ඩිල්ශාන් මදුසංක විසින් පැන්ට්‍රික් නබිල් ලකුණු නොලබාම දැවී ගැනීම නිසාවෙනි. 

පාසල් 16කට SLCයෙන් තෑග්ගක්

පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන ඒම සඳහා අවශ්‍ය මූලික යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙළ…………

අනතුරුව පිටියට පිවිසි බංග්ලාදේශ මුල්පෙළ පිතිකරුවන් සෙමින් සීරුවේ තරගයේ පාලනය ඔවුන්ගේ දෙසට හරවා ගැනීමට වෑයම් කළත්, ලසිත් මාලිංගගේ ඉරියව්වට සමාන ඉරියව්වක් සහිතව පැයට කිලෝමීටර 130කට ආසන්න වේගයක් සහිතව පන්දු යවන මතීෂ පතිරණගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඔවුන්ගේ සැලසුම් සියල්ල ව්‍යර්ථ වී ගියේය. 

කෙසේ නමුත් ඉවසිලිවන්ත ලෙස පන්දුවට පහර දුන් අල්වි හක් 4 පහර 7ක් හා 6 පහරක් එල්ල කරමින් ලකුණු 54ක් වාර්තා කරගෙන ඔවුන්ගේ කණ්ඩායම යම් ගෞරවාන්විත මට්ටමක් දක්වා රැගෙන එන ලදි.

තරගයේ සිව්වැනි හා අවසන් දිනය නිමා වන විට බංග්ලාදේශය කඩුලු 6ක් දැවී ලකුණු 142ක් ලබා ගත් අතර තරගය ජය පරාජයෙන් තොරව නිමා වූවත් වර්ෂාවට අත්හැර දැමූ කාලය තුල ද තරගය පැවැත්වීමට හැකි වූවා නම් තරගය ප්‍රතිඵලයකින් අවසන් වීමට ඉඩ තිබුණි. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ දකුණතින් වේගපන්දු යවන මතීෂ පතිරණ කඩුලු 3ක් දවා ගන්නා විට ඔහුට සහය වූ දඟපන්දු යවන අවිශ්ක ලක්ෂාන් කඩුලු 2ක් සඳහා හිමිකම් කීවේය.

Result


Srilanka Emerging Women Team
135/10 (34.3)

India Emerging Women Team
175/9 (50)

Batsmen R B 4s 6s SR
Yastika Bhatia st Nilakshan Sandamini b Kavisha Dilhari 18 55 1 1 32.73
Prativa Rana run out (Lihini Apsara) 6 8 1 0 75.00
Nuzhat Parween lbw b Madushika Methtananda 6 24 1 0 25.00
Devika Vaidya c Imalka Mendis b Kavisha Dilhari 6 22 0 0 27.27
Tejal Hasabnis c Hasini Perera b Kavisha Dilhari 5 6 1 0 83.33
Minnu Mani c Nilakshan Sandamini b Sachini Nisansala 2 18 0 0 11.11
Tanusree Sarkar c Hasini Perera b Umesha Thimashini 47 75 4 0 62.67
Sushree Dibyadarshani lbw b Sachini Nisansala 14 26 2 0 53.85
Simarn Bahadur c Kavisha Dilhari b Sathya Sandeepani 34 51 3 1 66.67
Manali Dakshini not out 18 17 1 0 105.88
Tanuja Kanwar not out 0 0 0 0 0.00


Extras 19 (b 5 , lb 6 , nb 2, w 6, pen 0)
Total 175/9 (50 Overs, RR: 3.5)
Fall of Wickets 1-14 (4.2) Prativa Rana, 2-33 (11.6) Nuzhat Parween, 3-47 (16.2) Yastika Bhatia, 4-54 (18.5) Devika Vaidya, 5-54 (18.6) Tejal Hasabnis, 6-63 (24.4) Minnu Mani, 7-90 (30.6) Sushree Dibyadarshani, 8-140 (44.4) Tanusree Sarkar, 9-173 (49.5) Simarn Bahadur,

Bowling O M R W Econ
Tharika Sewwandi 6 1 26 0 4.33
Madushika Methtananda 9 2 18 1 2.00
Kavisha Dilhari 10 2 27 3 2.70
Sathya Sandeepani 9 2 36 1 4.00
Sachini Nisansala 9 0 26 2 2.89
Umesha Thimashini 7 0 31 1 4.43


Batsmen R B 4s 6s SR
Hasini Perera run out (Simarn Bahadur) 1 8 0 0 12.50
Imalka Mendis lbw b Tanuja Kanwar 11 9 2 0 122.22
Harshitha Madavi lbw b Devika Vaidya 39 64 3 0 60.94
Sathya Sandeepani lbw b Tanuja Kanwar 4 11 0 0 36.36
Umesha Thimashini b Devika Vaidya 3 15 0 0 20.00
Kavisha Dilhari st Nuzhat Parween b Devika Vaidya 6 13 1 0 46.15
Lihini Apsara c Nuzhat Parween b Devika Vaidya 22 40 2 0 55.00
Madushika Methtananda b Tanuja Kanwar 25 29 3 0 86.21
Nilakshan Sandamini lbw b Tanuja Kanwar 2 5 0 0 40.00
Tharika Sewwandi st Nuzhat Parween b Sushree Dibyadarshani 6 9 0 0 66.67
Sachini Nisansala not out 3 3 0 0 100.00


Extras 13 (b 2 , lb 2 , nb 0, w 9, pen 0)
Total 135/10 (34.3 Overs, RR: 3.91)
Fall of Wickets 1-5 (1.4) Hasini Perera, 2-22 (3.1) Imalka Mendis, 3-28 (5.5) Sathya Sandeepani, 4-34 (9.5) Umesha Thimashini, 5-43 (13.2) Kavisha Dilhari, 6-91 (24.4) Lihini Apsara, 7-113 (30.2) Harshitha Madavi, 8-120 (31.5) Nilakshan Sandamini, 9-127 (33.1) Madushika Methtananda, 10-135 (34.3) Tharika Sewwandi,

Bowling O M R W Econ
Manali Dakshini 6 0 25 0 4.17
Tanusree Sarkar 7 0 26 0 3.71
Tanuja Kanwar 7 1 15 4 2.14
Devika Vaidya 7 0 29 4 4.14
Sushree Dibyadarshani 6.3 0 25 1 3.97
Simarn Bahadur 1 0 11 0 11.00



නිල නොවන සිව්දින තරග දෙකකින් හා එක්දින තරග පහකින් සමන්විත මෙම තරගාවලියේ දෙවන සහ අවසන් සිව්දින තරගය නොවැම්බර් 2 වැනිදා සිට 5 වැනිදා දක්වා කුල්නා හිදී පැවැත්වේ. 

තරගාවලියේ සියලුම උණුසුම් තතු, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<