යොවුන් කණ්ඩායමේ නායකත්වය රිච්මන්ඩ් ක්‍රීඩක කමිඳුට

1032
Sri Lanka U19 squad

ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ ආසියානු යොවුන්  ක්‍රිකට් කුසලාන තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යොවුන් සංචිතය මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කරන ලදි.

දෙවන දිනයට වැස්ස හරස් වෙයි – කොදෙව්වන් ප්‍රබල ස්ථානයක

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම..

එක් පිළකට පන්දුවාර 50ක් හිමිවන මෙම ක්‍රිකට් තරගාවලිය මේ වසරේ නොවැම්බර් මස 9 වන දා සිට 20වන දා දක්වා මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී පැවැත්වෙන අතර මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය, මැලේසියාව සහ තවත් රටවල් දෙකක් සහභාගි වෙනු ඇත.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය රිච්මන්ඩ් විද්‍යාලයේ වමත් පිතිකරු කමිඳු මෙන්ඩිස් හට හිමිව ඇත. එසේම මෙම කණ්ඩායමේ උපනායකත්වය  සාන්ත ජෝසප් විද්‍යාලයේ තුන් ඉරියව් ක්‍රීඩක ජෙහාන් ඩැනියල් විසින් දරනු ඇත.

කණ්ඩායම් 8ක සහභාගිත්වය ඇතිව ගියවර පැවැත්වූ ආසියානු යොවුන් ක්‍රිකට් කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය ඇතිව පැවැත්විය. ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වූ එහි අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 34කින් පරාජය කළ කණ්ඩායම එහි ශූරතාවය ජයග්‍රහණය කරන ලදි.

අත්දැකීම් බහුල ක්‍රීඩක අශේන් බණ්ඩාර, හසිත බෝයගොඩ, නිපුන් රංසික, ප්‍රවීන් ජයවික්‍රම, ක්‍රිශාන් සංජුල හා තිසරු රශ්මික ඩිල්ශාන් නැවතත් වයස 19න් පහළ ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇත.

කමිඳු මෙන්ඩිස් රිච්මන්ඩ් ඉනිම ශක්තිමත් කරයි

අනාගත ක්‍රිකට් වීරයන් බිහි කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් පැවැත්වෙන සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ..

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙම තරගාවලියට දිවයිනෙන් පිටත්ව යාමට පෙර මහනුවර දී විශේෂ පුහුණු සැසිවාරයකට ද සහභාගි වීමට නියමිතව සිටියි.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩක රෝයි ඩයස් මහතා ක්‍රියා කරනු ලැබේ.

වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය

  • කමිඳු මෙන්ඩිස් (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය)
  • ජෙහාන් ඩැනියල් (මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය)
  • ක්‍රිශාන් සංජුල (කඳාන ද මැසනොඩ් විද්‍යාලය)
  • අශේන් බණ්ඩාර (ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය)
  • හසිත බෝයගොඩ (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය)
  • තිසරු රශ්මික ඩිල්ශාන් (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය)
  • ප්‍රවීන් ජයවික්‍රම (මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය)
  • නිපුන් රංසික (අම්බලන්ගොඩ පී. ද. එස්. කුලරත්න විද්‍යාලය)
  • ධනංජය ලක්ෂාන් (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය)
  • නිශාන් මදුසංක පෙරේරා (මොරටු මහා විද්‍යාලය)
  • නුවනිඳු ප්‍රනාන්දු (මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය)
  • නිපුන් ධනංජය (වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විද්‍යාලය)
  • රන්ධීර් රණසිංහ (කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය)
  • කළණ පෙරේරා (ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය)
  • කෙවින් කොත්තිගොඩ  (ගාල්ල මහින්ද විද්‍යාලය)

අතිරේක ක්‍රීඩකයින්

  • විශ්ව චතුරංග (මොරටුව වේල්ස් කුමර විද්‍යාලය)
  • තිලිණ ප්‍රශාන් (මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය)
  • රවිඳු සංජන (ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය)
  • හරීන් බුද්ධිල  (ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය)

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<