19න් පහළ එක්දින සංචිතය නිකුත් වේ

724

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම අද (29) නිල වශයෙන් මාධ්‍යයට නිකුත් විය.

ඉන්දීය පොඩ්ඩෝ සතුටින් තරගාවලිය නිමා කරති

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (27) නිමා වූ දෙවැනි සිව්දින ක්‍රිකට්…

අද නිකුත් වූ මේ එක්දින සංචිතය තුල ද කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලැබී ඇත්තේ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ නිපුන් ධනංජයටයි. ධනංජයට අමතරව කඩුලු රකින පිතිකරුවෙක් වන නිශාන් මධුෂ්ක ද මේ සංචිතයට ඇතුලත් කර ඇති අතර ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ වේගපන්දු යවන ක්‍රීඩක කලණ පෙරේරා ද මේ සංචිතයට ඇතුළත්. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කමිඳු මෙන්ඩිස්ගේ සොහොයුරා වන සඳුන් මෙන්ඩිස් ද මෙම ශ්‍රී ලංකා එක්දින යොවුන් සංචිතයට කැඳවා තිබීම සුවිශේෂී වේ.

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ 15 වියැති යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ද මේ සංචිතයට ඇතුළත් කර ඇති අතර මේ සංචිතයේ සිටින ළාබාලතම ක්‍රීඩකයා වන්නේ ද ඔහුයි.

කෙසේ නමුත් පසුගිය දා අවසන් වූ තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට ඉන්දීය තරුණ ක්‍රිකට් කණ්ඩායම සමත් විය. එම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයේ කල්හාර සේනාරත්න හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ පුබුදු බණ්ඩාර  එක්දින සංචිතයෙන් ඉවත් කර ඇති අතර ටෙස්ට් සංචිතයේ සිටි රාජකීය විද්‍යාලයේ කමිල් මිශාර අතිරේක ක්‍රීඩකයෙක් ලෙස නම් ක‍ර තිබේ.

එම ක්‍රීඩකයින් වෙනුවට ශ්‍රී ලංකා 19න් පහළ ටෙස්ට් සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙක්ව සිටි කොළඹ නාලන්ද විද්‍යාලයේ ලක්ෂිත රසාංජන එක්දින සංචිතයේ මූලික ක්‍රීඩකයින් 15 දෙනා අතරට ඇතුලත් කර ඇති අතර ඊට අමතරව කළුතර විද්‍යාලයේ අවිශ්ක ලක්ෂාන් හා  ත්‍රිත්ව විද්‍යාලයේ වේගපන්දු යවන ක්‍රීඩක රුවින් පීරිස් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ මූලික සංචිතයට තෝරාගෙන තිබේ.

ශ්‍රී ලංකා 19න් පහළ එක්දින සංචිතය: නිපුන් දනංජය (නායක – වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය), නිශාන් මධුෂ්ක (මොරටු මහා විද්‍යාලය), නුවනිඳු ප්‍රනාන්දු (මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය), කලණ පෙරේරා (ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය), නිපුන් මාලිංග (ගාල්ල මහින්ද විද්‍යාලය), පසිඳු සූරියබණ්ඩාර (රාජකීය විද්‍යාලය කොළඹ),  නවෝද් පරණවිතාන (ගාල්ල මහින්ද විද්‍යාලය), සඳුන් මෙන්ඩිස් (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය), දුනිත් වෙල්ලාලගේ (කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය), නවෝද්‍ය විජේකුමාර් (කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය), ශසික දුල්ෂාන් (මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය), නවීන් නිර්මාල් ප්‍රනාන්දු (මිගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය), ලක්ෂිත රසාංජන (නාලන්ද විද්‍යාලය), අවිශ්ක ලක්ෂාන් (කළුතර විද්‍යාලය), රුවින් පීරිස් (ත්‍රිත්ව විද්‍යාලය)

අතිරේක ක්‍රීඩකයින්: චිහාන් කළිඳු (මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය), විජයකාන්ත් වීශ්වකාන්ති (යාපනය මධ්‍ය මහා විද්‍යාලය), කමිල් මිශාර (රාජකීය විද්‍යාලය කොළඹ), සොනාල් දිනූශ (මහානාම විද්‍යාලය), මුදිත ලක්ෂාන් (ඩී. එස්. සේනානායක විද්‍යාලය)

තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – ජූලි 30  – කොළඹ පී. සරා ඕවල්
  • දෙවන එක්දින තරගය – අගෝස්තු 2  – SSC ක්‍රීඩාංගණය
  • තෙවන එක්දින තරගය – අගෝස්තු 5 – SSC  ක්‍රීඩාංගණය
  • සිව්වන තරගය – අගෝස්තු 7 – මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටිය
  • පස්වන එක්දින තරගය – අගෝස්තු 10 – මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටිය

මේ ක්‍රිකට් තරගාවලියේ සියලුම තරග ඩයලොග් TV නාලිකා අංක 1 ඔස්සේ හා ThePapare.com වෙබ් අඩවිය හරහා සජීවීව විකාශනය කරනු ඇත. සියලුම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<