බෝයගොඩ තරගවලට නොදැම්ම හේතුව ලැබ්රෝයි පැහැදිලි කරයි

836

12 වන වරටත් පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමත් විය. තරගාවලියෙන් පසුව ඔවුන් අද (30) දිවයිනට පැමිණි අතර පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී මාධ්‍ය සාකච්ඡාවක් සඳහා ඔවුන් සහභාගී වූහ.

[rev_slider LOLC]

චමීර සහ අකිලට IPL වරම්; මාලිංග ඉවතට

2018 අයි. පී. එල්. තරගය සඳහා ක්‍රීඩකයින් තෝරා ගත් ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (28) නිමාවට පත්විය. අදියර දෙකක් යටතේ පැවති මෙම වෙන්දේසිය ඉන්දියාවේ බැංගලෝර් නුවර දී පැවැත්විය.

ජනවාරි 13 වැනිදා සිට පෙබරවාරි 3 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ක්‍රිකට් තරගාවලිය මේ වන විටත් නවසීලන්තයේ දී පැවැත්වෙන අතර කණ්ඩායම් 16ක සහභාගීත්වයෙන් තරගාවලිය පැවැත්වේ. තරගාවලිය නිල වශයෙන් ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට පුහුණු තරග දෙකක් තිබූ නමුත් එයින් එංගලන්තය සමඟින් පැවැත්වූ තරගය වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදු විය. ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වූ තරගය ලකුණු 53කින් පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු විය.

“අපිට පුහුණු තරග දෙකක් තිබ්බා, ඉන් එක් තරගයක් පැවැත්වුණේ ලින්කොලින් වල. එහෙට දිගු කාලයක් තිස්සේ වර්ෂාව වැටිලා තිබුණේ නෑ. නමුත් අපේ අවාසනාවකට වගේ එංගලන්ත පුහුණු තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුනා.” යැයි ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන රෝයි ඩයස් මහතා පැවසීය.

එසේම වැඩිදුරටත් අදහස් දැක්වූ රෝයි ඩයස් මහතා තරගාවලියට පෙර සූදානම හා තරගාවලිය පිළිබඳව මෙසේ සිය අදහස් දැක්විය.

“අපි තරගාවලිය ආරම්භ වීමට සතියකට පමණ පෙර නවසීලන්තයට ගියේ එහේ දේශගුණික තත්වයන් සඳහා සූදානම් වීමට. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා අනෙකුත් නිලධාරි මණ්ඩලය අපිට ලොකු සහයක් ලබා දුන්නා. ඒකට මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තුතිවන්ත වෙනවා.”

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ජාතික ක්‍රිකට් කණ්ඩායමට ලැබෙන පහසුකම් හා සමාන පහසුකම් ලබාගෙන හොඳ පුහුණුවීම් සැසියකට සහභාගි වෙමින් තරගාවලිය සඳහා හොඳ පූර්ව සූදානමක් ලබාගන්නා ලදි. එසේම ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා ගැනීම පිණිස දේශීය හා විදේශීය තරගාවලි කිහිපයකටම සහභාගි වෙමින් අත්දැකීම් ලබාගත් අතර ඒ අතුරෙන් තරග බොහෝමයක් පැවැත්වූයේ නවසීලන්තය හා සමාන දේශගුණික තත්වයක් ඇති පාරිසරික තත්ව තුළයි.

ලෝක කුසලානයට පෙර ලසිත් මාලිංග සමුගනියි ද…?

2019 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කිරීමට වඩා උපදේශකයෙකු ලෙස කටයුතු කිරීම කණ්ඩායමට වැඩදායක…

“මෙම තරගාවලි ඉතිහාසය තුළ බලන කල පෙර වසරවලට වඩා මෙවර වැඩි කාලයක් ලබාගෙන පෙර සූදානම් වුනා. ඒ අතරට පල්ලෙකැලේ නේවාසික පුහුණු කඳවුරක් ද පැවැත්වුණා. ජාතික කණ්ඩායමට දෙන පහසුකම්වලට හා සමාන පහසුකම් මේ කණ්ඩායමටත් අපි ලබා දුන්නා.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈශ්ලි සිල්වා මහතා පවසන ලදි.

“අපිට මෙම තරගාවලියේ අපේක්ෂිත මට්ටමට එන්න බැරි වුනත් හොඳ දක්ෂතාවලින් සපිරුණු ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම මෙහි දී හදුනා ගන්න අපිට පුළුවන් වුනා. ඔවුන් අනාගතයේ දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරාවි.” යැයි වැඩිදුරටත් අදහස් දැක්වූ ඈශ්ලි මහතා පැවසුවේය.

අද පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී හසිත බෝයගොඩ හට තරග සියල්ලම ක්‍රීඩා කිරීමට ලබානොදීම පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටු සභාපති වන ග්‍රැහැම් ලැබ්රෝයි මහතා පවසා සිටියේ,

“බෝයගොඩ දක්ෂ ක්‍රීඩකයෙක්, නමුත් ඔහු අයර්ලන්තයට එරෙහිව සහභාගි වූ පළමු තරගයේ දී සාර්ථක වුනේ නැහැ ඒක නිසා අපි ඊළඟ තරග දෙකේ දී ඔහුව ඉවත් කරලා වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් කණ්ඩායමට ගෙනාවේ. කළණ පෙරේරා තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වීම නිසා බෝයගොඩව නැවතත් කණ්ඩායමට දැම්මා. එහි දී ඔහු හොඳින් ලකුණු අතරට පිවිසියා.”

මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් නායක  කමිඳු මෙන්ඩිස් පවසා සිටියේ,

“අයර්ලන්තය එක්ක අපි හොඳට ක්‍රීඩා කළා. ඇෆ්ගනිස්තානය එක්ක තිබ්බ තරගයේ දී  ඒගොල්ලෝ ලකුණු 284ක් වගේ ලකුණක් ලකුණු පුවරුවට දැම්මා. එය අපිට හඹා යාමට තිබුණ ඉලක්කයක් නමුත්, තරගයේ අවසන් පන්දුවාර කිහිපය තුළ නොසිතූ ලෙස තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුනා. ඒ නිසා අපි තරගය පරාජය වුනා. පාකිස්තානු තරගයේ පිතිකරුවන් යම් මට්ටමකට දුර්වල වුනා. මේ වගේ ලොකු තරගාවලියක දී අඩුපාඩු අවම ලෙස තියාගන්න ඕන.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<