ශ්‍රී ලංකා තරුණ එක්දින සංචිතය නිකුත් වේ; නායකත්වය නිපුන්ට

963

බංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමඟ හෙට (30) ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් තරග වදින 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ එක්දින  ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සුපුරුදු ලෙස වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ නිපුන් දනංජය වෙත ලබා දී තිබේ.

එංගලන්තයට අභියෝගයක් වන ශ්‍රී ලංකා සභාපතිගේ සංචිතය නම් කරයි

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එළඹෙන 6 වැනිදා ආරම්භ වේ. එම තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැත්වෙන දෙදින පුහුණු ක්‍රිකට් තරග දෙක වෙනුවෙන් සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ…

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් පැවති තරුණ ටෙස්ට්  ක්‍රිකට් තරගාවලිය තරග 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය. එහි පළමු තරගය බංග්ලාදේශය ජය ගත් අතර ශ්‍රී ලංකාව දෙවන තරගය ජයගෙන තරගාවලිය සම කිරීම ඉතාමත් සුවිශේෂී  විය.

තරගාවලියේ පළමු යොවුන් එක්දින ක්‍රිකට් තරග තුන දඹුල්ලේ දී පැවැත්වෙන අතර අවසන් එක්දින ක්‍රිකට් තරග දෙක කටුනායක දී පැවැත්වේ.

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයෙක් වන හෂාන් තිලකරත්න මහතායි. ඊට අමතරව චමින්ද වාස් මහතා වේගපන්දු පුහුණුකරු හා සහාය ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන අතර පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ක්‍රියා කරන්නේ උපුල් චන්දන මහතායි.



එසේම මේ කණ්ඩායම් දෙක අතර එක්දින ක්‍රිකට් තරග 11ක් පවත්වා තිබෙන අතර එහි දී වැඩි වාසිය හිමිකරගෙන ඇත්තේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමයි. ඒ එක්දින ක්‍රිකට් තරග 6ක් ජයග්‍රහණය කරමිනි. ශ්‍රී ලංකාව බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම හමුවේ එක්දින තරග 4ක් ජයග්‍රහණය කර තිබෙන අතර එක් තරගයක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී තිබේ.

ශ්‍රී ලංකා 19න් පහළ  එක්දින සංචිතය

නිපුන් දනංජය (නායක වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය), නවෝද් පරණවිතාන ( ගාල්ල මහින්ද විද්‍යාලය), රවිඳු ද සිල්වා (ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය), කමිල් මිශාර (කොළඹ රාජකීය විද්‍යාලය), සඳුන් මෙන්ඩිස් (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය), නවීන් ප්‍රනාන්දු (මිගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය), සොනාල් දිනූෂ (කොළඹ මහානාම විද්‍යාලය), ලක්ෂාන් ගමගේ (මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය), මොහොමඩ් ශමාස් (කොළඹ සහිරා විද්‍යාලය), අවිශ්ක තරිඳු (වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය), රවීන් ද සිල්වා (කොළඹ නාලන්දා විද්‍යාලය), මුදිත ප්‍රේමදාස (කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය), චමිඳු විජේසිංහ (කොළඹ නාලන්දා විද්‍යාලය), අශේන් ඩැනියල් (මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය), රොහාන් සංජය (කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය)

තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – ඔක්තෝබර්  30 – දඹුල්ල
  • දෙවන එක්දින තරගය –  නොවැම්බර් 1 – දඹුල්ල
  • තෙවන එක්දින තරගය –  නොවැම්බර් 3 – දඹුල්ල
  • සිව්දින තරගය –  නොවැම්බර් 6 – කටුනායක
  • පස්වන එක්දින තරගය – නොවැම්බර් 9 – කටුනායක

මේ ක්‍රිකට් තරගාවලියේ සියලුම තරග වාර්තා, සේයා රූ හා එසැණ තොරතුරු ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<